Darren Sammy Speaks Before Final Match

අද තමයි විස්සයි විස්ස ලෝක කුසලානයේ අන්තිම දවසේ. රෑ 7ට ෆයිනල් මැච් එක පටන් ගන්නවා. එංගලන්තය එක්ක කොදෙව්වන් තමයි ශූරයින්ගේ කුසලානයට ෆයිනල් එකේ තරඟ වදින්නේ.

මැච් එක දිනන හැටි ගැන විස්තර විචාරකයෝ, ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෝ වගේම තව ගොඩක් කට්ටිය ටීම් වලට උපදෙස් දෙනවා. කොහොමද සෙල්ලම් කරන්න ඕනි විදිය ගැන කතා කියනවා.


ඔය ඔක්කොම අතරේ කොදෙව් නායකයා සමී ඊයේ (2) උදේම නැගිටලා වෙනස් වැඩක් කළා. ෆෝන් එක අතට ගත්ත සැමී තමන්ගේ හිතේ තිබුණු දේවල් Live වීඩියෝ එකකින් ලෝකෙටම කීවා.

ෆයිනල් එනකම් මැච් එකට ආව ගමන ගැන වගේම තමන්ට තිබුණා බාධා ගැනත් ඔහු කියන අතරේ මීට කළින් 2012 ශ්‍රී ලංකාව පරද්දලා ලෝක ශුරයින් වුණු හැටි ගැනත් ඔහු මතක් කළා. ඒ වගේම එදා ඒ ගහපු ගැහිල්ලම ගහලා මේ පාරත් ඔවුන් ලෝක ශූරයෝ වෙනවා කියලා සැමී මේ වීඩියෝ එකින් කීවා.

මේ තමයි ඒ වීඩියෝ එක….

403 Total Views 2 Views Today