Guess Which Hollywood Star This Female Robot Is Modelled

    තාක්ෂණයේ දියුණවත් එකක නව නිර්මණ වගේම අලුත් අලුත් දේවල් හොයගන්න හුගක් අය උනන්දුයි. ඒ විදිහේ ලස්සන වැඩක් ගැන අපිට අහන්න ලැබුණා.

හොංකොංවල ඉන්න ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හොලිවුඩ් තරුවක් වගේම රොබෝ කෙනෙක් නිර්මාණය කරලා.


ස්කාලට් ජොහැන්සන්ගේ රූපයට සමානව මේ රොබෝව නිර්මාණය කරලා තියෙනවා. රිකී මා නම් වූ මේ නිර්මාණකරුවා අවුරුදු 42 ක් වයසැති පුද්ගලයෙක්.

පුංචි කාලේ ඉඳලා ඔහුට තිබුණු කැමැත්ත නිසාම මේ විදිහට නිර්මාණයක් කළා කියලයි ඔහු කියන්නේ.

මේ වැඩේට අවුරුදු එකහමාරක කාලයක් ගත වෙලා වගේම ඩොලර් 50000 ක මුදලකුත් ඒ සඳහා වැය වෙලා තියෙනවා. ඔහුගේ පළමු නිර්මණය වන මෙයට නම තියලා තියෙන්නේ ”මාක් වන්” කියලා

මේ රොබෝට කිව්වොත් ලස්සනයි කියලා ඒ විදිහටම හැගීමක් මුහුණෙන් වගේම සිනාවෙන් පෙන්වනවා. ඒ වගේම ඒකට ප්‍රතිචාර දක්වන්නත් මේ රොබෝට පුළුවන්.

667 Total Views 2 Views Today