අම්මයි තාත්තයි කියනවා මම තාම ‍පොඩියිලු – තනාශා සතරසිංහ nathasha Satharasinghe Hot...

අම්මයි තාත්තයි කියනවා මම තාම ‍පොඩියිලු – තනාශා සතරසිංහ nathasha Satharasinghe Hot Photos

635
0
SHARE
nathasha-satharasinghe-hot-photos

ලා ක්‍ෂේත්‍රයේ අංශ තුනක්ම නියෝජනය කරන ඇය මේ දිනවල ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත් චරිතයක්. නමින් රුවිනා තනාශා සතරසිංහ වන ඇයට මෙවර රිවිසරසි කතාබහට ඇරයුම් කළා.

* ඉතින් තනාශා කොහොමද?

සුපුරුදු විදිහට හොඳින් ඉන්නවා.

* තනාෂා රංගනය රූප රචනාවලට පමණක් සීමා කරලද?

එහෙම නෑ. චිත්‍රපටයකට සම්බන්ධවෙලා වැඩකරනවා. ඒ අතරතුර රූපරචනාවලට සම්බන්ධ වුණා. නිතරම ගීත රූපරචනා රූපවාහිනියේ පේන නිසා එහෙම හිතෙනවා ඇති.

* නිරූපණය කියන්නේ රංගනයට එක් සුදුසුකමක්ද?

නිරූපණය කියන්නේ හැඟීම් ප්‍රකාශ නොකළට එක් රංගන අවස්ථාවක්. නමුත් නිරූපණය රංගනයට සුදුසුකමක් වෙන්නෑ.

* රූපය තිබූ පමණින් රංගන ශිල්පිනියක් වෙන්න පහසුද?

රූපය එක් සුදුසුකමක් මිසක් පූර්ණ සුදුසුකමක් නෙමේ. ඒ හැමදේටම වඩා හැකියාව වගේම වාසනාව තියෙන්න ඕන. ලස්සන වූ පමණින් හැමෝටම දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න බෑ.

* ඔබ නිරූපණය රංගනය නිවේදනය යන අංශ තුනම නියෝජනය කරන්නේ විනෝදාංශයක් ලෙසද?

‍පොඩි කා‍ලේ ඉඳන් නිරූපණයටයි රංගනයටයි ලොකු ආසාවක් තිබුණා. ඒ ආසාව නිසා තමයි රංගනයටයි නිරූපණයටයි එකතුවෙන්නේ. ඒ හරහා ලැබුණු ජනප්‍රියත්වය නිසා තමයි නිවේදනයට ආරාධනා ලැබුණේ. තාම මගේ වෘත්තිය වෙලා නෑ. විනෝදාංශයක් විදිහට මේ දේවල් කරන්නේ.

* අද නිරූපණ ක්‍ෂේත්‍රයෙන් රංගනයට එකතුවන පිරිස ඉහළ ගිහින් නේද?

ඔව්. මම කියන්නේ අපි වගේ අලුත් අයට ක්‍ෂේත්‍රයේ තැනක් තියෙන්න ඕන කියලා. හැබැයි මේ ගැන නිවැරදිව හදාරලා එනවානම් ලොකු ගමනක් යන්න හැකියාව ලැබෙනවා.

රූපය ගැන ගැන නම් මම හරියට හිතනවා. ගොඩක් කෑම පාලනය කරනවා. ඒ වගේම ව්‍යායාම කරනවා. හොඳට වතුර බොනවා.අනවශ්‍ය විදිහට නම් විලාසිතාවලට නම් වියදම් කරන්නේ නෑ.

* තනාෂට රංගණයට ඇරයුම් ලැබෙන්නේ?

මම 2013 දෙරණ මිස් ශ්‍රී ලංකා තරගෙට ඉදිරිපත් වෙලා. දෙවැනිය වුණා ඒ හරහා තමයි රංගණයට එකතුවෙන්න ලැබුණේ.

* තනාෂගේ නංගිලත් මේ ක්‍ෂේත්‍රයට එකතුවෙන්න කැමැත්තෙන්ද ඉන්නේ?

නිරූපණය රංගනය ගැන නම් ඒ අයට ලොකු කැමැත්තක් නෑ. සංගීතයට තමයි නංගිලා කැමැත්තෙන් ඉන්නේ.

* රංගනය, නිරූපණය, නිවේදනය යන අංශ තුනෙන් ඔබ වඩාත්ම කැමැති?

රංගනයට තමයි මට වැඩියෙන්ම කැමැති. මොකද ‍පොඩි කා‍ලේ ඉඳන්ම මට ලොකු පිස්සුවක් තිබුණා. චිත්‍රපට ගැන ඒ නිසා රංගනයට ලොකු කැමැත්තක් තියෙනවා.

* මේ අංශ තුනම ඔබ නියෝජනය නොකළා නම්,

එහෙනම් මම ආයුර්වේද වෛද්‍යවරියක් වේවි. මම ඒ පැත්තෙන් අධ්‍යාපනය හදාරනවා.

* අධ්‍යාපන කටයුතු ගැන මතක් කළොත්?

මම උසස් පෙළ හැදෑරුවේ ජනාධිපති බාලිකා විද්‍යාලයෙන්. ජීව විද්‍යා අංශයෙන්. මම කැමැත්තෙන් ඉන්නේ ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්න. මේ වැඩත් එක්ක අධ්‍යාපන කටයුතු ටිකක් අතරමග නතර වෙලා තියෙන්නේ.

* කොහොමද රූපය ගැන සැලකිලිමත් වෙන්නේ.

ඒ ගැන නම් මම හරියට හිතනවා. ගොඩක් කෑම පාලනය කරනවා. ඒ වගේම ව්‍යායාම කරනවා. හොඳට වතුර බොනවා.

* විලාසිතා ගැනත් තනාශා හුඟක් උනන්දුයි නේද?

අනවශ්‍ය විදිහට නම් විලාසිතාවලට නම් වියදම් කරන්නේ නෑ. මගේ ඇඳුම් තෝරන්න උදව් කරන්නේ අම්මා.

*පවු‍ලේ විස්තර ගැන කීවොත්?

මමයි අම්මයි තාත්තයි නංගිලා තුන්දෙනයි ගෙදර ඉන්නේ.

* ඒ අයට අමතරව තනාශා ගැන හොයන්න විශේෂ කෙනෙක් ඇති නේද?

තාම එහෙම කෙනෙක් නෑ. දැනට අම්මයි තාත්තයි මම ගැන හොයලා බලනවා.

* හැමෝටම වගේ තනාශාගේ හිතේ සිහින කුමාරයෙක් ඉන්නවා ඇති?

ඔව්. මම කැමැති මාව තේරුම් අරගෙන මාව ආරක්ෂා කරන හොඳ ගතිගුණ තියෙන කඩවසම් පිරිමි ළමයෙක්ට.

* ගෙදරට විවාහ යෝජනා එනවා කියන්නේ ඇත්තද?

ඔව්. කිහිපයක් ඇවිත් තියෙන්නේ. අම්මයි තාත්තයි කියන්නේ මම තාම ‍පොඩි ළමයෙක් කියලා. ඒ නිසා යෝජනා ගැන ලොකු විශේෂයක් නෑ.

( තිළිණි මධුවන්ති )

NO COMMENTS

LEAVE A REPLY