අවුරුදු දෙකක් වයසැති දරුවාව ගිං ඔයේ ගිල්ලා මැරුවා – අම්මාගේ අනියම් සැමියා...

අවුරුදු දෙකක් වයසැති දරුවාව ගිං ඔයේ ගිල්ලා මැරුවා – අම්මාගේ අනියම් සැමියා පෝරකයට – The Death Penalty In Sri Lanka

58
0
SHARE
death-penalty-in-sri-lanka

අවුරුදු දෙකක් වයසැති දරුවාව ගිං ඔයේ ගිල්ලා මැරුවා – අම්මාගේ අනියම් සැමියා පෝරකයට – The Death Penalty In Sri Lanka

වෙන්නප්පුව රංගම්මුල්ලේදී ගිං ඔයට දමා දරු සිඟිත්තකු ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවකුට හලාවත මහාධිකරණය ඊයේ (21) මරණිය දණ්ඩනය නියම කළා.

මෙසේ මරණ දඩවම නියම වුයේ සීදුව තුම්මුල්ල වත්තේ පදිංචි දීකිරි කෑ මුදියන්සේලාගේ ඩී.මධුරං අල්විස් නමැති තරුණ එක්දරු පියෙකුටයි.

2009 ජුනි මස 17 වන දින හෝ ඊට ආසන්න දිනයක දී දිසානායක පතිරණගේ පංසිළු ප්‍රභාස්වර විරමන් නමැති වයස අවුරුදු දෙකහමාරක් වයසැති දරුවාගේ මරණය සිදු කිරිමේ චෝදනාව මත මේ නඩුව පවරා තිබුණා.

මියගිය දරුවාගේ මව සහ පියා අතර පවුල් ආරාවුලක් වු අතර එම වකවානුවේ දි ඇය කැලණිය ප්‍රදේශයේ පාසලක කළමනාකාර සහකාරවරියකව ලෙස සේවය කර තිබෙනවා.

එහිදි ලොරි රියැදුරෙකු වන විත්තිකරු මේ කාන්තාව ඇසුරු කර ඇති අතර පසුව ඇය මාරුවක් හදා ගෙන වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලකට පැමිණ තිබෙනවා.

මේ අතර මේ සිද්ධිය වු දින දිවාසුරුකුම් මධ්‍යස්ථානයේ සිටි දරුවා විත්තිකරු විසින් රැගෙන ගොස් වෙන්නප්පුව නයිනාමඩම ගිංඔයට දමා තිබි පසුව පොලිසිය විසින්සොයා ගෙන තිබු බවත් හෙළි වුණා.

විත්තිකරු තමන් නිර්දෝෂි බව ප්‍රකාශ කළත් පැමිණිල්ලේ සාක්කි මත ඔහු මේ මරණය සිදුකර ඇති බව සනාථ නිම නිසා විනිසුරුවරයා ඔහුට මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා.

NO COMMENTS

LEAVE A REPLY