ඔබත් ඔබේ බිරිද අධික ලෙස සැක කරන්නෙක්ද ?

ඔබත් ඔබේ බිරිද අධික ලෙස සැක කරන්නෙක්ද ?

112
0
SHARE
Authological Jealously
Authological Jealously

ඉතින් කොහොමද යාළුවනේ!!! අද කතා කරන්න හදන්නේ අතිශය වැදගත් මාතෘකාවක්  ගැන.ඔයාත් ඔයාගේ  බිරිදව හෝ පෙම්වතියව අධික ලෙස සැක කරන්නෙක් නම් මේ ලිපිය ඔයා අනිවා කියවන්න.ඇත්තටම කිව්වොත් මේක ඉතා දරුණු මානසික රෝග තත්වයක්.Othello syndrome නැත්තම් Authological Jealously කියලා තමයි මේ රෝගය මානසික වෛද්‍යවරුන් හදුන්වන්නේ .මේකේ තියෙන  භයානකම දේ තමයි මේක හැදුන කෙනාට  කවදාවත් හිතෙන්නේ නෑ තමුන් දරුණු මානසික රෝගයකින් පෙළෙනවා කියලා.

එකට හේතුව තමයි මේ මානසික රෝග තත්වය පිළිබද සමාජයේ තියෙන නොදැනුවත්භාවය. මේක හැදෙන්නේ ගොඩක් වෙලාවට කසාද බැදපු අයට තමයි .එත් ආදරය කරන කාලේදී උනත් මේ රෝග තත්වය මතු  වෙන්න පුළුවන්.කාන්තාවන්ට වඩා පිරිමි පාර්ශවය තමයි මේකට ගොදුරු වෙන්නේ.එහෙනම් බලන්න මෙන්න මේ රෝග ලක්ෂණ ඔයාලට තියෙනවද කියලා

තම සහකරුවා හෝ සහකාරියව  අධික ලෙස සැක කිරීම
මෙම අධික සැකය නිසාම ඇති වන පවුල් ආරවුල් වලදී  ඉතා ප්‍රචණ්ඩ කාරී ලෙස හැසිරීම
තමුන්ට එවැනි මානසික අමාරුවක් ඇති බව පිළිගැනීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම
එසේම දෙදෙනා අතර දැඩි බැදීමක් ඇති බවක්ද  දක්නට ලැබේ

සාමාන්‍යයෙන් ආදරය කරන ඕනේ කෙනෙක්ට පොඩි බයක් සැකයක් තියෙනවා තමයි තමුන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා එහෙමත් නැත්තම් බිරිද හෝ සැමියා තමුන්ට අහිමි වෙයි කියලා වෙනත් කෙනෙක් එක්ක ආදරයක පැටලිලා.එත් එක බොහොම පොඩි සැකයක් විතරයිනේ.ඒකත් ටික කාලයක් ගිහිල්ලා දෙන්නට දෙන්නා ගොඩක් විශ්වාස වෙන කොට නැති වෙලා යන බොහොම සාමාන්‍ය දෙයක්.

එත් ඔයාලා දන්නවද සමහර පෙම්වතුන්/සැමියන් ඉන්නවා තමුන්ගේ සහකාරියව පුදුම විදියට , අසාමාන්‍ය විදියට සැක කරන.ඔව් අපි නොදන්නවා උනාට අද ලංකාවේ ගොඩක් අබු සැමියෝ මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා.ගොඩාක් විවාහ මේ තම සැමියා විසින් සිදු කරන අධික සැක කිරීමේ ක්‍රියාවලිය නිසාම අන්තිමට දික්කසාදෙන්ම ඉවර වෙනවා.නැත්තම් තමා විසින් පන වගේ ආදරය කරලා විවාහ ජීවිතයට එලබුන තම සැමියා විසින් දිගින් දිගටම එල්ල කරන මේ  අභූත චෝදනා ඉවස ගන්න බරුවම වෙන කෙනෙක් ලගට ලං වෙනවා.ඊට පස්සේ ඉතින් වැඩේ හොදටම අවුල්.

සාමාන්‍යයෙන් මේ මානසික රෝගය හැදුනට පස්සේ තමුන්ගේ බිරිද ගැන මාර විදියට සැක හිතෙනවා.එක අධික සැකයක්.බිරිද රැකියාවක් කරන කෙනෙක් නම් ඇගේ office එකේ ලගින්  ඉන්න හැම පිරිමියා එක්කම තමුන්ගේ බිරිදට සම්බන්දයක් තියෙනවා කියලා හිතෙන්න ගන්නවා. වැඩට යන්නේ bus එකේ නම් bus එකේ කොන්දොස්තර එක්ක ඇය හිනා වෙනවා හරි දැක්කොත් එකත් ඔහු හිතන්නේ හරි දැන් දෙන්නා යාලුයි කියලා.වැඩට යන්නේ ට්‍රි-වීල් එකක නම් එතනත් සැමියා විසින් සැක හිතනවා driver එක්ක යාලුයි කියලා.මේ හේතුවෙන් සිය බිරිදගෙන් නිරන්තර ප්‍රශ්න කිරීම් , ඔත්තු බැලීම් , බිරිදගේ office එකේ land line numbers වලට  call කර කර සොයා බැලීම් කරනවා.

හිතන්නකෝ මේ මානසික රෝගයෙන් පෙලෙන කෙනෙක්ගේ බිරිද රැකියාවක් කරන්නේ නැතුව ගෙදර ඉන්න කෙනෙක් කියලා.මෙහෙම අවස්ථා වලදී සැමියාට හිතෙනවා කව්රුම හරි ඔහු නැති අතරේ ගෙදරට ගෙන්න ගනීවි කියලා.ඉතින් මේක නිසා ඔහු විසින් නිතර නිතර ගෙදරට call කරනවා.එක පාරටම හවස ගෙදර එනවා කියල නොදන්වාම දවල්ට එනවා.බිරිදගේ හැම චලනයක් පිලිබදව දැඩි අවධානයකින් සිටිමින් සැක කරන්න ගන්නවා.ටිකක් හරි ලසස්න ඇදුමක් ඇන්දොත් ඔන්න එදාට ප්‍රශ්න ගොඩයි.බිරිද කරන කියන හැම දේම ගැන පුදුම සැකයකින් තමයි ඉන්නේ.

විවාහ ජිවිතයට තාම එලබිලා නැති පෙම්වතෙක් නම් නිරන්තරයෙන් තම පෙම්වතියගේ  facebook account එකට ඇතුල් වෙලා ඇයගේ chat history සේරම බලනවා.ඇගේ e-mails බලනවා.පුංචි පුංචි දේවල් ගැන මහා ලොකුවට හිතලා තම පෙම්වතිය තමුන්ට ද්‍රෝහී වෙනවා කියල හිතනවා.හැබැයි ගොඩක්ම මේ ලෙඩේ හැදෙන්නේ කසාද බැන්දට පස්සේ තමයි.

තම බිරිද පිලිබදව ඇති වන අධික සැකය නිසා දෙදෙනා අතර නිතර නිතර අඩ දබර ඇති වෙන්න ගන්නවා.ඒ වගේ වෙලාවට මේ රෝග තත්වයෙන් පෙලෙන සැමියන් ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස තමයි හැසිරෙන්නේ.එත් ඔවුන් අතර දැඩි බැදීමක් තියෙනවා කියලාත් ඔවුන් දෙන්නාට  තේරෙනවා.එත් ඒ හැම දේම යට යනවා මේ නිරන්තරයෙන්ම ඇති වෙන සැක සහිත භාවය තුලින් ඇති වෙන ඉවරයක් නැති ප්‍රශ්න නිසා.අඩ දබර නිසා.ඉවස ගන්න බැරි නිග්‍රහ නිසා.

කොහොමද මේ මානසික රෝග තත්වය සනීප කර ගන්නේ ?
ඇත්තටම් මේ සදහා කරන්න තියෙන්නේ පියවර දෙකයි.පලුමු පියවර තමයි මේ ලෙඩේ තමුන්ට වැළදිලා තියෙනවා කියන එක පිලි ගන්න එක.ඒ කියන්නේ තමුන් යම් මානසික රෝග තත්වයකින් පෙළෙනවා කියන එක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව  තේරුම් ගන්න එක.දෙවන පියවර තමයි නිසි ප්‍රතිකාර ලබා ගැනීම  සදහා මානසික වෛද්‍ය වරයෙකු වෙත යොමු වීම.නිසි ප්‍රතිකාර මගින් මේ රෝග තත්වය සම්පුර්ණයෙන්ම සුව කර ගන්න පුළුවන්.

මානසික රෝග වලට  බෙහෙත් ගන්න යන්න  ගොඩක් අය කැමති නැනේ.එත් ඔයාටත් මේ othello syndrome එක තියෙනවා  නම්  තමුන්ගේ පවුලේ තමුන්ට ආදරය කරන අය ගැන හිතලාවත් බෙහෙත් ගන්න යන්න.නැත්තම් ඔයා ඔයාගේ ජීවිතය විතරක් නෙවෙයි ඔබේ බිරිදගේ හා ළමයින්ගේ ජිවිත වලත් විනාශයට වග කිව යුත්තා වේවි.

පසුව ලියමි
මේ ලිපිය ලියන වෙලාවේ විශ්ම ලෝකයාට පොඩි සින්දු කෑල්ලකුත් මතක් උනා.

මා සදට කැමති බව දැන ගෙන ඔබ සද අයින් කළා අහසින්
මා මලට කැමති බව දැන ගෙන ඔබ මල අයින් කළා නටුවෙන්

මට හිතෙන්නේ අපේ විශිෂ්ට ගායන ශිල්පිනියක් වන නන්දා මාලනී මහත්මිය ගායනා කරන මේ සින්දුව කියන්න ඇත්තෙත් අපි අද කතා කරපු Othello syndrome නැත්තම් Authological Jealously කියන මානසික රෝගයෙන් පෙළෙනු සැමියෙක්ගෙන් බැට කාපු බිරිදකගේ ආත්ම කතාව වෙන්න ඇති

NO COMMENTS

LEAVE A REPLY