කහවත්ත, කොටකෙතන කතක් අතුරුදන්වේ

කහවත්ත, කොටකෙතන කතක් අතුරුදන්වේ

379
1
SHARE
කහවත්ත, කොටකෙතන කතක් අතුරුදන්වේ gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
කහවත්ත, කොටකෙතන කතක් අතුරුදන්වේ

කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ කාන්තාවක අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ චන්ද්‍රානි ස්වර්ණලතා නමැති 39 හැවිරිදි කාන්තාවකි.

අද අලූයම 1.45 ට පමණ තමන් නිවසට පැමිණෙන විට  සිය බිරිඳ නිවසේ නොසිටි බවට අතුරුදන් වූ කාන්තාවගේ සැමියා කහවත්ත පොලීසියට පැමිණිලි කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේය.

එ් වන විට නිවසේ රැඳී සිට ඇත්තේ අතුරුදන් වූ කාන්තාව සහ ඇයගේ එක් පුත‍්‍රයෙකු පමණි.

අදාළ නිවසේ ලේ පැල්ලම් කිහිපයක්ද දක්නට ලැබුණු බවපොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසිය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ ජනතාව බියක් ඇතිකර ගත යුතු නොවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.