තවත් දැරියකට සෙබළකු ගෙන් අතවර. Another Sri Lankan soldier from raping girl

තවත් දැරියකට සෙබළකු ගෙන් අතවර. Another Sri Lankan soldier from raping girl

87
0
SHARE
Another Sri Lankan soldier from raping girl

වයස අවුරුදු 13 ක් වන බාල වයස්කාර දැරිවියක් මව්පිය බාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් දුෂණය කළ බව කියන යුධ හමුදා සෙබළෙකුව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය සඳහන් කරයි.

අතවරයට ලක්ව ඇත්තේ පුත්තලම – කුරුණෑගල පාර පදිංචිව සිටින පාසල් සිසුවියකි.

අතවරයට ලක්ව ඇති දැරිවිය පදිංචි නිවස ආසන්නයේ වාහන අළුත් වැඩියා කරන ගරාජයක් පිහිටා ඇත. එම ගරාජයෙන් වාහනයක් අළුත් වැඩියා කර ගැනීම සදහා සැකකරු පැමිණ ඇත. වාහන අළුත් වැඩියා කිරීම සදහා දින 03 ක පමණ කාලයක් ගතවී ඇත. එම කාලය තුළ සැකකරුද නිතර ගරාජයට පැමිණ ඇත. එම අවස්ථාවේදී සැකකරු දැරිවිය හදුනා ගෙන ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.

එම දැන හැදුණුම්කම මත මව්පියන්ට හොර රහසේ දැරිවිය කැදවාගෙන ගොස් ඇති සැකකාර යුධ හමුදා සෙබළා ඇය සමග දින කීපයක් ගත කර ඇත .ඉන් පසුව සැකකරු දැරිවියව හොර රහසේ ඇයගේ නිවසට ගෙනවිත් ඇරලවා අතුරුදහන්වී ඇත.

සැකකරු තමන් සමග ගත කළ කාලය තුළ දෙදෙනා අඹු – සැමි අසුරක් පැවැත්වූ බවත්, ලැගුම් ගෙන සිටියේ කුමන ප්‍රදේශයකද යන්න නොදන්නා බවත් දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.

සැකකරු පදිංචිවී සිටින්නේ කල්පිටිය – මාම්පූරිය ප්‍රදේශයේ බව පමණක් දන්නා නමුත් ඔහු සේවය කරන්නේ කුමක යුධ හමුදා කදවුරකද යන්න නොදන්නා බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.

දැරිවියගේ මව්පියන් විසින් පොලීසිය හමුවේ කරන ලද පැමිණිල්ලකින් පසුව ඇයව වෛද පරීක්ෂණයක් සදහා පුත්තලම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ දැරිවිය දුෂණයට ලක්වී ඇති බවය.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

(හිරු එෆ් එම් )

NO COMMENTS

LEAVE A REPLY