ලංකාව වටේ ගෙවල් වලට පැන්න හොරෙක්ට අනියම් බිරින්දෑවරු 11ක්

ලංකාව වටේ ගෙවල් වලට පැන්න හොරෙක්ට අනියම් බිරින්දෑවරු 11ක්

142
0
SHARE
ලංකාව වටේ ගෙවල් වලට පැන්න හොරෙක්ට අනියම් බිරින්දෑවරු 11ක්

කල්ලියේ 23ක් මාට්ටු – එක් කොල්ලයක් මෙහෙයවා ඇත්තේ ගැහැනියක්

මාස 6ක කාලයක් තුළ පළාත් 6ක මැණික් ව්‍යාපාරිකයන් ඇතුළු මුදල් යහමින් ඇති පුද්ගලයන්ගේ නිවෙස් වලට  පැන ඔවුන්ගේ දේපල කොල්ල කෑ සන්නද්ධ කල්ලියක 23 දෙනෙක් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර කොල්ලයක් මෙහෙය වූ ගැහැණියක ද සිට ඇති බවට තොරතුරු වාර්තා වේ.

අම්බලන්ගොඩ, වාද්දූව, බලංගොඩ, හොරණ, කිරිබත්ගොඩ හා ජාඇළ ගෙවල්වලට පැණ අවි පෙන්වා සල්ලි, මැණික් හා රන් අබරණ ඔවුන් පැහැරගෙන ඇතැයි ද, අම්බලන්ගොඩ  කොල්ලය මෙහෙයවා ඇත්තේ ගැහැනියක බවටද තොරතුරු වාර්තා වේ.

සන්නද්ධ කල්ලියේ සංඛ්‍යාව හය දෙනකු බවත් පරිවාර පිරිස 17ක් බවත් පොලිසිය පවසයි. 2014 මුල් හය මාසයේ දී මේ කොල්ලකෑම් කර ඇති බව ද බලංගොඩ බෝවත්තේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවස කොල්ල කෑමේ සිද්ධිය පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට පැමිණීමෙන් පසුව පරීක්ෂණ මෙවන් ද සිල්වා මහතාට බාර කළ බව ද දැනගන්නට ඇත.

එක් කොල්ලකරුවකුට අනියම් භාර්යාවන් 11 දෙනකු සිටි බව ද, කොල්ලකෑම් අවසානයේ කොල්කරුවන් ඉන්දියාවේ සති තුනක සංචාරයකට ද ගොස් ඇතැයි පොලිසිය පවසයි.

NO COMMENTS

LEAVE A REPLY