ෆෙස්බුක් බාවිතය ඉතාමත් පරිස්සමින්.ලෙඩ රැසකට අත වැනීමක්.

ෆෙස්බුක් බාවිතය ඉතාමත් පරිස්සමින්.ලෙඩ රැසකට අත වැනීමක්.

95
0
SHARE
Facebook dangerous

නිරන්තරයෙන් ෆේස්බුක් (Facebook) භාවිත කරන්නන් අතර මානසික අවපීඩන තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් පවතින බවට නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත.

අමෙරිකාවේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සමාජයීය මනෝවිද්‍යාව පිළිබඳ දර්ශන විශාරද (PhD) උපාධි අපේක්ෂකයෙකු වන Mai-Ly Steers නමැත්තෙකු මෙම පර්යේෂණය සිදු කර ඇත.

ඔහු සිය උපාධි නිබන්ධනය වෙනුවෙන් කළ එම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත්තේ, Fඅcඑබූක් භාවිත කරන්නන් සිය මිතුරන් (‍‍Facebook) සමග තමන් සංසන්දනය කිරීමට නිරන්තරයෙන් උත්සහ කරන බව ය.

එම සංසන්දනයේදී තමන්ට වඩා උසස් ජීවිත ගත කරන මිතුරන්ගේ ජීවිත දෙස බලා කලකිරීමට හෝ විශ්වාසභංගත්වයට පත් වීමක් සිදුවන බව එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.

Facebook වෙබ් අඩවිය හරහා මිතුරන් පළ කරන බොහෝ තොරතුරු සහ ඡායාරූප සිය ජීවිතය සමග සංසන්දනය කරන්නන් සමාජයට මෙන් ම තමන්ට ද වෛර කිරීමටත්, අදාළ මිතුරන් පිළිබඳව ඊර්ෂ්‍යා කිරීමටත් ඍජුව බලපාන බව පර්යේෂකයාගේ නිගමනය කර ඇත.

එහෙයින් මෙම තත්ත්වය සමාජ සමබරතාව කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බවට සමාජයීය මනෝ විද්‍යාඥයින් විශ්වාස කරයි.

NO COMMENTS

LEAVE A REPLY