සිය පස් හැවිරිදි සිඟිති දැරිවියට ලිංගික අතවර කළ නරුම පියා!!

සිය පස් හැවිරිදි සිඟිති දැරිවියට ලිංගික අතවර කළ නරුම පියා!!

156
0
SHARE
5 years asian girl abused

වයස අවුරුදු 05 ක් වන තම දියණියට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව දංකොටුව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 45 ක් වන අයෙකුවය.ඔහු ප්‍රදේශයේ උළු කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිට ඇත.

සැකකරු ඔහුගේ බිරිඳ සහ අතවරයට පත්ව ඇති දැරිවිය පදිංචිව සිට ඇත්තේ දංකොටුව ප්‍රදේශයේ පිහිටි උළු කර්මාන්ත ශාලාවක කම්කරු නිවාසකය. එම නිවසේදී සැකකරු විසින් තම දියණියට මෙම අපරාධය සිදු කර ඇති බව පොලිසිය කියයි.

පියා විසින් තමන්ට සිදු කරන ලද අපරාධය දැරිවිය විසින් තම මවට පවසා ඇත.ඉන් පසුව දැරිවියගේ මව වන 29 හැවිරිදි සැකකරුගේ බිරිඳ විසින් මේ බව පොලීසියට පවසා ඇත.

සිදු කරන ලද විමර්ශණ වලින් පසුව පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුගේ අතවරයට ලක්වූ බව කියන දැරිවියව වෛද්‍ය පරීක්ෂණයක් සදහා දංකොටුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ දැරිවිය බරපතල අපයෝජනයකට ලක්ව ඇති බවය.

සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

NO COMMENTS

LEAVE A REPLY