Amazing Beauty Secrets Of Papaya – How To Cure Pimples and Glow...

Amazing Beauty Secrets Of Papaya – How To Cure Pimples and Glow Your Skin

216
0
SHARE
Amazing Beauty Secrets Of Papaya - How To Cure Pimples and Glow Your Skin
Amazing Beauty Secrets Of Papaya - How To Cure Pimples and Glow Your Skin

  ගස්ලබු කෑවට මේ දේවල් ගැන දැනගෙන හිටියද – කුරුලෑ සුව කරමින් සම පැහැපත් කරන පැපොල් සත්කාර

 

ගස්ලබූ ගැන නොදන්නා කෙනෙක් ලංකාවේ ඉන්න නම් විදියක් නෑ. එතරමටම ගස්ලබු කියන ශාකය හැම කෙනෙකුගේම ගෙවත්තේ තියෙනවා. අපි ගොඩක් දෙනා රසවත් පළතුරක් ලෙස ආහාරයට ගන්නා ගස්ලබු යොදාගෙන අපේ රුව ලස්සන කර ගන්න පුළුවන් කියලා ඔබ දැනසිටියාද . හරි අද විශ්ම ලෝකයෙන් ඔබව දැනුවත් කරන්න යන්නේ අපේ රුව වර්ධනය කරන්න ගස්ලබු වලට ඇති හැකියාව ගැනයි.

බොහෝ රූපලාවන්‍ය ආලේපන නිෂ්පාදනය සඳහා ගස්ලබු ගසේ විවිධ කොටස් යොදාගන්නවා. වෙනත් කිසිම ශාකයකට වඩා ඔබේ මුහුණ පැහැපත් කිරීමට ගස්ලබු වලට හැකියාව තියෙනවා. ගස්ලබු කියන්නේ බීටා කැරොටින්, බලවත් එන්සයිම සහ ශාක රසායනික අඩංගු පළතුරක්. මෙම සංඝටක නිරෝගී පැහැපත් සමක් සඳහා අත්යඅවශ්යි්. ඒ වගේම ගස්ලබු වල අඩංගු Alpha hydroxy අම්ලය මගින් මුහුණේ මැරුණු සම ගලවා ඉවත්කර පැහැපත් මුහුණක් ලබාදෙනවා.
ඒ වගේම ගස්ලබු වල අඩංගු වෙන Papain කියන එන්සයිමය ඔබේ මුහුණේ ලප කැළැල් සහ ඇක්නි ඉවත්කර පැහැපත් පෙනුමක් ලබා දෙනවා. ඒ වගේම පැපොල් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක වගේම විටමින් A C සහ E නොඅඩුව ලබාගන්නත් පුළුවන්.

ඉහත සඳහන් කල පෝෂ්‍ය කොටස් අපේ සමට වැදගත් වෙන්නේ කොහොමද කියල බලමු.

විටමින් A – ඇක්නි, ලප කැළැල්, සමේ කොරල වැනි ගතිය අවම කරනවා. ඒ වගේම වයසත් සමග දුර්වල වෙන ඔබේ සමට අවශ්‍ය පෝෂණය සපයනවා.

විටමින් E – Collagen නමැති ප්‍රෝටීනය නිෂ්පාදනය වැඩිකරමින් සමෙහි නම්යශිලිභාවය සහ ස්ථාවර බව ඇතිකරනවා.

පැපෑයින් එන්සයිමය – ඔබේ මුහුණේ මැරුණු සම ඉවත් කර පැහැපත් නව සමක් ඇතිකිරීමට මෙම පැපෑයින් එන්සයිමය හේතු වෙනවා. පණු කැවිල්ල, ඇක්නි වගේ අසාත්මිකතා වලක්වාගන්නත් මෙමගින් පුළුවන්. ඒ වගේම සමේ සිනිදු සුසිනිදු භාවය ආරක්ෂා කරගන්නත් පුළුවන්.

ඇල්ෆා හයිඩ්රොක්සි (Aකචය් යහාරදංහ) අම්ලය – මැරුණු ෙසෙල ඉවත්කරමින් නව සමක් ඇති කිරීමට දායක වෙනවා.

පොටෑසියම් – වියලි සමට අවශ්‍ය තෙතමනය සැපැයීම

වැදගත් – මෙහිදී ඔබ දැනගත යුතු වැදගත් කාරණයක් වන්නේ පැපොල් වල අඩංගු එන්සයිම සහ ්කචය් යහාරදංහක අම්ලය සංවේදී සමට අහිතකර වෙන්න පුළුවන්. ඒ නිසා පැපොල් ඔබේ සමට බලපාන්නේ කොහොමද කියලා දැනගන්න ඉතා අඩු සාන්ද්‍රණය්කින් ඔබේ සමෙහි ආලේප කර බලන්න.

පැපොල් යොදාගනිමින් කුරුලෑ ඉවත් කරගැනීමේ විවිධ ක්‍රම තියෙනවා. අපි බලමු ඒ කොහොමද කියල.

01. මුලින්ම මදක් පැසුණු කොළ පාට ගස්ලබු ගෙඩියක් අරගෙන ලෙලි ගහලා බ්ලෙන්ඩර් කරලා ජලය සහ විනාකිරිත් මිශ්‍ර කරලා ආලේපයක් සකස් කර මුහුණේ ආලේප කරන්න. මෙවැනි මිශ්‍රණයකින් බැක්ටීරියා ආසාදන නිසා හටගන්න කුරුලෑ ඉවත් කරගන්න පුළුවන්.

මෙම ආලේපය තවත් බලවත් කරන්න මී පැණි සහ ලෙමන් එකතු කරගන්නත් පුළුවන්. මේ මිශ්‍රණයට මී පැණි එකතු කරගැනීමෙන් මැරුණු සම ඉවත්කර, තෙතමනය ඇති කර සිනිදු සමක් ඇතිකරගන්නත් ලෙමන් මගින් විෂබීජ ඉවත් කර මුහුණේ කුඩා සිදුරු ඉවත් කර ගැනීමටත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය.

පැපොල් ගෙඩි කාලක්,
මී පැණි මේස හැන්දක්
ලෙමන් යුෂ තේ හැඳි භාගයක්.

ඉහත ද්‍රව්‍ය එකතු කර බ්ලෙන්ඩර් කරන්න. පසුව මේ ආලේපය පිරිසුදු දෑතින් මුහුණේ ආලේප කරන්න. විනාඩි 20කට පසුව ඉතා සීතල වතුර ටිකකින් සෝදාගන්න. මෙයින් ලැඛෙන ප්‍රතිපල ඔබව පුදුම කරාවී.
පැපොල් යොදාගෙන පේෂල් එකක් දාන්නේ කොහොමද කියල දැන් අපි බලමු.

ඉදුණු පැපොල් ගෙඩි කාලක්
පිපිඤ්ඤා ගෙඩි කාලක්
කෙසෙල් ගෙඩි භාගයක්

ඉහත සඳහන් කල එළවලු සහ පළතුරු අරගෙන බ්ලෙන්ඩර් කරල මුහුණේ ආලේප කිරීමෙන් සමෙහි අවපැහැගැන්වීම්, රැළි වැටීම් සහ ඉවත් කර තෙතමනය රැකගැනීමට හැකියාව ලැඛෙනවා.

NO COMMENTS

LEAVE A REPLY