අර්ජුන කමලනාත් අශ්වයො හීලෑ කරගන්නා අපූරු ක්‍රමය | Arjuna Kamalanath Hot Gossips

අර්ජුන කමලනාත් අශ්වයො හීලෑ කරගන්නා අපූරු ක්‍රමය | Arjuna Kamalanath Hot Gossips

32
0
SHARE
arjuna-kamalanath-gossip
arjuna-kamalanath-gossip

අර්ජුන් කමලනාත් කියන්නේ දක්ෂ නළුවෙක් වගේම අධ්‍යක්ෂවරයෙක්. පසුගිය දවස්වල අර්ජුන් ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා මතක ඇති. මේ චිත්‍රපටයේ රඟපාන්න ගිහින් අර්ජුන් අපූරු සිදුවීමකට මුහුණ දුන් පුවතක් අපිට ආරංචි වුණා.

‘මේ චිත්‍රපටයේ අසුන් පිට යන්න මට සිදු වුණා.

මේ නිසා අසුන් හීලෑ කර ගැනීමත් මටම පැවැරුණා. මම මට ලබා දුන් අශ්වයාට හොඳට චොකලට් කන්න දීලා හීලෑ කර ගත්තා. සාමාන්‍යයෙන් උදේම මේකප් කළාට දර්ශන රූගත කරන විට දවල් වෙනවා. ඔන්න දර්ශනය රූ ගත කරන්න සූදානම්. මම මගේ අශ්වයා සෙව්වත් නැහැ. ඒ වෙනුවට වෙනත් අශ්වයෙක් ඉන්නවා. මොනවා කරන්න ද මම හීලෑ කර ගත් අශ්වයා ගැන ‍සොයා බැලුවා.

එවිටයි කාරණය දැන ගත්තේ. සාමාන්‍යයෙන් චිත්‍රපටය සඳහා යොදා ගන්නා අසුන් ගෙන එන්නේ ශිෆ්ට් ක්‍රමයටයි. උන් උදේ රැගෙන ආවහම සවස 2.00 ට විතර අරගෙන ගිහින් ඒ වෙනුවට අලුත් අශ්වයන් පිරිසක් දර්ශන තලයට රැගෙන එනවාලු.

දැන් ඉතින් මොනවා කරන්නද මම රූ ගත කරන්න මොහොතක් තියා චොකලට් ගොඩක් අරගෙන ගිහින් යළිත් මට ලැබුණු අලුත් අශ්වයාට කන්න දුන්නා. ඒ විදිහට හීලෑ කරගෙනයි මම චරිතය රඟපෑවේ.

(ලක්බිම පුවත්පත ඇසුරෙනs)

NO COMMENTS

LEAVE A REPLY