ජීවමාන බාබි පෙම්වතා පිළිකාවකින් මියයයි – Babi boyfriend living with cancer dies

ජීවමාන බාබි පෙම්වතා පිළිකාවකින් මියයයි – Babi boyfriend living with cancer dies

626
0
SHARE
Babi boyfriend living with cancer dies

බාබි බෝනික්කන්ගේ ජීවමාන පෙම්වතා ‘කෙන්’ ලෙසින් අනුවර්තනය වීමට සැත්කම් කළ බ‍්‍රසීල ජාතික තරුණයකු පිළිකාවකින් මියගොස් තිබේ.

සෙල්සෝ සැන්ටබේස් නම් 20 හැවිරිදි මෙම තරුණයා කෙන් මෙන් ස්වරූපය ලබාගැනීමට ඇමෙරිකානු ඩොලර් 50,000ක් වැයකොට ප්ලාස්ටික් සැත්කම් සිදුකර ඇත.

ඔහු මෙලෙස තම ස්වරූපය වෙනස් කරගැනීමට කටයුතු කර ඇත්තේ වයස 16 දී නිරූපණ තරගයකින් ජයග‍්‍රහණය කිරීමෙන් පසුවයි.

නකට, නාසය හා පපුව ප‍්‍රදේශයන්හි ප්ලාස්ටික් සැත්කම් 4කට සහභාගි වී සිටින ඔහු පසුගිය වසරේ ලියුකේමියා රෝගය වැළඳී තිබිණ.

පසුගිය මැයි 26 වැනිදා ඔහු රෝහල්ගත කෙරුණේ නිව්මෝනියාව රෝගය වැළඳීම නිසයි.

එහිදී සිදුකළ පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ ඔහු වසර 4ක සිට පිළිකා රෝගී තත්ත්වයක් සිරුර තුළ පැතිරෙමින් තිබූ බවයි.

ඊට හේතුවී ඇත්තේ අසනීපයක් සඳහා ලබාදුන් ඖෂධ ප්ලාස්ටික් සැත්කම් සඳහා යොදාගත් ඖෂධ සමඟ ආසාධනයට ලක්වීමයි.

වසර කිහිපයක තිස්සේ වරින් වර විවිධ අසනීප සඳහා ප‍්‍රතිකාර ගත් ඔහු මාස 5ක් තිස්සේ පිළිකා රෝගී තත්ත්වයකින් දැඩිව පීඩා විඳ මෙලෙස මියගොස් ඇත.

ken-doll-1 gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
Ken-predtým-a-po gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

NO COMMENTS

LEAVE A REPLY