මේ දිනවල පරිස්සමින් – ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරයාමේ අවධානමක් – Be careful these...

මේ දිනවල පරිස්සමින් – ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරයාමේ අවධානමක් – Be careful these days – influenza spreading Risk Sri Lanka

193
0
SHARE
Be careful these days - influenza spreading risk Sri Lanka

ඉන්ෆ්ලුවෙන්සා AH1N1 ආසාදිත තත්ත්වය ජනතාව අතර පැතිර යාමේ සුලබතාවක් වසංගත රෝග විද්‍යා අංශයට නිරීක්ෂණ වී තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

එබැවින් මෙම රෝගයේ මූලික රෝග ලක්ෂණ වන උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදනය වැනි රෝග පවතී නම් නොපමාව රජයේ රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවන ලෙස ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සෙනඟ වැඩිපුර ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටින්නට මෙන්ම පිටතට ගොස් පැමිණි වහාම සබන් යොදා හොඳින් දෑත් සේදීම, රෝග ලක්ෂණ මතුවූ වහාම ප්‍රතිකාරවලට යොමුවීම කෙරෙහි අවධානය යොමුකරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.

කුඩා ළදරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන්, ගැබිනි මවුවරුන්, දියවැඩියාව වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන්නන්, දිගු කාලීන පෙණහලු ආබාධවලට ගොදුරු වී සිටින්නන් වඩාත් ප්‍රවේශසම් වීමට වගබලාගත යුතුයි. එවැන්නන් එක්දිනක් උණ පැවතියත් වහා ප්‍රතිකාර වෙත යොමුවිය යුතුයි.

මේ පිළිබඳ යම් ගැටලුවක් පවතී නම් වසංගත රෝග විද්‍යා අංශය 0112681548 හෝ ප්‍රධාන වසංගත විද්‍යාඥ පබා පළිහවඩන මහත්මියගේ පෞද්ගලික දුරකථන අංකය 0773291441 යන අංකය අමතා විසඳා ගැනීමට පහසුකම් සපයා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

NO COMMENTS

LEAVE A REPLY