රූමත් කතුන් බිහිකරනසිකුරුගේ ග්‍රහ බලය – Beautiful women on the planet Venus,...

රූමත් කතුන් බිහිකරනසිකුරුගේ ග්‍රහ බලය – Beautiful women on the planet Venus, which produces power

459
0
SHARE
Beautiful women on the planet Venus -which produces power

රූමත් කතුන් බිහිකරනසිකුරුගේ ග්‍රහ බලය

කාන්තාවන් අතරින් රූමත් කතුන් උපදින්නේ ඔවුන් පෙර ආත්ම භවයන්හි රැස්‌ කළ යම් ආකාරයක කුශලාකුශල කර්මය අනුවයිග ජන්ම කේන්ද්‍රයේ පරීක්‍ෂා කිරීමෙන් එය හොඳින් කිව හැකග එයින් සිකුරුගේ බැල්මට ආකර්ශණයට හසු වී ඇත්නම් රූමත් කතක්‌ වේග එහෙත් සිකුරුගේ බැල්මට මනුලොව සිටින හැම කාන්තාවක්‌ම හසුවන්නේ ද නැතග සමහරෙකු තරමක්‌ දල සාමාන්‍ය ලෙසදල රූමත් කමින් අඩු අය ද සිටින්නට පුළුවනග එබැවින් බටහිර හා භාරතීයයන් සිකුරු ග්‍රහයා වීනස්‌ දෙව්දුව කියා ඔවුන් හඳුන්වයිග

ස්‌ත්‍රී ජන්ම කේන්ද්‍රයේ පළමු කොටුවේ සිකුරු ග්‍රහයා සිටී නම් ඇය රූමත්යග නීල වර්ණයෙන් යුක්‌ත කේෂ කලාපයක්‌ ඇතග සුන්දර මිනාවක්‌ ඇතග ලග්නයේ සිකුරු පිහිටි ඇය ධන ධාන්‍යල භවභෝග ආදියෙන්ල යාන වාහන ආදියට හිමිකම් ඇති දැසි දස්‌සන් ඇතිව සුන්දර නිවසක ජීවත් වීමේ භාග්‍ය ඇත්තියකිග නෑදැයන්ට අසල් වැසියන්ට කරුණාව ඇතිව සලකන්නියකිග පතිවත රකින කාමුක සල්ලාලයන්ගේ රාගික ෙච්තනාවන්ට ඉඩ නොදෙන ඇත්තියක්‌ වේග

සිකුරු හා බුධ ග්‍රහයන් දෙදෙනා එකම කොටුවක සිටී නම් ඉපදුනු ඇය රූමතියකිග උරහිස්‌ දෙක පළලින්දග සිරුරේ ප්‍රමාණයට උස ඇතිල අඩ සඳක්‌ බඳු නලල් තලය ඇති රත් පැහැති ඡවි වර්ණයෙන් යුක්‌ත දුටුවන් මන බඳින ලාලිත්‍යයෙන් ඔපවත් යග ක්‍රමානුකූලව තමාට පැවරෙන වැඩ කටයුතු කරයිග කලාවට ලැදි පිළිවෙලකට ජීවිතයහි පැවැත්ම ගෙන යන්නියකිග

කේන්ද්‍රයේ 3 හෝ 11 වැන්නේ සිකුරු හා කුජ සංයෝගව සිටී නම් ඒ කාන්තාව ඉතා රූමැත්තියකිග ඉදිරියට නෙරා ඇති පයෝදර යුගලක්‌ ඇති මනා කඩවසම් ලලනාවකිග රූ රැජිනක්‌ වගේයග කාමුක ගතිය පෙන්නුම් කළත් කුජ සමඟ සඳු සංයෝග වූ විට ඇතිවන අනාචාරයේ හැසිිිරීමත්ල සිකුරු සමඟ කුජ සංයෝග වූ කාන්තාවන් තුළ දක්‌නට නොමැතග සියලු සම්පත් යස ඉසුරු ලබා යහපත් සාර්ථක දිවියක්‌ ගත කිරීමේ භාග්‍ය සිකුරු කුජ සංයෝගය ඇති කාන්තාවන්ට හිමියග ගී සින්දුල නාට්‍යල නැටුම්ල චිත්‍රපටි ආදිය නැරැඹීමට සවන් දීමට වඩා රුචියක්‌ දක්‌වයිග

කේන්ද්‍රයේ සිකුරු සමඟජ්සඳු සංයෝග වීමෙන් කාන්තාවකට මුතු මෙන් බබලන දත් දෙපළ ඇති පැහැපත් රූමතියකිග එවන් ලඳුන් නිවසක සිටී නම් උදේට සිරිකත එන බව කියතිග ඔවුන් විලාසිතාවන්ට කැමතියිග සැමියාට කීකරු හිතකර මුතු මැණික්‌ රන් ආභරණ ධන ධාන්‍ය ලබන්නියකිග තම රූප ශොභාව රැක ගැනීමට උත්සාහ දරයිග වයසට ගිය ද තරුණියක්‌ සේ පෙනේග මිරිහි වදන් කියන මේ කාන්තාවෝ සිරියාවන්තයිග වාසනාවන්තයිග

සිකුරුට ගුරු සංයෝගව සිටී නම් රූමත් කමට වඩා ගුණවත්කම ඇතග සිකුරු ගුරු සමඟ එකට සිටින විට උසින් හා මහතින් යුත් ශරීරයක්‌ ඇත්තියක්‌ වේග නමුත් ඇය රූමත් භාවයෙන් අඩු වුවද අවලක්‍ෂණ නැතග සිකුරුට ශනි සංයෝග වීමෙන් කාන්තාව ලක්‍ෂණ නොවේග සැමියාට එතරම් ප්‍රිය මනාප නොවේග යුග දිවියේ රසයට වඩා එහි ඇති දුක්‌ කම්කටොළු ආදිය ගැන හිත යොමු කරයිග එහෙත් සිකුරුට රාහු හෝ කේතු යෝග වූ විට රූප ශෝභාව දැකුම්කළු නොවේග

එය එසේ වුවද දේහ ලක්‍ෂණ විද්‍යාවේ සඳහන් පරිදි කාන්තාවක්‌ ලක්‍ෂණ වූ පමණින් ගුණ යහපත් කතක්‌ කියාදල අවලක්‍ෂණ වූ පමණින් අයහපත් කතක්‌ කියා ද හැඳින්වෙන්නේ නැතග සමහර විට ඉතා ගුණ යහපත් අවලක්‍ෂණ කතුන් ද ලක්‍ෂණ තිබුණද තණ්‌හාවල ඊර්ෂ්‍යාවල ක්‍රෝධයල වෛරයල අසත්පුරුෂ අය ද මේ අතර සිටීග එසේ සිදුවන්නේ කාන්තාවකගේ කේන්ද්‍රයේ පිහිටි ග්‍රහ පිහිටීම් ඇයගේ ගති ගුණයන් ක්‍රියාවන් හා චරිතය කෙරෙහි බලපාන බැවින් බව කිව හැකග

උපුටා ගැනීම උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි ඇසුරෙනි

NO COMMENTS

LEAVE A REPLY