අවසන් පණිවුඩය පෙම්වතියට යවා තරුණයෙක් සාරියෙන් ගෙළ වැළලාගනී – Boy Sucide In...

අවසන් පණිවුඩය පෙම්වතියට යවා තරුණයෙක් සාරියෙන් ගෙළ වැළලාගනී – Boy Sucide In Dalupaththewa

423
0
SHARE
boy-sucide-in-dalupaththewa

අත්තම්මා පොල් කඩන් එන්න, මම වළන් හෝදන්නම් කියලා
ගෙවල් ළඟ කෙනෙක් ඇවිත් බලනකොට සාරියෙන් එල්ලිලා
නාදුනන නම්බරයකින් Miss Call, SMS ඇවිත්

ප්‍රේම සම්බන්ධතාවයන් නිසාවෙන් දිවිනසාගත් සිද්ධීන් පිළිබඳව පසුගිය කාලය පුරාම දිවයිනේ නන්දෙසින් වාර්තා වුණා. සමාජයේ ඇතැම් පිරිස් ප්‍රකාශකළේ මෙය රැල්ලකට මෙන් සිදුකරන්නේ තරුණ වයසේ පසුවන පිරිස් සිය හැඟීම් පාලනය කරගැනීමට ඇති අපොහොසත්කම නිසාවෙන් බවයි.

එවැනි ආකාරයෙන් සිය දිවිය අහිමිකරගත් තරුණයෙකු පිළිබඳව මේ වන විට වාර්තා වන්නේ හොරතපොල ප්‍රදේශයෙනුයි. ඔහු සිය කාමරයේ සාරියක් ආධාරයෙන් ගෙල වළලාගෙන මියගොස් ඇති ඇති අතර මියයන විට ඔහුගේ වයස අවුරුදු 21කි.


මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ දලුපත්තැව වත්තේ පදිංචිව සිටි රණතුංග මුදලිගේ ධනුෂ්ක රොෂාන් නැමති තරුණයෙකි. තම මව, පියා විදෙස් ගතව ඇති නිසා මිත්තණිය සමඟ සිය නිවසේ මොහු ජීවත්වී ඇත. අද (22) දින වත්තේ පොල් කැඩීමට මොහු වෙනත් අයෙකු සමඟ පැමිණ ඇති අතර තමන් වළන් සොදන්නම් යැයි පවසා අත්තම්මා පොල් කඩන්න යන්නැයි එම තරුණයා කියා තිබේ.

ඒ අනුව ඇය එම කාර්ය කිරීමට ගොස් ඇත. මේ අතර ඔහු ගෙල වැළලාගෙන මියගොස් ඇති අතර යාබද නිවසක සිටි අයෙක් අවශ්‍යතාවයකට පැමිණි මොහොතේ මොහු ගෙළ වැළලාගෙන සිටිනු දැක ඇත.

මියගිය තරුණයාගේ ජංගම දුරකථනය දිගින් දිගටම නාදවෙනු පොලිසියේ නිරීක්ෂණයට ලක්ව එය පරික්ෂා කර බැලීමේදී ඊයේ (21) අලුයම “සුභ උදෑසනක් ” යන්න කෙටි පණිවිඩයෙන් පසු නැවත කෙටි පණිවිඩ යවා නොතිබුනත් පෙම්වතිය යැයි සිතිය හැකි අයෙකු දිගින් දිගටම කෙටි පණිවිඩ සහ මඟ හැරුණු ඇමතුම් ලබා දී තිබෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මොහු මෙලෙස සියදිවි හනිකරගැනීමට හේතුව මෙතක් නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර කුලියාපිටිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ කරනු ලබයි.

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

NO COMMENTS

LEAVE A REPLY