Can Acne Scars Be Removed?

Can Acne Scars Be Removed?

113
0
SHARE
Can Acne Scars Be Removed
Can Acne Scars Be Removed

කුරුලෑවක් මතු වූ විගස එය කඩා දමීමට අප පුරුදු වී සිටියත් එහි අනිසි ප්‍රතිපලයක් ලෙස කැළලක් ඇතිවේ.මුහුණේ,උරහිස් මත හා පිට ප්‍රදේශය යනු කුරුලෑ හට ගැනීමට ඉහල සම්බාවිතාවක් ඇති ප්‍රදේශයන් වේ.මෙම කැළැල් නිසා ඔබට ඇති වෙන අපහසුතාවයන් පිළිබඳව සලකා නිවසේදීම පිළියෙළ කරගත හැකි ඉතාමත් පහසු සත්කාරයක් පහත දක්වා ඇත

අවශ්‍ය ද්‍රව්‍ය
ස්වභාවික පැණි
කුඩු කරගත් කුරුඳු
බේකින් ෙ
සා්ඩා

අවධානයට•
කැළැල් ඇති ප්‍රදේශය පිරිසිදු වීම අවශ්‍ය වේ.

මෙම සත්කාරය භාවිතා කිරීමට පෙර කැළැල් ඇති ප්‍රදේශයඋණු වතුරෙන් සෝදා හොදින් පිරිසිදුව තබා ගන්න.බේකින් සෝඩා මේස හැන්දක් ගෙන එය අවශ්‍ය ප්‍රදේශයන්හි ඇත ලිහිල් කොට අතුල්ලන්න.බේකින් සෝඩා මගින් හානියකින් තොරව සම පිරිසිදු කරයි..
කැළැල් ඇති ප්‍රදේශය හොදින් වියලා ගන්න.

පිරිසිදු කරගත් මුහුණ තුවායකින් හෝ රෙදි කැබැල්ලකින් සියුම්ව තෙතමාත්තු කරගන්න.

සත්කාරය පිළියෙළ කරගන්නා ආකාරය
මුහුණේ ආලේප කිරීම සඳහා ස්වභාවික මී පැණි මේස හැඳි 1ක් කුඩු කරගත් කුරුඳු මේස හැඳි 1ක් සමග මිශ්‍ර කරගන්න.මුහුණ හැර අනිකුත් ප්‍රදේශයන්හි ආලේප කිරීමට ඉහත යොදාගත් ප්‍රමාණය දෙගුණ කල යුතුයි.මෙම පිළියෙල කිරීම සිදු කිරීමේදී දෑත් පිරිසිදු කිරීමට හා භාවිතයට ගන්න භාජන හොඳින් පිරිසිදු කර භාවිතා කිරීමට වග බලා ගන්න
සත්කාරය ආලේප කිරීම•
දෑත හොදින් පිරිසිදු කරගත් පසු අවශ්‍ය ප්‍රදේශය මත සියලුම කැළැල් වැසෙන පරිදි ආලේප කර මිනිත්තු 25ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.දිනපතා මෙම සත්කාරය සිදු කිරීමෙන් සති 2ක් යන විට පැහැදිලි වෙනසක් දැක ගත හැකියි.

NO COMMENTS

LEAVE A REPLY