ලිංගික චර්යා හා ප‍්‍රජන හේතුන් නිසා ඇති වය හැකි පිළිකා | Cancer...

ලිංගික චර්යා හා ප‍්‍රජන හේතුන් නිසා ඇති වය හැකි පිළිකා | Cancer occurs ideal reproductive act

783
0
SHARE
Cancer occurs ideal reproductive act
Cancer occurs ideal reproductive act

යම් යම් ලිංගික චර්යා සහ ප‍්‍රජනක සාධක පිළිකා සෑදීමට බලපාන බව සොයාගෙන ඇත. ගැබ්ගෙල පිළිකා, පුරුෂ ලිංගයේ ඇති වන පිළිකා, හෙපටයිටීස් සහ HIV  ආසාදන හේතුකොට ගෙන පසුකාලීනව ඇතිවිය හැකි පිළිකා ඒ සඳහා උදාහරණ ලෙස සඳහන් කළ හැකිය.

දරුවන් බිහි නොකළ සහ පළමු දරු උපත අවුරුදු 30 කට පසුව සිදු වූ කාන්තාවන්ට පියයුරු පිළිකා වැලඳීමට වැඩි අවදානමක් ඇත. එසේම ආර්ථවහරණය හා ඊට පසුව ඇතිවන යම් යම් රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා භාවිතා කෙරෙන ඊස්ට‍්‍රජන් (Oestrogen) හෝර්මෝනය නිසා පියයුරු පිළිකා වැළඳීමේ අවදානම වැඩි කෙරෙන බව සොයාගෙන ඇත. එවැනි අවදානම් සාධක පිළිබඳ යම් අවබෝධයක් ලබා තිබීම මඟින් පියයුරු පිළිකා සෑදීම අවම කරගත හැකිය.

පුරුෂයන් කිහිපදෙනෙකු සමඟ ලිංගික සබඳතා පවත්වන කාන්තාවන්ට ද ගැබ්ගෙල පිළිකා වැලඳීමට වැඩි අවදානමක් ඇත. ගැබ්ගෙල පිළිකා ඇති වීමට ප‍්‍රධාන හේතුවක් වන හියුමන් පැපිලෝමා වෛරසය අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා මඟින් බෝවිය හැකිය.

මේ නිසා ලිංගික සබඳතා විශ්වාසවන්ත එක් පුද්ගලයකුට පමණක් සීමා කිරීම, නොදන්නා පුද්ගලයකු සමඟ පවත්වන ලිංගික සබඳතාවකදි නිවැරදි ලෙස කොන්ඩම භාවිතය ආදී ආරක්ෂිත ලිංගික ක‍්‍රියාවලට යොමු වීම මෙන්ම ලිංගිකව බෝවන රෝගවලට නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම මඟින් ද ගැබ්ගෙල පිළිකා සෑදීම අවම කරගත හැකි වනු ඇත.

හියුමන් පැපිලෝමා වෛරසයට එරෙහි එන්නත මඟින් ද මේ සම්බන්ධව විශාල කාර්යභාරයක් ඉදිරියේදී ඉටු කරනු ඇත.

හියුමන් පැපිලෝමා වෛරසය මඟින් පුරුෂයන්ගේ ලිංගේන්ද්‍රියේ පිළිකා ඇති කෙරේ. මෙම වෛරසය රැදී පවතින්නේ පුරුෂයන්ගේ ලිංග මුණ්ඩයේ අපිචර්මය ආශ්‍රිතවය.

මෙවැනි පිරිමියකු කාන්තාවක සමඟ අනාරක්ෂිතව ලිංගික සබඳතා පවත්වන විටෙක ඇයට ද මෙම වෛරසය බෝ විය හැකිය. (මෙවැනි පිරිමින් High Risk Males ලෙස හඳුන්වනු ලැබේ.)

උපත් පාලන පෙති දීර්ඝ කාලීනව භාවිතා කිරීම පියයුරු පිළිකා ඇති වීමේ අවදානම ඉතා මඳ වශයෙන් වැඩි කරන බවත්, ඩිම්බකෝෂ පිළිකා සෑදීමේ අවදානම අඩු කරන බවත් සොයාගෙන ඇත.

ප‍්‍රතිශක්තිකරණ වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීම (Immunization Programmes)

හෙපටයිටීස්  ඕ වෛරසය ආසාදනය සහ හියුමන් පැපිලෝමා වෛරසය (HPV) ආසාදනවලට එරෙහිව නිපදවා ඇති ප‍්‍රතිශක්තිකරණ එන්නත් භාවිතය මඟින් පිළිකාවලින් ආරක්ෂා වීමට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබේ.

බොහෝ බටහිර රටවල මෙය ජාතික ප‍්‍රතිශක්තිකරණ ව්‍යාපෘතියෙන් අනිවාර්ය කර ඇති අතර, ලංකාවේ ද භාවිතය සඳහා අනුමත කර තිබේ. නුදුරු අනාගතයේදී මෙය පෞද්ගලික අංශයට පමණක් සීමා නොවනු ඇත. නිතිපතා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු වීම වෛද්‍ය උපදෙස් මත නිතිපතා වෛද්‍ය පරික්ෂණවලට යොමු වීම මඟින් බොහෝ පෙර පිළිකා සහ පිළිකා, ඉතා ප‍්‍රාථමික අවස්ථාවේදී හඳුනා ගැනීමට පුළුවන.

මහරගම පිළිකා රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන. කොළඹ ජාතික රෝහලේ හෘද සහ උරස් ශල්‍ය ඒකකයේ වෛද්‍ය දුමින්ද හදපාන්ගොඩ

NO COMMENTS

LEAVE A REPLY