කොටකෙතනේ මව මැරූ කුෂාන් මිනිය සොයාගත් වෙලාවේ බොරුවට හැඬූ හැටි – වීඩියෝ

කොටකෙතනේ මව මැරූ කුෂාන් මිනිය සොයාගත් වෙලාවේ බොරුවට හැඬූ හැටි – වීඩියෝ

466
1
SHARE
kotakethana-murder

‘‘පෙම්වතිය තෑග්ගක් දුන්නා, ඊට  වඩා හොඳ තෑග්ගක් මට දෙන්න ඕනි වුනා,ලේ ගලන හිස ෂොපින් බෑගයකින් අාවරණය කලා‘‘ අත්අඩංගුවට ගත් කුෂාන් පොලිසියට කීව කතාව

කොටකෙතනේ අබිරහස් ලෙස මියගිය කාන්තාව ඝාතනය කර ඇයගේම පුත්‍රයාවන 18 හැවිරිදි කුෂාන් පසුගියදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු බියකින් හා සැකයකින් තොරව මාධ්‍යට අදහස් දක්වනු ලැබුවා. එමෙන්ම ඔහු විසින් මවගේ මියගිය සිරුර හමුවන විට හඬා වැළපෙමින් ලොවටම පෙනෙන්ට ශෝකය පළකර සිටියා.

කෙසේ නමුත් මේ වන විට පොලිසිය විසින් සොයාගෙන ඇති තොරතුරු අනුව මෙම ඝාතනයට සැකකෙරෙන්නේ කිඹුල් කඳුළු හෙලූ ඉහත කී කුෂාන්මයි.

මව් මරා ආනන්තරීය පාපකර්මයක් සිදුකරගත් ඔහු පසුගියදා සිය මවගේ මියගිය සිරුර හමුවූ අවස්ථාවේ මෙන්ම ඇයගේ මෘත ශරීරයේ රෝහලේ තැම්පත් කර ඇති අවස්ථාවේ හැසිරුනේ කිසිවක් නොදන්නා අයෙක් ලෙසිනුයි.

ඔහු මාධ්‍යට සිද්ධිය සම්බන්ධයෙන් පවසමින් කියලා සිටියේ මව ඝාතනය වන අවස්ථාවේ ඔහුට නින්ද ගොස් සිටි බවයි. එමෙන්ම මවගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසි ගිය බවත් ඔහු පැවසුවේ දුක්බර මුහුණක් ලොවට පෙන්වමිනුයි.

නමුත් සියල්ල අවසානයේ මව මරාදැමූවේ පෙම්වතියට ලබාදෙන්නට ත්‍යාගයක් ගැනීමට මුදල් ලබා නොදුන් නිසා බවට ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණා. ඔහු පොලිසියට පාපොච්චාරණය කර කරුණු වලින් කොටසක් පහතින්..

‘‘පෙම්වතිය මට ත්‍යාගයක් ලබාදුන්නා. ඊට වඩා හොඳ තෑග්ගක් මිලදී ගන්න මවගෙන් රුපියල් 1500ක් මා ඉල්ලා සිටියා. මව ඊට අකමැත්ත පළකළා. පසුව මම මන්නා පිහියක් රැගෙන සියදිවි නසාගන්නා බවට මවට තර්ජනය කළා. මා මුළුතැන්ගෙට යනවිට පසුපසින් මව පැමිණියා.

මා පසුපස හැරී ගැසූ පළමු පහර මව වළක්වාලීමට උත්සාහ කළා. එහිදී ඇගේ දකුණු අතෙහි මාපටගිල්ල කැපී අනතුරුව පිහි තලය නළලටද වැදුණා. පසුව මා  ලේ වහනය වන හිස ෂොපිං බෑගයකින් ආවරණය කර නිවසට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ඇළට රැගෙන ගොස් දැමුවා. සරම ගලවා විසිකර මන්නා පිහියද විසිකර නිවසට පැමිණ නිදාගත්තා.‘‘

මවගේ මිනිය හමුවූ වෙලාවේ කුෂාන් බොරුවට හැඬු වීඩියෝව හා මාධ්‍යට අදහස් දැක්වූ හැටි පහතින්……

 

1 COMMENT

LEAVE A REPLY