ඔව්, මගේ බිරිඳත් මම වගේම රාගිකයි – චනින් ටැටුම් Channing Tatum Hot...

ඔව්, මගේ බිරිඳත් මම වගේම රාගිකයි – චනින් ටැටුම් Channing Tatum Hot Wife

190
0
SHARE
ඔව්, මගේ බිරිඳත් මම වගේම රාගිකයි – චනින් ටැටුම්

හොලිවුඩ් ලෝකයේ සරාගී පෙම්වතා ලෙස පසුගිය වසර කිහිපය පුරාම අභිෂේක ලැබූයේ චනින් ටැටුම් බව අප්‍රකට කරුණක් නොවෙයි. ඔහුගේ කඩවසම් පෙනුමත්, ප්‍රේමණීය කතා විලාසයත්, සරාගී හැඟුම්බර රංගනයත් හොලිවුඩය වසඟ කළ කාරණා අතර කිහිපයක්. මේ, ඩේලි මේල් වබේ අඩවිය ඔහු සමග කළ කතාබහක පරිවර්තනයක්.

මිනිසුන් ඔබ කෙරේ වසඟවන හේතුව හැටියට ඔබ හිතන හේතුව මොකක්ද?
මම හිතන්නේ මම මිනිසුන්ගේ ප්‍රතිචාර විශ්වාස නොකරන නිසයි මේ තරම් දුර ගමනක් ආවේ. මිනිස්සු “ෂා… නියමයි” කියලා කියද්දී ඒ මගේ උපරිමය කියලා හිතුවා නම් අද මම මෙතැන නැහැ. හැම විටම මම හිතුවේ මීට වඩා දෙයක් කළ යුතුයි කියලයි.

මිනිස්සු මා ගැන කොයිතරම් වසඟ වුණත් මම ඒ ප්‍රතිචාරය නිසා පීඩනයක් හිතට ගන්නේ නැහැ. මම ඒ ප්‍රතිචාර විඳිනවා. වසඟයට හේතු හොයන්න මම උනන්දු වෙන්නේ නැහැ.

ඔබේ රංගනය “මාලන් බ්‍රැන්ඩෝ” ශෛලියට සමානයි කියලා විචාරකයෙක් කියලා තිබුණා. ඒ ගැන මොකද හිතුණේ?
මැලන් බ්‍රැන්ඩෝ කියන්නේ සදාකාලික තරුවක්. මං වගේ නොදරුවෙක්ව ඒ දැවැන්තයට සම කරලා තියෙනවා දැක්කම මට තරු පෙනුණා. මට කතා කරගන්න බැරි වුණා.

‍පොඩි කා‍ලේ පටන් මට මම ගැන තිබුණේ අවතක්සේරුවක්. පාසල් සමයේ මගේ තාත්තා මට කතා කළේ “නොසැලකිලිමත් තකතීරුවා” කියලයි. ඉතිං එහෙම මානසික තත්ත්වයක ඉඳපු මට මේ ලැබුණු අගය කිරීම මහ පුදුමයක්.

ඔබට මේ ලෝකයේ රසවත්ම කෑම පිස දීලා තියෙන්නේ කව්ද?
අනිවාර්යයෙන්ම ඒ මගේ බිරිඳ නම් ‍නෙවෙයි. එයා හොඳ කෝකියෙක් ‍නෙවෙයි. මගේ අම්මගේ කෑම හරිම රසයි. එයා බැදපු චිකන් කරියක් හදනවා, මේ ලෝකයේ මම කෑ රසම කෑම තමයි ඒ කරිය.

ඇයි ඔබ බොහෝ චිත්‍රපටවල උඩුකයට ඇඳුමක් නැතිව රඟපාන්නේ?
මෑත මම රඟපෑ බොහෝ චිත්‍රපටවල මට ලැබුණේ ඒ වගේ චරිත තමයි. උඩුකයට විතරක් ‍නෙවෙයි, ඉතිරි කොටසුත් විවෘතව රඟපාන්න මට නිතර ආරාධනා ලැබෙනවා. මම එහි හේතුව නම් දන්නේ නෑ.

මේ වන විට ඔබේ රූපය, කාමුකත්වයේ වෙළෙඳ සලකුණක් බවට පත් වී හමාරයි නේද?
සමහර විට…

ගැහැනු ළමයකු තුළ ඔබ දකින්න කැමැතිම ලක්ෂණය මොකක්ද?
සීරියස් නැති ගැහැනුන්ට මම ආසයි. සියලුම මිනිස්සු ඇතුළතින් මෝඩයි. පිටතින් ඒ මෝඩකම වහගෙන ඉන්න අය අතරේ අවංකව මෝඩකම ප්‍රකාශ කරන, අවංකත්වයට මම කැමැතියි.

ඔබේ වයස කීයද?
2015 අවුරුද්දට මගේ වයස අවුරුදු 35 යි.

ඔබේ බිරිඳ මාධ්‍යයෙන් වසන් කරගෙන ඉන්නේ ඇයි?
වසන් කිරීමක් නැහැ. එයා ප්‍රසිද්ධියට වැඩිය කැමැති කෙනෙක් ‍නෙවෙයි.

ඇය ගැන දැනගන්න අපි කැමැතියි?
එයාගේ නම ජෙනා ඩෙවන්. වයස අවුරුදු 33 යි. අපි මුණගැහුණේ නර්තන තරගාවලියකදීයි. ඇය උසින් මට වඩා බොහෝම අඩුයි. ඒත් ජෙනා හරිම දක්ෂ ගැහැනියක්.

ජෙනාගේ දක්ෂකම් ගැන දැනගන්න අපි කැමැතියි?
ඔබ අහන දේ මම දන්නවා. ඇත්ත… ඇයත් මම තරමටම රාගිකයි. අනිවාර්යයෙන්ම ඇය කෙරෙහි මම බැඳිලා ඉන්න ඒක ලොකු හේතුවක්. හැබැයි ඒක එකම හේතුව ‍නෙවෙයි. ඈ කෙරෙහි මම බැඳුණේ ඒ වගේ බොහෝ හේතු නිසයි. ජෙනා සහ මම දැන් අවුරුදු දෙකක දියණියකට දෙමව්පියන්.

කැමරාව ඉදිරිපිට ඔබ රඟපාන ලිංගික දර්ශන ගැන ඇයගෙන් තහංචි නැද්ද?
ඒක අමාරු ප්‍රශ්නයක්. මම රඟපෑ ලිංගික දර්ශන ගැන අපි දෙන්නම එකම පුටු සෙටියේ වාඩිවෙලා බලනවා. ඇය එවැනි දර්ශන බලන්නේ ටිකක් තිගැස්මෙන්. සමහරවිට ඒක අප්‍රසන්න දෙයක් වෙන්නත් පුළුවන්.

එතකොට ඔබ ඇයගෙන් සමාව ඉල්ලනවද?
නෑ… මම මගේ අත් දෙකෙන් එයාගේ ඇස් දෙක වහනවා. එයා එයාගේ අත්දෙකෙන් මගේ ඇස් වහනවා. ඒක හරිම විනෝදයි. ඔන්න ඔය ‍පොරය අස්සේ අර ලිංගික දර්ශනය අවසාන වෙනවා. ඒක කපටි වැඩක් නේද කියලා නම් ඔන්න අහන්න එපා.

සඳමාලි වර්ණසූරිය

NO COMMENTS

LEAVE A REPLY