අපි දෙන්නට දෙන්නා ලංවුණාට පස්සේ දෙන්නගෙම ජීවිත අලුත් වුණා – Chathurika Peiris...

අපි දෙන්නට දෙන්නා ලංවුණාට පස්සේ දෙන්නගෙම ජීවිත අලුත් වුණා – Chathurika Peiris and Gayan Love

565
0
SHARE
Chathurika Peiris and Gayan Love

පහුගිය කා‍ලේ මාධ්‍ය ඉදිරියට ආවේ නැත්තේ ඇයි?
“අපි මාධ්‍ය ඉදිරියට ආවා. අපේ ප්‍රශ්න ඒ තුළින් කතා කළා. ඒත් ඒ ගැන දිගින් දිගටම කතා නොකර සිටීමට නීති උපදෙස් ලැබුණූ හිංදයි පසුගිය කාලය තුළ මාධ්‍යය ඉදිරියට ගියේ නැත්තේ.”

ගයාන් ඒ විදියට පිළිතුරු දුන්නා. සියලු හැල හැප්පීම් අවසානයේ දැන් චතුරිකා හා ගයාන් අලුත් දිවියක් අරඹලා. මේ දෙදෙනාගේ විවාහය ගැන විමසූ විට චතුරිකා හා ගයාන් දෙදෙනාගෙන්ම ලැබුණේ එක සමාන පිළිතුරක්.
“දින වකවානු නම් හරියටම කියන්න බැහැ. හැබැයි නුදුරු දිනයකදීම අපේ විවාහ උත්සවය සිදුවනවා.”

ගයාන් දෙදරු පියෙක් බව වගේම චතුරිකා හා රොෂාන් පිලපිටිය යුවළ ගැනත් මේ රටේ හැමෝම දන්නවා. අද වන විට ඒ අතීතය ගැන මේ දෙදෙනා දරන අදහස් අපි මේ දෙදෙනාගෙන්ම විමසුවා.

“අපි අඩියක් තියලා යද්දි වැටුණොත් තමයි ඊළඟ වතාවේ වැටෙන්නෙ නැතුව අඩියක් තියන්න පුරුදු වෙන්නේ. ජීවිතයේ සිදුවූ හැලහැප්පීම් ජීවිතයට පාඩමක් කරගෙන ඒ තුළින් ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න තමයි මම කැමති.

අතීතය කියන්නේ අතීතයක්. ඒ අතීතය ගැන කතා කරන්නවත් මම කැමති නැහැ.”
චතුරිකා අපේ පැනයටපිළිතුරු දුන්නේ ඒ විදියට.

ගයාන් ඒ පිළිබඳ දැක්වූයේ මෙන්න මේ වගේ අදහසක්.“මටත් කියන්න තියෙන්නේ අතීතය අතීතයක් විතරයි කියලා. ඒ අතීතය ගැන කතා කරන්න මම කැමති නැහැ. මගෙ ජීවිතය දිහා බැලුවම පෙනෙනවා ජීවිතය ගඟක් කියන කතාව කොයි තරම් ඇත්තද කියලා. මම සතුටු වුණු කාලවකවානු තිබුණා. දුක්වුණු අවස්ථා තිබුණා. ජීවිතය සාර්ථක කර ගත් තැන් වගේම අන්තයටම වැටුණු තැන් තිබුණා. ඒ හැමදේම මගෙ ජීවිතයට පාඩමක් කරගෙන ඒ තුළින් ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න තමයි මම හිතන්නේ.”

ආදරයෙන් බැඳෙන ආදර වන්තයින් , විවාහප්‍රාප්තවන අඹු සැමියන් වෙන්වී යන අවස්ථා අනන්තවත් තියෙනවා. ඒ බැඳීම් බිඳුණට පස්සේ ඒ අය අතර කිසිම නෑදෑකමක් නැහැ. ඒ වුණත් මව් පියවරු හා දරුවන් අතර තිබෙන බැඳීම ඒ වගේ නමෛයි. ඒ බැඳීම සදාකාලිකයි. ගයාන් පෙර විවාහයෙන් දෙදරු පියෙක්. ඒ දරුවන් ගැන අද ඔහු දක්වන අදහස් විමසන්න අපි හිතුවේ ඒ හින්දා.

“මමයි මගේ දරු දෙදෙනයි අතර තියෙන බැඳීම වෙනස් කරන්නවත් වෙන් කරන්නවත් කාටවත් බැහැ. ඒක හැමදාම ඒ විදියටම තියෙනවා. ඒ දරුවො මගෙ ළඟ නැතත් මම ඒ අය ගැන හොයා බලනවා. අනික චතුරිකා සාම්ප්‍රදායික ගැහැනියක් නමෛයි. මගෙ දරුවන් දිහා ඇය ද්වේෂයෙන් බලන්නෙ නැහැ. ඒ දරුවන්ට මගෙන් වියයුතු යුතුකමක් මට අමතක වුනොත් චතුරිකා තමයි මතක් කරල දෙන්නේ.”

ගයාන් චතුරිකා අද වන විට එළිපිටම තමන්ගේ ආදර කතාව කියනවා. මේ දෙදෙනා එකිනෙකා ගැන දක්වන අදහස අපි ඔවුන්ගෙන් විමසුවා.
“ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ගයාන් කියන්නේ හරිම මුරණ්ඩු සැර පරුෂ චරිතයක් කියලා. ඒත් මට නම් ගයාන් හරියට ‍පොඩි දරුවෙක් වගෙයි. එයා ආදරේ හා අවධානය කියන දේවල් උපරිමයෙන් බලා‍පොරොත්තු වෙනවා. ආදරයෙන් පැහැදිලි කළොත් ගයාන්ගේ ඕනම වරදක් හදාගන්න පුළුවන්…”

චතුරිකා ගයාන් පිළිබඳ ඒ විදියට කියද්දි ගයාන් තමන්ගේ අදහස් දැක්වූයේ මේ විදියට.
“ මගේ ජීවිතේ සම්පූර්ණ වෙලා කියලා මට හිතෙනවා. දැන් මට ජීවිතයේ නිශ්චිත ඉලක්කයක් තියෙනවා. මට දැන් ජීවිතයේ හොඳ ගමනක් යන්න පුළුවන් කියලා මම හිතෙනවා.”

ගයාන් චතුරිකා එක්වීමට ඔබ දෙදෙනාගේ දෙපාර්ශ්වයේ අය දක්වන ප්‍රතිචාර කොහොමද?
මේ වන විට අපි දෙන්නගේම දෙමව්පියන් අපේ එකතුවීමට අකමැති නැහැ. අපේ අලුත් ජීවිතයට ඒ අයගේ ආශිර්වාදය තියෙනවා.

 

NO COMMENTS

LEAVE A REPLY