මනාලියක් වෙන හීනය ඉක්මනින් හැබෑ වේවි – චතුරිකා Chathurika Peiris And Gayan’s...

මනාලියක් වෙන හීනය ඉක්මනින් හැබෑ වේවි – චතුරිකා Chathurika Peiris And Gayan’s Married Dream

292
0
SHARE
Chathurika Peiris And Gayan's Married Dream
Chathurika Peiris And Gayan's Married Dream

චතුරිකා පීරිස්  හා ගයාන් වික්‍රමතිලක කියන්නේ පුංචි තිරයට ගැළපෙන පෙම් යුවළක්. පුංචි තිරයට ගැළපුන පෙම් යුවළ දැන් සැබෑ ජීවිතයේදී පෙම්වතුන් වෙලා. ඔවුන්ගේ විවාහය ළඟදීම සිදුවෙනවා කියලා ආරංචි වුණ නිසා රිවිසරසි කතාබහකට වතුරිකාවත් ගයාන්වත් එකතු කරගත්තා.

* ගයාන් මේ දිනවල විවාහයට සූදානම් වෙනවා කියලා ආරංචියි?
විවාහයට තවම දිනයක් නියම කරලා නැහැ. අවසන් කරන්න ඕන නිර්මාණ ටිකක් තියෙනවා. ඒ වැඩකටයුතු අවසන් වුණ ගමන්ම විවාහ වෙනවා. බොහෝදුරට මේ වසර අවසානයේදී අපි විවාහ වෙයි.

* ඔබේ මේ ආදර සම්බන්ධතාව පිළිබඳ මීට කලකට පෙර සමාජය තුළ ආන්දෝලනාත්මක කතාබහක් බවට පත් වුණා. ඒ ගැන අද මොකද හිතෙන්නේ ?
හැමෝටම ඕනෑම කාලවකවානුවක හොඳ, නරක විවේචන ඇති වෙනවා. හොඳ කියනවාට වඩා නරක කියන දේ ඉක්මනට පැතිරෙනවා. හුඟක් අය නරක කියන දේ පතුරවන්නත් උත්සාහ ගන්නවා. තමන්ගේ කාලය නාස්ති කරගෙන අනුන්ගේ නරක අහගෙන ඉන්න මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම නරක දේවල් විකුණන්න පුළුවන්.

එකෙක් මාකට් එක හදාගන්නවා. ඉතිං ඒ විදිහට අපේ කතාබහ මොකක්ද කියලා හරි හැටි නොදැන ඒ විදිහට පැතිරුණා. ඒ වෙලාවේ මම ආවේගයෙන් කටයුතු කළ අවස්ථාත් තිබුණා. ඒත් චතුරිකා නම් මම වගේ කලබල වුණේ නැහැ. සිද්ධිය හා ඒ වටපිටාව ගැන හරිම උපේක්ෂාවෙන් බැලුවා. එදා වුණ දේ ගැන පුංචි පසුතැවීමක් දුකක් තිබුණත් කාලය එක්ක හැමදේම විසඳිලා නිසා ඒ ගැන අද හිතෙන්නේ නැහැ. ඒ සිද්ධිය දැන් පරණයි. ඒවා වැඩක් නෑ.

* ගයාන් නොකියා කියන්නේ ඔබ දෙදෙනාගේ ආදරය මාධ්‍ය මාකට් කළා කියලද?
මේ වගේ සිද්ධි සාමාන්‍ය දේවල්. ජනප්‍රිය කෙනෙක්ට වුණොත් දැන ගන්න පිරිස වැඩියි. එතනයි වෙනස තියෙන්නේ. ඒත් අපේ සිද්ධිය විවිධ වබේ අඩවි, මාධ්‍ය එක එක විදිහට පළ කළා. විකුණනන්න පුළුවන් සිද්ධියක් නිසා මාධ්‍ය ඒකෙන් ඇත්තටම මාකට් එක හදාගත්තා.

* විවාහයෙන් පස්සේ චතුරිකා රඟපාන්නේ ගයාන් දායකත්වය දක්වන නිර්මාණවල විතරද?
අපි දෙන්නා එකට හැම නිර්මාණයෙම ඉන්න ඕන කියලා මම නීති දාන්නේ නැහැ. අපි දෙන්නම නිර්මාණ තෝරා ගන්නේ මුළු නිර්මාණ කටයුත්තේම ප්‍රමිතිය බලලයි. දෙන්නට එකට රඟපාන්න ආරාධනා ලැබුණොත් හොඳ නිර්මාණයක් නම් දෙන්නා එකට රඟපානවා. ඒ වගේම තනි තනියම ලැබෙන ආරාධනාවලටත් අනිවාර්යෙන්ම සම්බන්ධ වෙනවා. එහෙම නොවුණෙෘත් අපි රංගන ශිල්පීන් නමෛයිනේ.

* ගයාන් මීට පෙර විවාහකයෙක් නිසා පවු‍ලේ වගකීම තේරුම් ගන්න පුළුවන් ඇති නේද?
ඇත්තටම මම විවාහකයෙක් නමෛයි. ඒක උසාවියේදීත් ඔප්පු වුණා.

* ගයාන් සම්බන්ධ වුණ අලුත් නිර්මාණ ගැනත් මතක් කරමු.?
අලුත් චිත්‍රපට දෙකක් තිරගත වෙන්න නියමිතයි. සංකාරං හා මහරජ අජාසත්ත කියන නිර්මාණ දෙක. ඊට අමතරව අපි නිෂ්පාදනය කළ සහේලි ටෙලි නාට්‍යය ළඟදීම විකාශය වෙනවා. ඉදිරියේදීත් මමයි චතුරිකයි එකතු වෙලා හොඳ නිර්මාණ නිෂ්පාදනය කරන්න උත්සාහ ගන්නවා.

* ගයාන් දැන් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් නේද?
අපි නිෂ්පාදනය කළ “ආත්මා” ටෙලි නාට්‍යය මම අධ්‍යක්ෂණය කළා. ඒත් මාව අධ්‍යක්ෂවරයෙක් විදියට හඳුන්වා දෙනවාට වඩා රංගන ශිල්පියෙක් විදිහට හඳුන්වා දෙනවා නම් මම වඩා කැමැතියි. අධ්‍යක්ෂණය පැත්තෙන් මම ප්‍රවීණ මට්ටමක නැහැ. අධ්‍යක්ෂණය කරනවා නම් ඒ ගැන හදාරලා හොඳ නිර්මාණ කරන්න ඕන.

* කළු චරිතවලින් ඔබ වැඩිපුර දකින්න ලැබෙනවා. දැන් ඉතිහාස කතන්දර අඩංගු නිර්මාණවලත් ඔබේ දායකත්වය වැඩියි?
මම රඟපාපු නිර්මාණවලින් සියයට අසූවක්ම ඉතාම ජනප්‍රියත්වයට පත් වුණා. මම කරපු දුෂ්ඨයාගේ චරිතවලට වැඩිපුර ප්‍රතිචාර ලැබුණා. මම හිතනවා ඒ හරහා ටෙලි නාට්‍ය තුළ දුෂ්ටයා නිර්මාණය වුණා කියලා. ඒ වගේම කියන්න ඕන සමහර මිනිස්සු ඒ චරිතයෙන් අපේ ඇත්ත ජීවිතෙන් මනිනවා කියන එක. දුෂ්ට චරිතයක් රඟපෑවොත්  මමත් ඒ වගේ කියලා හිතනවා. මම නපුරු කෙනෙක් කියලා හිතපු මිනිස්සුන් ඉන්නවා.

ඉතිහාස කතා ගත්තොත් මම දළදා ගමනය හා අජාසත්ත කියන නිර්මාණ දෙකට දායක වුණා. අපේ රටේ හැම ක්‍ෂේත්‍රයකම කාලෙන් කාලයට රැලි හැදෙනවා. ඒ රැල්ලට නිර්මාණ එකතු වෙනවා. ඒක අපිට නතර කරන්න බැහැ. හොඳ නිර්මාණවලට විතරක් දායකත්වය ලබා දුන්නා නම් ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතනවා.

අපේ කතා බහට චතුරිකා එකතු වුණේ මෙහෙමයි
ලස්සන මනමාලියක් වෙන්න චතුරිකාත් මේ දිනවල දින ගණන් කරනවා නේද?
ඔව්. මනමාලියක් වෙන්න හැම තරුණියක්ම ආසයි. ඒ ගැන හිතනවා. මමත් ආසයි ලස්සන මනමාලියක් වෙන්න. ඒ හීනය ඉක්මනටම සැබෑ වෙන නිසා හුඟක් සතුටින් ඉන්නේ.

* විවාහ මංගල උත්සවය සැලසුම් කරනවාද?
තවම සැලසුම් කළේ නැහැ. එත් මගේ හිතේ අදහසක් තියෙනවා. මංගල උත්සවය කොහොමද ගන්නේ කියලා. මම කවදත් චාම් බවට කැමැති කෙනෙක්. සෝබන වැඩ කරන්නේ නෑ. ඒ නිසා සරල විලාසිතාවකින් මංගල ඇඳුමක් උත්සවයත් පවත්වන්න හිතාගෙන ඉන්නවා. ඒකට වැඩිහිටි පාර්ශ්වය කැමැති වුණොත් ඒ විදිහට උත්සවයක් ඉන්නවා.

* කුටුම්බය රැකගෙන ජීවත් වෙන්න සතුට ඕන. චතුරිකා හිතනවාද ඒ සතුට ගයාන් ඔබේ සැමියා කර ගත්තොත් ලැබෙයි කියලා?
ගයාන් සරල මනුස්සයෙක්. හරි අවංකයි. නිහතමානියි. බොරුවට කියලා මවා පාන්නේ නැහැ. ඒ හැම දෙයක් වගේම මට ආදරය ආරක්ෂාව දෙනවා මට ගොඩක් ආදරෙයි. මම ජීවත් වෙන්න බලා‍පොරොත්තු වුණ ආදරේ සතුට එයා ළඟ තියෙනවා. මම කරන වැඩ කටයුතුවලදී පවා මාත් එක්ක ඉන්නවා. ඒ ආරක්ෂාව තියෙන නිසා මට ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මම දැන් තමයි සතුටු වෙන්නේ. ඒ වගේ ආදරයක් ලබන්න පින් කරලා තියෙන්න ඕන කියලා මම හිතනවා.

* පසුගිය කාලයේ ඔබ දෙදෙනාගේ නම් ඈඳිලා කටකතා හැදුණා. ජනප්‍රියත්වයෙන් ඉහළ තැනක හිටපු චතුරිකාගේ නමට කැළලක් ඇති වුණ එක ගැන කනගාටුවක් නැද්ද?
කවදාවත් මම දුක්වෙන්නේ නැහැ අතීතයේදී වුණ සිදුවීම් ගැන හා කට කතා ගැන මිනිස්සු බලාගෙන ඉන්නේ කාගේ හරි නමකට හානි කරන්න. ඒ වගේ මානසික මිනිස්සු කරන වැඩනිසා මම ඇයි දුක්වෙන්නේ. මට වඩා ජනප්‍රිය රට රටවල්වල ඉන්න හුඟදෙනෙක්ට කටකතා හැදුණා. ඒ මිනිස්සුන්ගේ ජීවිත කඩාගෙන වැටුණේ නැහැ. තමන්ට  අම්මා, තාත්තා සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් ඒ වගේ වැඩ කරන්නේ නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ.

* චතුරිකා දැන් වැඩිය නිර්මාණ කටයුතුවලින් දකින්න නැහැ. ඒ ඇයි…?
අපේ නිෂ්පාදන කටයුතු එක්ක පසුගිය කා‍ලේ කාර්යබහුල වුණා. හොඳ නිර්මාණ පසුගිය කාලෙම දකින්න ලැබුණේ නැහැ. ඒකත් හේතුවක් නොදකින්න. ඒ වගේම මම 2005 අවුරුද්දේ ඉඳලා නිෂ්පාදන කටයුතු කළ නිසා නිර්මාණ භාර ගත්තේ හරිම අඩුවෙන් තෝරා බේරාගත් චරිත විතරයි. ඉදිරියේදී ව්‍යාපාර කටයුත්තක් කරන්නත් බලා‍පොරොත්තු වෙනවා.

* ඔබ නිෂ්පාදන කටයුතු කරන හැම නිර්මාණයම ඔබ දෙදෙනාගේ දායකත්වය තියෙනවාද?
ඔව් අපි දෙන්නා රඟපානවා. ඊට අමතරව ජනප්‍රිය හා ප්‍රවීණ රංගන ශිල්පීන් යොදා ගන්නවා.

* ඉදිරියේදී විවාහය හා ව්‍යාපාර කටයුතු එක්ක කාර්යබහුල වෙද්දී රඟපෑමෙන් චතුරිකාව දකින්න බැරිවෙයිද?
අස්ථාවර කලා ක්‍ෂේත්‍රයේ තමයි මේ තරම් දුරක් ආවේ. අනාගතයේදී රංගන ක්‍ෂේත්‍රය තුළ මොන වගේ තත්ත්වයක් තියෙයිද දන්නේ නැහැ. දැන් හොඳ නිර්මාණ බිහි වෙන්නේ නැහැ. ඒ නිසා විදෙස් නිර්මාණ රූපවාහිනී මාධ්‍ය මගින් විකාශය වෙනවා. එහෙම ගියොත් නළු නිළියන්ට රඟපාන්න බැරි වෙන කාලයක් එයි. ඒ දේවල්වලට රජයෙන් නීති රෙගුලාසි දාලා කලාවට ස්ථාවර තත්ත්වයක් තිබුණොත් අපිත් රඟපායි. එහෙම නැති වුණොත් දකින්න නොලැබෙයි.

* ජනප්‍රියත්වය තවම එහෙමමද?
ඉස්සරට වඩා දැන් ප්‍රතිචාර ලැබෙනවා. පාරට බැහැලා කොහේ ගියත් ප්‍රතිචාර ලැබෙනවා. මම 2007 අවුරුද්දේ ඉදලම නිර්මාණවලින් දැක්කේ ඉඳලා හිටලා. ඒත් මිනිස්සු මට තවම ආදරෙයි. කිසිම හේතුවක් නිසා මට ලැබෙන ප්‍රතිචාර අඩුවෙලා නෑ.

NO COMMENTS

LEAVE A REPLY