කොළඹදී ගමන් මල්ලකින් හමුවූ කාන්තා මළ සිරුර ඔබ හඳුනනවාද? – Photos Death...

කොළඹදී ගමන් මල්ලකින් හමුවූ කාන්තා මළ සිරුර ඔබ හඳුනනවාද? – Photos Death body in bag colombo bus stand News

302
0
SHARE
Death body in bag colombo bus stand News
Death body in bag colombo bus stand News

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

පිටකොටුව – බැස්ටියන් මාවත – පෞද්ගලික බස් නැවතුම්පොලේ  ගමන් බෑගයක තිබී සොයාගත් කාන්තා මළ සිරුර හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා. අදාළ කාන්තාවගේ ඡායරූප කිහිපයක් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කළා.

පිටකොටුව – බැස්ටියන් මාවත – පෞද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් බෑගයක තිබී මෙම කාන්තා මළ සිරුර සොයා ගැනුනේ අද උදෑසනයි. බස් නැවතුමේ සිටි කාන්තාවකගේ ගමන් බෑගයක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කර තිබෙනවා. එම අවස්ථාවේදී මගීන් සහ එහි සිටි වෙළඳුන් එක්ව එම ගමන් බෑගය සෙවීමේදී මෙම හිමිකරුවෙකු නොමැති ගමන් බෑගය හමුවූ බවයි  බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පලේ ධාවන කළමනාකරු හෙන්රි ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ගමන් බෑගය හමුවූ අවස්ථාවේ බස්නැවතුම්පොලේ අනුරාධපුර නැවතුම ආසන්නයේ සිටි මගීන්ගෙන් සහ බස් රථ සේවකයන්ගෙන් පොලිසිය ප්‍රශ්න කර තිබෙනවා. එමෙන්ම බැස්ටියන් මාවත, බස් නැවතුම්පොල අවට සවි කර ඇති සී.සී.ටී.වී කැමරා පද්ධතියේ දත්ත පරීක්ෂාවට ලක්කර ඇති නමුත් අදාළ බෑගය තිබූ ස්ථානයේ කැමරා සවිකර නොමැති බවටයි වාර්තාවන්නේ.

මියගිය කාන්තාවගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට මෙතෙක් හැකිවී නොමැති බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනයේදී සිදු නොකිරීමට තීරණය වී තිබෙනවා. මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් සිදු කෙරුණු අතර එහිදී ඇයගේ නාසයෙන් රුධිරය වහනය වී තිබූ අයුරු නිරීක්ෂණය වූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මියගිය කාන්තාවගේ ගෙළෙහි බැඳි රන් පෙන්ඩනයක  ඕම් සළකුණද සඳහන් වනවා.  එමෙන්ම ඇගේ පාදයෙහි සළඹක්ද තිබූ බවයි පොලිස් ආරංචි මාර්ග කියා සිටියේ.

Update : Wednesday, 29 July 2015 – 13:39 | ගමන් මල්ලේ තිබු සිරුර ගැන මහේස්ත‍්‍රාත් පරීක්ෂණය

බැස්ටියන් මාවත – පෞද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් මල්ලක තිබී සොයාගත් කාන්තා මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය මීට ටික වේලාවකට පෙර සිදු කෙරුණා. එහිදී මළ සිරුරේ නාසයෙන් රුධිරය වහනය වී තිබූ අයුරු නිරීක්ෂණය වූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේන් එවූ එම කාන්තාවගේ ඡායාරූප පහතින්

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

Update : Wednesday, 29 July 2015 – 10:29 | බැස්ටියන් බස් නැවතුම්පොලේ  ගමන් මල්ලක කාන්තා සිරුරක්

පිටකොටුව – බැස්ටියන් මාවත – පුද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් මල්ලක තිබී කාන්තා මළ සිරුරක් අද (29) පෙරවරුවේ සොයා ගත්තා. බස් නැවතුමේ සිටි මගීන් කිහිපදෙනෙකු හිමිකරුවෙකු නොමැති ගමන්මල්ලක් දැක පරීක්ෂා කර තිබෙනවා. එහිදීයි මළ සිරුර දැක පිටකොටුව පොලිසියට දැනුම්දී ඇත්තේ. ඒ අනුව, පිටකොටුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් අදාළ ස්ථානයට පැමිණ ගමන්මල්ල නිරීක්ෂණය කර තිබෙනවා. එම නිරීක්ෂණයේදී බෑගය තුළ ඇති මළ සිරුර කාන්තාවකගේ බවට අනුමාන කළ හැකි සාධක ලැබී ඇති බව පිටකොටුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

කෙසේ වෙතත්, ගමන් මල්ල සම්පූර්ණයෙන්ම විවෘත කර වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පෙර එය මහේස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂාවට ලක් කළ යුතුයි.

අලූත්කඩේ අංක 01 මහේස්ත්‍රාත්වරයා – පරීක්ෂණය සඳහා ගමන්මල්ල ඇති ස්ථානයට පැමිණීමට නියමිතව ඇති බව කොටුව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළා. ගමන්මල්ල හමුවූ ස්ථානයට මේ වනවිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

ගමන්මල්ල හමුවූ අවස්ථාවේ බැස්ටියන් බස්නැවතුම්පොලේ අනුරාධපුර නැවතුම ආසන්නයේ සිටි මගීන්ගෙන් සහ බස් රථ සේවකයන්ගෙන් පොලිසිය මේ වනවිටත් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මීට අමතරව, බැස්ටියන් මාවත, බස් නැවතුම්පොල අවට සවි කර ඇති සී.සී.ටී.වී කැමරා පද්ධතියේ දත්ත පරීක්ෂාවට ලක් කිරීමට ද බලාපොරොත්තු වන බව පොලිසිය ප්‍රකාශ කළා. පරීක්ෂණ සඳහා පිටකොටුව පොලිස් නිලධාරින්ගේ සහයට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට එම ස්ථානයට පැමිණ ඇති බව සඳහන්.

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

————————————————————————

බැස්ටියන් මාවතේ බස් නැවතුමේ ගමන් මල්ලක කාන්තා මළ සිරුරක්

කොළඹ බැස්ටියන් මාවත – පුද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් මල්ලක තිබී මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. අද (29) පෙරවරු 9 ට පමණ සිරුර සොයා ගෙන ඇති බවයි පිටකොටුව පොලිසිය ප්‍රකාශ කළේ.

මගියකු නැති වු බෑගයක් සොයා පැමිණ ඇති අතර එහි  මළ සිරුරක් තිබීම පිළිබඳ  පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ .

මළ සිරුර වයස අවුරුදු 35 ත් 40 ත් අතර කාන්තාවකගේ බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියා සිටියා. මළ සිරුර තිබෙන ගමන්මල්ලේ ඇඳුම් කිහිපයක් ද දක්නට ලැබෙන බව සඳහන්.

 

 

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

සිරුරේ අනන්‍යතාව හොයන්න ජනතා සහය පතයි

පිටකොටුව – බැස්ටියන් මාවත – පුද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් මල්ලක තිබී කාන්තා මළ සිරුරක් අද (29) පෙරවරුවේ සොයා ගත්තා. බස් නැවතුමේ සිටි මගීන් කිහිපදෙනෙකු හිමිකරුවෙකු නොමැති ගමන්මල්ලක් දැක පරීක්ෂා කර තිබෙනවා. එහිදීයි මළ සිරුර දැක පිටකොටුව පොලිසියට දැනුම්දී ඇත්තේ.

ඒ අනුව, පිටකොටුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් අදාළ ස්ථානයට පැමිණ ගමන්මල්ල නිරීක්ෂණය කර තිබෙනවා. එම නිරීක්ෂණයේදී බෑගය තුළ ඇති මළ සිරුර කාන්තාවකගේ බවට අනුමාන කළ හැකි සාධක ලැබී ඇති බව පිටකොටුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

ගමන්මල්ල හමුවූ අවස්ථාවේ බැස්ටියන් බස්නැවතුම්පොලේ අනුරාධපුර නැවතුම ආසන්නයේ සිටි මගීන්ගෙන් සහ බස් රථ සේවකයන්ගෙන් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මීට අමතරව, බැස්ටියන් මාවත, බස් නැවතුම්පොල අවට සවි කර ඇති සී.සී.ටී.වී කැමරා පද්ධතියේ දත්ත පරීක්ෂාවට ලක් කිරීමට ද බලාපොරොත්තු වන බව පොලිසිය ප්‍රකාශ කළා. පරීක්ෂණ සඳහා පිටකොටුව පොලිස් නිලධාරින්ගේ සහයට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට එම ස්ථානයට පැමිණ ඇති බව සඳහන්.

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

NO COMMENTS

LEAVE A REPLY