Eat Two Bananas A Day And After A Month This Will Happen...

Eat Two Bananas A Day And After A Month This Will Happen To Your Body Sinhala Article

710
0
SHARE
Eat Two Bananas A Day And After A Month This Will Happen To Your Body Sinhala Article
Eat Two Bananas A Day And After A Month This Will Happen To Your Body Sinhala Article
  දිනකට කෙසෙල් ගෙඩි දෙක බැගින් මාසයක් කෑවොත් ඔබට අත්වෙන විශ්මිත ප්‍රතිලාභ
 

   අද ජීවත් වෙන මිනිස්සුන්ට සෞඛ්‍යයට හිතකර විදියට ආහාර ගන්න වෙලාවක් නැහැ. ඒ වෙනුවට ක්ෂණික ආහාර තමයි ඔව්න් සොයන්නේ. මොනවහරි දෙයක් කඩෙන් අරන් කාලා දරුවන්ටත් කවල පොඩි එවුන්ගේ දවල් කෑම එකටත් මොනවහරි ඔතල දීලඅම්මයි තාත්තයි ඉවරයක් නැති ජීවන මැරතන් එක දුවන්න යනවා. හැබැයි ඔබ හති වැටුන දවසට නැවතිලා බලද්දී ඔබත් ඔබේ දරුවනුත් ලෙඩ රෝග රැසක ගොදුරු වෙලා ඉවරයි. ඒ නිසා පුළුවන් තරම් කෘතීම කෑම ඈත් කරන එක තමයි මේකට හොඳම විසඳුම.

අපි අද කතා කරන්න යන්නේ කෙසෙල් වල ගුණ ගැන. කෙසෙල් කියන්නේ ඉතා රසවත් වගේම පෝෂ්‍යදායී පළතුරක්. කෙසෙල් වල ගුණ කියල නිම කරන්න බැරි තරම්.ඔයා දවසකට කෙසෙල් ගෙඩි දෙක බැගින් මාසයක් කෑවොත් ඔයාගේ ශරීරයට දැනෙන වෙනස ඔයාටම අත්විඳින්න පුළුවන්.

කෙසෙල් කියන්නේ පොටෑසියම් වලින් අනූන, සෝඩියම් අඩංගු නොවන පළතුරක්. ඒ නිසා කෙසෙල් හදවතේ නිරෝගී බවට සහ රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වෙනවා. ඔයා පුරුද්දක් විදියට දිනපතා කෙසෙල් ආහාරයට ගන්නවා නම් ඔයාට හාට් ඇටෑක් එකක් ඇති වීමේ අවධානම 40% කින් අඩුවෙනවා කියල අධ්‍යයනයකින් සනාථ වෙලා තියෙනවා.

ඒ වගේම ඔයා මළ බද්ධයෙන් පීඩා විඳිනවා නම් ඔයා දිනපතා කෙසෙල් ගෙඩි දෙකක් බැගින් ආහාරයට ගන්න පුරුදු වෙන්න. කෙසෙල්වල තන්තු බහුලයි. ඒ නිසා ඔයාගේ බඩවැල් ආශ්‍රිත ගැටළු විසඳා මළ බද්ධය ඔයාගෙන් ඈත් කර තබන්න කෙසෙල් වලට පුළුවන්.

ඔයාට ගොඩක් වෙහෙසකාරී ගතියක් දැනෙනවා නම් ඒකටත් කෙසෙල් හොඳ පිළිතුරක්. කෙසෙල් ඔබට ශක්තිය ගෙනදෙනවා. මේ නිසාම ගොඩක් මළල ක්‍රීඩකයන් පුරුද්දක් විදියට කෙසෙල් ආහාරයට ගන්නවා. ගැස්ට්‍රයිටීස් වලටත් කෙසෙල් ඉතාමත් ගුණදායකයි.

ඔයා යකඩ ඌනතාවයකින් පෙලෙනවානම් ඒකටත් කෙසෙල් ඉතාමත් හොඳ විසඳුමක්. කෙසෙල් වල ඇති පෝෂ්‍ය කොටස් රතු රුධිරාණු නිපදවීම වර්ධනය කරනවා. ඒ නිසා කෙසෙල් කියන්නේ ලේ වල ප්‍රශ්න තියෙන යට ඉතාමත් ගුණදායී ආහාරයක්.

කැස්ස සහ උගුරේ අබාධ සුව කිරීමටත් කෙසෙල් උපකාරී වෙනවා.

ීැරදඑදබසබ කියන්නේ අපේ සිරුරේ තියෙන හෝමෝනයක්. මේ හෝමෝනය මගින් තමයි අපේ ආතතිය අඩු කරන්නේ. ඒ වගේම අපේ සිරුරේ ඇතිවන විවිධ පීඩාකාරී තත්වයන් සමනය කරන්නෙත් මේ හෝමෝනය. අපේ සිරුරේ තියෙන එරහචඑදචය්බ තමයි ිැරදඑදබසබ බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් කෙසෙල් වල එරහචඑදචය්බ තියෙන නිසා කෙසෙල් නිතර ආහාරයට ගැනීමෙන් අපිට සතුටින් සැනසීමෙන් ඉන්න පුළුවන් වෙනවා.

ඒ වගේම අපේ සිතේ එකඟතාවය (ජදබජැබඑර්එසදබ) ඇති කරන්න උදව් වෙනවා. කෙසෙල් වල අඩංගු පොටෑසියම් නිසා මොලය ක්‍රියාකාරී වෙනවා. ඒ නිසා මතක ශක්තිය වර්ධනය වෙනවා. එහෙම බැලුවම ඉගන ගන්න දරුවන්ට දිය යුතුම ආහාරයක් තමයි කෙසෙල් කියන්නේ.

 

ගර්භණි මවුවරුන්ටත් කෙසෙල් ඉතාම ගුණදායකයි. මොකද කෙසෙල් රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරන නිසා.

කෙසෙල් වල ගුණ කොයි තරම්ද කියල දැන් ඔයාලට තේරෙන්න ඇති. ඉතින් ඔයත් නිතර කෙසෙල් කන්න පුරුදු වෙන්න. ඉඩ තියෙනවනම් කෙසෙල් පැළයක් දෙකක් ඉන්දගන්න. ඒ වගේම කොහෙහරි ගිහින් ගෙදර යද්දී, එහෙම නැත්නම් යාලුවෙක්ගෙ ගෙදර යද්දී, ඇපල් මිදී වෙනුවට කෙසෙල් අරන් යන්න.

NO COMMENTS

LEAVE A REPLY