දවස් 30න් කෙට්ටු වෙන්න දේශීය රහස් ඛෙහෙත් වට්ටෝරු මෙන්න. Fat Is Problem...

දවස් 30න් කෙට්ටු වෙන්න දේශීය රහස් ඛෙහෙත් වට්ටෝරු මෙන්න. Fat Is Problem For You Too ? In 30 Days Now You Can Answer For it.

1928
0
SHARE
How to 30 days to be thin

දවස් 30න් කෙට්ටු වෙන්න දේශීය රහස් ඛෙහෙත් වට්ටෝරු මෙන්න.

පමණට වඩා තරබාරු බව හඳුන්වන්නේ අධික ස්ථුලතාවය ලෙසය. එමෙන්ම මෙම තත්ත්වය මේදෝ රෝග වශයෙන්ද හැඳින්වෙනවා. අධිකව තෙල් සහිත මෙන්ම පැණි රස (මධුර) ආහාර වර්ග පරිභෝජනය නිසාත්, ව්යායාමවලින් තොර දිවි පෙවෙතක් ගත කිරීම නිසාත් එමෙන්ම ආරය නිසාත් ස්ථුලතාව ඇතිවන බව සඳහන් වෙනවා.
ශරීරයේ විවිධ කොටස්වල එල්ලා වැටෙන ස්වභාවයක් ඇති වීමත්, එම නිසාම ඇතිවන එදිනෙදා කටයුතු කිරීමේ කාර්යක්ෂටමතාව අඩුවීමත් මේ නිසා ඇති වෙනවා. මීට අමතරව අධික වෙහෙස, වැඩ කිරීමේදී හානිය, මහන්සිය ඇති වීම සහ අවසානයේදී විවිධ ලෙඩ රෝගවලට භාජනය වී ආයුෂ පවා අඩුවන බව සඳහන් වෙනවා. අධික තරබාරු බව ඇති වෙන්නේ ශරීරයේ විවිධ ස්ථානවල අධිකව මේද තැන්පත් වීමෙන්.

අප ගන්නා ආහාරයේ අඩංගු කාබෝහයිඩේ්රිට්, පොු්ටීන හා මේද අධිකව ඇත්නම් ඒවා මේද බවට පත්වී මෙසේ තැන්පත් වෙනවා.

වෙනත් විදියකින් පුකාශ කරන්නේ නම් දෛනික අවශ්යතතාවට වඩා වැඩිපුර කැලරි ප්රේමාණයක් ශරීරයට ලැබීම මගින් කෙනකු අධිකව තරබාරු වීමට පුළුවන්. මෙම මේද ශරීරයේ විවිධ ස්ථානවල විශේෂයෙන්ම උදර බිත්තියේ, පියයුරුවල, ඉනඟ පුදේශයේ, කලවාවල ආදී පුදේශවල තැන්පත් වීමෙන් එම ස්ථාන අනවශ්ය පරිදි විශාල වෙනවා.
තවත් එක් වැදගත් හේතුවක් වන්නේ මෙසේ ආහාරයෙන් ලැඛෙන අතිරික්ත කැලරි වැය නොවීමයි. එවිට ඒවා මේද වශයෙන් තැන්පත් වේ. ඒ අනුව අක්රිය දිවි පෙවෙතක් ගත කරන අය මෙසේ ස්ථුල බවට පත් වේ.
ඒ අනුව ශරීරය වෙහෙසා වැඩ නොකිරීම, ව්යායාම නොකිරීම, වැඩිපුර නිදා ගැනීම වැනි කරුණු ස්ථුලතාවට හේතු වෙනවා.
මේද පරිවෘත්තියට බාධා ඇතිවිමෙන්ද මේදය ශරීරයේ තැන්පත් වෙනවා. විශේෂයෙන් තයිරොයිඩ් ගුන්ථියේ ක්රිියාකාරීත්වය අඩුවන අවස්ථාවලදීත්, ඇඩ්‍රනලින් නම් (ඇඩ්රිනල්) නම් හෝමෝනය නිෂ්පාදනය අඩුවන අවස්ථාවලදීද ශරීරය තරබාරු වෙනවා. වයසට යෑමේදීත් ශරීරය තුළදී මේදය පුයෝජනයට ගැනීම අඩුවීමෙන් ශරීරය තරබාරු වෙනවා. මේ ආකාරයට ආහාරමය කරුණු, ව්යායාම නොකිරීම වැනි ජීවන රටාව හා බැඳුණු කරුණු මෙන්ම විවිධ ලෙඩ රෝගද තරබාරු බවට හේතු වෙනවා.

තරබාරුවට හඳුනාගන්නේ කොහොමද?

තරබාරු බව වසංගතයක් මෙන් පැතිරී යන රෝග තත්ත්වයක් ලෙස දැක්වේ. බෝ නොවන රෝග කාණ්ඩයේ සාමාජික රෝගයක්. ලංකාවේ මෙම තත්ත්වය වර්ධනය වීමට විවිධ හේතු බලපානවා. විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙම රෝග තත්ත්වය ඉත සුලබයි. නාගරීකරණයට ලක්වීම, අධ්යානපන මට්ටම ඉහළ යෑම, ආදායම් මට්ටම ඉහළ යෑම මෙන්ම මැදි වයසට තරබාරු බව ඇති වීමට හේතු කාරණා වෙනවා.

ජීවිතයට තර්ජනයක් තරබාරු බව නිසා එදිනෙදා කටයුතු කාර්යක්ෂවමව කර ගැනීමට නොහැකි වෙනවා. වැඩ කිරීමේදී ඉක්මනින් වෙහෙසට පත් වෙනවා. ශරීරයේ විවිධ අවයව එල්ලා වැටීමෙන් ශරීරය අවලස්සන වෙනවා. ශරීරයේ බර අධික වීමෙන් සන්ධි රෝග ඇති වීමටත් හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි වෙනත් දීර්ඝකාලීන බරපතළ රෝග ගණනාවක් ඇති වීමට හේතුවක් වශයෙනුත් තරබාරු බව හේතු වෙනවා. ඒ අතුරින් අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග ආදිය පුධාන තැනක් ගන්නවා.

තරබාරුකමෙන් මිදීම සදහා ආහාර

පුධාන වශයෙන්ම අධි පෝෂණයෙන් වළකින්න අවශ්යයි. දෛනික අවශ්යතාවට වඩා වැඩිපුර කැලරි ශරීරයට ලැඛෙන ආහාරවලින් ඈත් වෙන්න. විශේෂයෙන්ම අධික තෙල් සහිත ආහාර, පැණි රස බහුල ආහාරවලින් වළකින්න. විවිධ රසකාරක අඩංගු කෙටි කෑම වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න. කුසගින්න නොදැනේ නම් ආහාර ගැනීමෙන් වළකින්න. ආහාර ගන්නා අතර වාරයේ වෙනස් විවිධ කටයුතුවලින් වළකින්න. උදාහරණ වශයෙන් රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම වැනි කටයුතුවලින් වළකින්න.

ව්යායාම ශරීරයේ ඇති අතිරික්ත කැලරි දහනය කරවීම සඳහා දිනපතා කුමානුකූල ව්යායාමවල යෙදෙන්න. ඇවිදීම, කුීඩාවක නිරත වීම පිහිනීම වැනි කටයුතු සඳහා කාලය වෙන් කර ගැනීම ඉතා අවශ්‍යය. මේ මගින් අතිරික්ත කැලරි දහනයට මග පෑදෙයි.

අතිස්ථුලතාවට සැලැසුම් සහගත පුතිකාර කුමයක් දක්වා ඇත

ඒ තුළ ආහාර පාලනය, ව්යායාම මෙන්ම ඖෂධද සඳහන් කර ඇත එනම් ශරීරයේ සැහැල්ලු කරන විවිධ කුමවේද දක්වා ඇත. තවත් සමහර අවස්ථාවලදී කුමානුකූලව ආහාර නොගෙන සිටීමත් දක්වයි. පුද්ගලයාගේ ශරීර තත්ත්වයට අනුව ආහාර වේල් එකක්, දෙකක් හෝ කිහිපයක් නොගෙන සිටීමද තරබාරු බව අඩු කිරීමට සුදුසු කුමයකි. මීට අමතරව ලේඛනීය ලෙස සැලකෙන ඖෂධවලින් ශරීරයේ අතිරික්ත මේදය දහනය කිරීමට ඉඩ සලසයි. මෙසේ ආහාර පාලනය හා ව්යායාම යන මූලික කරුණු අනුගමනය කරන අතර තුර සරල පහසු ඖෂධ මගින් ශරීර බර අඩුකර ගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය. ඒවා බොහොමයක් නිවෙසේදීම පිළියෙල කරගත හැකිය.

දවස් 30න් කෙට්ටු වෙන්න දේශීය රහස් ඛෙහෙත් වට්ටෝරු මෙන්න

• උදෑසන අවදි වූ විගස පළමුව තරමක් රස්සනය ඇති වතුර වීදුරුවක් පානය කිරීමමෙින් ආහාර ජීර්ණය හොඳින් සිදුවන අතර මල බද්ධයද වළක්වයි. මෙය මාසයක් පමණ අඛණ්ඩව සිදු කිරීමෙන් ශරීර බර අඩුවේ. මෙහිදී පානය කිරීමට තරම් හොඳ රස්නයේ වතුර තිබිය යුතුය. නිවුණු වතුර සුදුසු නොවේ. මද රස්නය ඇති (උණු වතුර නොවිය යුතුය)

• වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1ක් මිශුකර උදේ හිස් බඩ පානය කරන්න. මෙය මාස කීපයක් අඛණ්ඩව කිරීමෙන් ශරීරයේ බර අඩුවේ.

• උදේ ආහාර වශයෙන් දිනපතා කැඳ වතුර පමණක් ආහාරයට ගන්න. විශේෂයෙන් වියළි ඉගුරු කැබැල්ලක් දමා කැඳ පිළියෙල කරගන්න. මාසයක් පමණ කාලයක් මෙසේ කිරීමෙන් බර අඩුවේ.

• රාතිුයට සැහැල්ලු ආහාරයක් ගන්න. නින්දට යෑමට පෙර මඳ රස්නය ඇති වතුර වීදුරුවකට දෙහි ඇඹුල් තේ හැඳි 1/2ක් හා මී පැණි තේ හැඳි 1ක් මිශුකර පානය කරන්න. මෙය දිනපතා කිරීමෙන් ශරීර බර අඩුවෙයි.

• දිනපතා ආහාරයෙන් පසු සුදු ලූනු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප 1ක් පානය කරන්න. මේ මගින් ආහාර දිරවීම වර්ධනය කරයි. මේද අවශෝෂණය අඩු කරයි. ශරීර බර අඩු කරයි.

• ගෝවාවල ඔ්රඑරදසජ ්ජසා තිබේ. ඒ මගින් සීනි හා කාබෝහයිඩේ්ට් වර්ග මේදයබවට පත් කිරීම වළක්වයි. මේ නිසා ගෝවා මගින් ශරීර බරද අඩු කරයි. දිනපතා ගෝවා ග්රෑම් 50ක් පමණ දෙහි යුෂ සමග සලාදයක් වශයෙන් ආහාරයට ගැනීම සුදුසුය.

• කරපිංචා කොළ කොටා සාදාගත් ඉස්ම කෝප්ප 1/2ක් දෙහි ගෙඩි 1/2ක ඉස්ම සමගඟ එක්කර උදේට පානය කරන්න. මෙයට ගම්මිරිස් ස්වල්පයක්ද එකතු කළ හැකිය.

මේ අනුව ශරීර බර අඩු කිරීම සඳහා ආහාර පාලනය සහ කුියාශීලී දිවිපෙවතකින් මනා පිටුවහලක් ලැඛෙනවා මෙන්ම ගෙදරදී පිළියෙල කරගත හැකි සරල ආහාර හා අත් ඛෙහෙත්ද ඇති බව ඔබ දැන් දන්නවා.

ආචාර්ය එස්එම්එස් සමරකෝන්
ජේ්ෂ්ඨ කථිකාචාර්ය
කැලණිය විශ්වවිද්යාලය.

NO COMMENTS

LEAVE A REPLY