ඉන්ධන මිල තීරණය කළ හැක්කේ අල්ලා දෙවියන්ට පමණයි – Fuel price decision...

ඉන්ධන මිල තීරණය කළ හැක්කේ අල්ලා දෙවියන්ට පමණයි – Fuel price decision can capture only god

58
0
SHARE
Fuel price decision can capture only god

ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිලේ අනාගතය තීරණය කළ හැක්කේ අල්ලා දෙවියන්ට පමණක් බව සවුදි අරාබියේ ඛනිජ තෙල් අමාත්‍ය අලි අල් නයිමි විසින් පවසා ඇතැයි වාර්තා වේ.

ඔහු පවසා ඇත්තේ සවුදි අරාබිය හෝ ඔපෙක් සංවිධානයට තෙල් මිල පාලනය කිරීමේ හැකියාවක් නොමැති බවයි.

අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ සවුදි අරාබිය විසින් සිය තෙල් නිපැයුම කපා හරින්නේදැයි ඇසූ පැණයකට පිළිතුරු වශයෙනි.

ඉරානයට එරෙහි සම්බාධක ඉවත් කළ විට ඛනිජ තෙල් වෙළඳපොළට ඉරානයේ ආගමනයෙන් සිදුවිය හැකි බලපෑම පිළිබඳව තමන් අවධානයක් නොදක්වන බවද ඔහු පවසා තිබේ.

ඇමරිකානු බලශක්ති තොරතුරු අධිකාරිය පවසා ඇත්තේ ඉරානය විසින් ඛනිජ තෙල් අපනයනය ආරම්භ කළ විට තෙල් මිල ඩොලර් 15කින් පමණ පහත වැටීමේ ඉඩකඩක් ඇති බවයි.

2014 ජුලි මස සිට ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල සීඝ‍්‍රයෙන් පහළ යාම ආරම්භවූ අතර ඒ වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 114ක් ලෙස දැක්විණි.

2015 ජනවාරි වන විට එය අඩකටත් වඩා අඩුවී තිබූ අතර ගෝලීය වෙළඳපොළේ අධි නිෂ්පාදන අර්බුදය හේතුවෙන් වසර 6ක් තුළ අඩුම මිල මට්ටම සටහන් කරන ලදී.

කෙසේවෙතත් අවසන් සති කිහිපයේදී ඛනිජ තෙල් මිල යළි වර්ධනය වෙමින් ඇති අතර මේ වන විට බ්‍රෙන්ට් වර්ගයේ බැරලයක ඩොලර් 67ක මිලකට අලෙවි වේ.

NO COMMENTS

LEAVE A REPLY