රත්‍රං මිල ගණන් වාර්තාගත ලෙස පහළ යයි Gold prices fell a record...

රත්‍රං මිල ගණන් වාර්තාගත ලෙස පහළ යයි Gold prices fell a record In Sri Lanka

782
0
SHARE
gold-price-down-sri-lanka-july-2015
gold-price-down-sri-lanka-july-2015

ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් වාර්තාගත අන්දමින් පහළ බැස තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර පහකට පසු රත්‍රං සඳහා වාර්තා වූ අවම මිල මෙය බව ය.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල පහළ යාමට සාපේක්ෂව මෙරට වෙළෙඳපොළේ ද රත්‍රං මිල ගණන් පහළ ගොස් තිබේ.

ඒ අනුව දේශීය වෙළෙඳපොළේ රත්‍රං ග්‍රෑම් 100ක බරින් යුත් රන් බිස්කට් එකක මිල අද පෙරවරුවේ සටහන් වූයේ රුපියල් පන්ලක්ෂ විසිපන්දහසක් ලෙස ය.

පසුගිය සතියේදී එවැනි රන් බිස්කට් 1ක මිල රුපියල් පන්ලක්ෂ හතළිස් පන්දහසක් තරම් වූ ඉහළ මිලක පැවතිණ.

කැනේඩියානු පවුමක් අද මෙරට වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 52,300 ක මිලකට ය.

එම පවුමක් ග්‍රෑම් 7.7 ක බරින් යුක්ත වේ.

අමෙරිකානු මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමනු ඇතැයි යන අපේක්ෂාව මත ඩොලරයේ අගය ශක්තිමත් වීම මෙම තත්ත්වයට බලපා තිබේ.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල 4% කින් හා ප්ලැටිනම් මිල 5% කින් පමණ පහත වැටී තිබේ.
(under the courtesy of newsfirst.lk web)

NO COMMENTS

LEAVE A REPLY