මම දුෂ්‍යන්ත්ගෙන් ටිකෙන් ටික දුරස් වුණා – හෂිනි Hashini Gonagala Hot Gossips

මම දුෂ්‍යන්ත්ගෙන් ටිකෙන් ටික දුරස් වුණා – හෂිනි Hashini Gonagala Hot Gossips

713
0
SHARE
Hashini Gonagala Hot Gossips

මම දුෂ්‍යන්ත්ගෙන් ටිකෙන් ටික දුරස් වුණා – හෂිනි

සිරස ඩාන්සින් ස්ටාර් හරහා ජනප්‍රිය තරුවක් වුණු හෂිනි ගෝනගල දැන් අපේ සිනමාවෙන් තමන්ගේ ජනප්‍රියත්වය අලුත් කරගනිමින් ඉන්නා කෙනෙක්. ඒ නිසාම අපි මෙවර රිවිසරසියේ කතාබහකට ඇයව එකතු කරගත්තා.

මේ දවස්වල ටිකක් වැඩ වැඩියි වගේ නේද?

රංගනය පැත්තෙන් නම් කරමින් හිටපු වැඩ ටික දැන් ඉවරයි. මේ දවස්වල වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ ඉගෙනීමේ වැඩවලටයි. ඊට අමතරව බැ‍ලේ නර්තන පාස‍ලේ බැ‍ලේ නර්තනය ඉගෙන ගන්නවා. ඒ නිසා ගෙදර ඉන්න තියෙන කාලය අඩුයි.

වැඩිදුර ඉගෙනීම් කරන්නේ මොන පැත්තෙන්ද?

ව්‍යාපාර කළමනාකරණය පැත්තෙන් තමයි ඉගෙන ගන්නේ. ඒකට විශේෂ හේතුවක් විදියට කියන්න තියෙන්නේ තාත්තාගෙ ව්‍යාපාරවලට උදව් කරන්න ඕනෑ පසුබිම හදා ගන්න මට තියෙන වුවමනාව. තවම ඉගෙනීම් කටයුතු කරගෙන ගෙන යන නිසා මං හිතනවා තව ටික කාලෙකින් තාත්තාගේ ව්‍යාපාරවලට උදව් කරන්න මට පුළුවන් වේවි කියලා.

නර්තනය හදාරන්න කාලය හදා ගන්නේ කොහොමද?

නර්ථනය කියන්නේ පුංචි කා‍ලේ ඉඳලම මගේ ඇඟේ තිබුණු දෙයක්. ඒක අපේ ගෙදර අය පවා දැනගෙන හිටියා. ඒ නිසා මොනතරම් වැඩ තිබුණත් නර්තනය හදාරන්න වෙලාව හොයා ගන්න එක මට අමාරු නැහැ.

රංගනය පැත්තෙන් ඈත් වෙන එක ජනප්‍රියකම අඩු වෙන්න හේතු වේවි නේද?

මම සිරස ඩාන්සින් ස්ටාර් හිටපු කා‍ලේ මට ලැබුණු ජනප්‍රියත්වය අදටත් මට තියෙනවා. පාරේ තොටේ යද්දී වුණත් මට ඒක දැනෙනවා. ඒ නිසා රඟපෑම් කටයුතුවලින් ටික කාලෙකට ඈත් වුණා කියලා ජනප්‍රියකම අඩුවෙයි කියලා මම හිතන්නේ නැහැ.

ඉගෙනීම් කටයුතුවලට එකතුවෙලා ඉන්න යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොයි වගේ ද ?

නිතර ටී.වී. එකේ දැකපු ජනප්‍රියත්වයක් තියෙන මං වගේ කෙනෙක් එයාලට නිතර දකින කෙනෙක් වෙලා ඉන්න එක ගැන ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්. හැමෝම කැමැතියි මගේ යාළුවෝ වගේ ඉන්න. ඒ නිසා මට දැනටත් යාළුවෝ ගොඩක් ඉන්නවා.

ඩාන්සින් ස්ටාර් කා‍ලේ දුෂ්‍යන්ත එක්ක තිබුණු යාළුකම අදටත් තියෙනවද?

අපි දෙන්නා අතරේ යාළුකමක් තිබුණේ නර්ථනයේ දී සහයෝගය ලබා ගන්න, ඕනෑ නිසයි. එහෙම නැතිව කලින් ඇති වෙච්ච යාළුකමක්වත්, දිගින් දිගටම යන යාළුකමක්වත් අපි දෙන්නා අතරේ නැහැ. අපි දෙන්නගේ පාරවල් දෙක වෙනස්. මම කැමැති නර්තනය පැත්තෙන් ඉස්සරහට යන්න. දුෂ්‍යන්තට වැඩි අවස්ථාව තියෙන්නේ ගායනය පැත්තෙන්. ඒ නිසා නර්තන තරගය ඉවර වුණාට පස්සේ අපි දෙන්නා අපේ පාරවල්වල යන්න පටන් ගත්තා. ඒත් එක්කම යාළුකමත් ටික ටික ඈත් වුණා.

ඒ වුණාට ඒ කා‍ලේ අහන්න ලැබුණේ ඊට වඩා වෙනස් ආරංචියක් නේද?

අපි දෙන්නා නර්තනයේ දී අපි දෙන්නට දක්වපු සහයෝගය දැකපු හුඟක් අය කිව්වේ අපි පෙම්වතුන් කියලා. ඒ වගේ කතාවක් හැදෙන එක හරිම සාමාන්‍යයයි. ඒ වුණාට අපි අතර කවදාවත් ඒ විදිහේ බැඳීමක් තිබුණේ නැහැ. අපි අතර දැන් යාළුකමක්වත් නැති එකෙන් ඒක පේනවා නේ.

ගෑනු ළමයෙක් ප්‍රසිද්ධ වේදිකාවේ නර්තනයේ යෙදෙනවට ගොඩක් වෙලාවට ගෙදරින් අකැමැතියි. හෂිනිට මුල් කා‍ලේ ඒ වාගේ ගැටලු තිබුණේ නැද්ද?

අපේ තාත්තා තමයි වැඩිපුරම දන්නේ නර්තනයට මගේ තියෙන කැමැත්ත. ඒ නිසා කවදාවත් නර්තන වැඩසටහන්වලට යනවට ගෙදරින් විරුද්ධ වුණේ නැහැ. ඒ විතරක් ‍නෙවෙයි එයාලට පුළුවන් උපරිමය ඒගොල්ලෝ මට සහයෝගය දුන්නා. අදටත් මගේ වැඩවලට ගොඩක්ම සහයෝගය දෙන්නේ අම්මයි, තාත්තයි.

ඉස්සරහට ව්‍යාපාරත් එක්ක කාර්යබහුල වුණොත් හෂිනිගෙ කලා හැකියාවන් දකින්න බැරි වේවි නේද?

රඟපෑම පැත්තෙන් නිතර දකින්න නොලැබුණත් නර්තනය නම් මම අතාරින්නේ නැහැ. මොකද මම ජීවිතයේ වැඩිපුරම කැමැති දේවලින් එකක් තමයි නර්තනය.

නර්තනයට ඔයතරම් කැමැත්තක් දක්වන නිසාම පෙනුම ගැනත් ගොඩක් හිතනවා ඇති?

පෙනුම ගැන නම් හිතනවා. ඒ වුණාට මේ දවස්වල නම් මම ටිකක් මහත් වෙලා. ඒක ගැන ‍පොඩි දුකක් තියෙනවා. ඒ නිසා මේ වැඩ අතරේ වුණත් ආපහු හිටපු ගානට එන්න උත්සාහයක් ගන්නවා.

හෂිනිගේ අද ඉන්න තැන ගැන සතුටු වෙනවද?

මම ගත්ත තීරණ කවදාවත් මට අවැඩක් කරලා නැහැ. ඒ තීරණ නිසා තමයි අද මට ලැබුණු මේ අවස්ථාවන් සහ ජනප්‍රියත්වය කියන දෙකම ලැබිලා තියෙන්නේ. ඒ නිසා මට අද ඉන්න තැන ගැන සතුටු නොවී බැහැ.

ජනප්‍රියත්වයයි, ලස්සනයි දෙකම තියෙන කෙනෙක් නිසා ආදරය ගැනත් යෝජනා ලැබෙනවා ඇති?

යෝජනා නම් ලැබෙනවා තමයි. ඒ වුණාට, මට ගැළපෙන කෙනෙක් හොයන්න, මම අම්මටයි, තාත්තටයි ඉඩ දීලයි තියෙන්නේ.

NO COMMENTS

LEAVE A REPLY