අගමැතිට කුණුහරුපෙන් බනින්නත් නිදහස තියනවා – Have freedom sneaking to Prime Minister-...

අගමැතිට කුණුහරුපෙන් බනින්නත් නිදහස තියනවා – Have freedom sneaking to Prime Minister- Ranil Wickamasinghe

55
0
SHARE
Have freedom sneaking to Prime Minister- Ranil Wickamasinghe

නව ආණ්ඩුව යටතේ ශී‍්‍ර ලාංකික සමාජයේ කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදුවී ඇති බවත්, නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරුවීම ඉන් ප‍්‍රධාන වන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා වන තමනට පාර්ලිමේන්තුවේදී පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කිරීමට තරම් නිදහසක්, ප්‍රජාතන්ත්‍රවාදයක් මේවනවිට රට තුල නිර්මාන්‍ය වී තිබෙන බවත් ඔහු කියා සිටියි.

කුලියාපිටිය නගරශාලාවේ ඊයේ පැවති එජාප ක‍්‍රියාකාරීන්ගේ හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මියගිය සිය ඥාතීන් සිහිකිරීම :

ආගමික ස්ථානයකට ගොස් මියගිය සිය ඥාතීන් සිහිකිරීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව ලැබිය යුතු බව ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කර සිටියේය.

යුද්ධයේදී මියගිය අය සමරමින් උතුරේ සහ නැගෙනහිරත් රටේ සෙසු ප‍්‍රදේශවලත් ඉකුත් දිනවලදී සංවිධාන කෙරුණු වැඩසටහන් ත‍්‍රස්තවාදය යළි නැගිටීමක් නොවන බවද අග‍්‍රාමාත්‍යවරයා පැවසිය.

පාසල් දැරියක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් යාපනයේ ඉකුත් දා කෙරුණු උද්ඝෝෂණය පිළිබඳවද අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ, බෙදී වෙන් වී තිබුණු රට දැන් එක්සත් වී ඇතැයි මෙම උද්ඝෝෂණයෙන් පැහැදිළි වූ බවයි.

NO COMMENTS

LEAVE A REPLY