දිනපතා නෑම ආයුෂ අඩුකරයි – නවතම පරීක්ෂණයකින් හෙළිවේ.

දිනපතා නෑම ආයුෂ අඩුකරයි – නවතම පරීක්ෂණයකින් හෙළිවේ.

183
0
SHARE
heath-news-sri-lanka

‘සියක් ආයු ලැබ මගෙත් ආයු ලැබ මටත් වඩා කල් ඔයා ජීවත් වෙන්න ඕනා‘ පණ ඇරලා ආදරේ කරද්දි හැමෝම ඔය වගේ කතා කියනවා. ඔබටත් එයා කියලා ඇතිනේ. හැබැයි ඉතිං ‘ඔයාගේ පණ ටික භාජනේකට දාලා මට දෙන්නකෝ ‘ කිවුවොතින් නං එයා අතුරුදහන් වෙන්න සුදු වෑන් එන්න ඕන නෑ. එහෙමයි කියලා එයා ආදරේ  නෑ කියලා හිතන්න නං එපා හොදේ.. ඒ තමයි ලෝක ස්වභාවය. හැමෝම ආසා වැඩිපුර ජීවත් වෙන්න. ඒ නිසා පණට ආදරේ නං මේ කතාව කියවලා පණටත් කියන්න.

එදිනෙදා ජීවිතේදි අපි අනිවාර්යෙන්ම කරන දේවල් තියෙනවා. අනිවාර්යෙන්ම කරන්න ඕන දේවල් තියෙනවා. ඒත්  ඊයේ පෙරේදා කරපු නවතම සොයා ගැනීමකින් හෙළිවෙලා තියෙනවා අපි එදිනෙදා කරන සමහර දේවල් නිසා ජීවිත කාලය කෙටි වෙනවා කියලා. මොනවද දෙයියනේ ඒ…

1. වාඩි වී සිටීම –  හොයාගෙන තියෙන විදිහට දවසකට පැය 6කට වඩා වාඩිවෙලා ඉදීමෙන් හදවත් රෝග අවධානම 64% කින් ඉහල යනවා. ඔෆිස් ගි‍හිං වාඩි වෙලා ඉන්නවා, බස් එකෙත් වාඩිවෙලාම එනවා, ගෙදර ආවත් TV එක ඉස්සරහ වාඩිවෙලා ඉන්නවා. ලෙඩ හැදෙනවා කියලා හිටගෙන ඉන්නයෑ.

2. නෑම – අපිරිසිදුව ඉන්න බැරි නිසා නාන්නම වෙනවා. ඒත් දිනපතා නෑමෙන්, උණු වතුර නෑමෙන්, නාන විට කුණු ඇතිල්ලීමෙන් සම වියලී වියපත් වීම ඉක්මන් කරනවා.

3. Computer එක පාවිච්චි කිරීම – දැන් කාටත් නැතුවම බැරි දෙයක් උනාට සමහර Computers පාවිච්චි කලාම ඇස් පෙනීමේ දුර්වලතා වගේම නහර ආශ්‍රිත රෝග ඇතිවෙන්න පුළුවන්.

4. මේස් දැමීම – වැඩි වෙලාවක් මේස් දාගෙන ඉන්නකොට සමේ සහ මොළයේ සෛල වල වායු හුවමාරුවට බාධා ඇතිවෙනවා. ඒ නිසා සෛල වලට හානි වෙනවා. මොනවා කරන්නද? මේස්, සපත්තු නැතුව සෙරෙප්පු දාගෙන ඔෆිස් යන්න බෑනෙ.

5. ඉර එලියට නිරාවරණය වීම – ලංකාවෙ ඉන්න අපිට ඉතිං කොහේ ගියත් අව්වනෙ.ඉතිං අහිතකර කිරණ වලට විවෘත වීම නිසා සමේ රෝග හැදෙන්න ඉඩ තියෙනවා.

6. ව්‍යායාම කිරීම – ශාරීරික ‍යෝග්‍යතාව පවත්වාගන්න, සමහර ලෙඩ අඩු කරගන්න ව්‍යායාම කරන්නම ඕන උනාට ව්‍යායාම කිරීම නිසා දණහිස් හා අස්ථි ආශ්‍රිත ආබාධ ඇතිවෙන්න පුළුවන්.

7. ඇඹුල් රස කෑම ආහාරයට ගැනීම – ඒවායේ ආම්ලික බව දතේ එනැමලයට හානි කර දන්ත රෝග ඇති කරවනවා. එත් ඉතින් ලුණු ඇඹුල් නැතුව ලංකාවෙ අපි කටට රහට කෑම වේලක් කන්නෙ කොහොමද?

හරි … දැන් මේවා නොකර ඉන්නද හිතන්නේ. බෑ නේ. ඒක තමයි මුලින්ම කිව්වෙ මේ ඔක්කොම නොකර බැරි වැඩ කියලා. හැබැයි ඉතිං එක දවසක් හරි වැඩියෙන් ජීවත්වෙන්න ඕනෙ නං උඩින් තියෙන ඒවා ඕනවට වඩා කරන එක නතර කරගන්න try කරන්න. ඒත් ඉතිං එකක් නං අඩු නොකලට කමක් නෑ. ඒක මොකද්ද කියලා කියන්න ඕන නෑනේ?

සටහන සජීව ද සිල්වා

NO COMMENTS

LEAVE A REPLY