Home Remedies For Chafing

Home Remedies For Chafing

90
0
SHARE
Home Remedies For Chafing
Home Remedies For Chafing

ඔයා ඇදුමක් ඇන්දාම ඇග කැපිලා වගේ රතු වෙනවද ඇතැම් විට මෙය ඔබට වේදනාකාරි දෙයක් මෙය අධික ලෙෂ දහඩිය දැමීම අතිරික්ත ශරිරයේ බර ආදිය නිසා වැඩිදියුණු වන්නට පුලූවන්.ඒ වගේම අධික සීතල පීඩනය සමගත් මෙය වැඩි වෙනවා.සාමාන්‍යයෙන් මෙය ශරිරයේ පිටුපස ප්‍රදේශයේ දැකිය හැකි අතර කලවා ,තනපිඩු ,අත්යට, ඉකිලි හා ඛෙල්ල ප්‍රදේශවල බහුල වශයෙන් දක්නට පුලූවන්.

ඒ් නිසා අපි අද ඔබට ස්වභාවික පිළියම් කිහිපයක් හදුන්වා දෙනවා.

♣සීතල වතුරෙන් තෙරපන්න
ඔබේ බලපෑමට ලක්වු ප්‍රදේශයේ සීතල වතුරෙන් හොදින් තෙරපන්න.(කෙලින්ම සම මත අයිස් තබන්න එපා)එය රත් පැහැගැන්වීම අවම කරනවා.
සිහින් තුවායක් ගෙන අයිස් කැට දමන්න දැන් විනාඩි 5ක් පමණ බලපෑම වු ප්‍රදේශයේ රදවා තබන්න.දැන් විවේක ගන්න මෙසේ දිනකට තුන්වතාවක් පමණ සිදු කරන්න

♣කෝමාරිකා
කෝමාරිකා වල ඇති ජෙල් ඔබේ බලපෑමට ලක්වු සම මත දිනකට දෙතුන් වතාවක් ආලේප කරන්න.ඔබට කෝමාරිකා ජෙල් නැතිනම් ෆාමසියකින් එය මිලදි ගත හැකියි.

♣ඔලිව් තෙල්
ඔලිව් තෙල් සම සදහා සුදුසු ප්‍රබල විටමින් ඊ ගුණ සහිත තෙල් වර්ගයක්.ඔයා නෑවට පස්සේ අතට ඔලිව් තෙල් බිංදු කිහිපයක් දාගෙන බලපෑමවුනු ප්‍රදේශයේ ආලේප කරන්න ඕනි.ඒ වගේම ඔයාට මේ සදහා පොල්තෙල් යොදා ගන්නත් පුලූවන්.

♣කහ
ජලය තේ හැන්දක් සමග කහ තේ හැදි 3ක් දමා හාදින් මිශ්‍ර කරගන්න.බලපෑම වු ප්‍රදේශයේ ආලේප කරන්න.මෘදු රෙදි කඩකින් ඒ ප්‍රදේශය ආවරනය කරගෙන විනාඩි 30කින් පසු ඉවත් කරන්න.මෙය දිනකට දෙතුන් වතාවක් සිදු කරන්න..

NO COMMENTS

LEAVE A REPLY