ලංකාවේ කාන්තාවක් සෞදියේදී තෙමහල් නිවසකින් පනී House Maid Commits Suicide In Saudi...

ලංකාවේ කාන්තාවක් සෞදියේදී තෙමහල් නිවසකින් පනී House Maid Commits Suicide In Saudi Arabia

301
0
SHARE
House Maid Commits Suicide In Saudi Arabia

සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරත ශ්‍රී ලාංකික කාන්තාවකට එල්ල වූ හිංසා පීඩා හේතුවෙන් තෙමහල් ගොඩනැගිල්ලකින් පැන සියදිවි හානිකර ගැනීමේ පුවතක් වාර්තා වනවා. කාන්තාව මියයාමට සති කිහිපයකට පමණ පෙර දුරකතන ඇමතුමක් ලබාදී සඳහන් කර ඇත්තේ නිවෙස් හිමියා තමන්ට පහරදෙන බවයි.

පොළොන්නරුව – වැලිකන්ද – මුතුගල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කුවන්දිරම් සන්දා නැමැති කාන්තාව සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් ඇත්තේ පසුගිය මාර්තු 22 වනදායී.

ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියක් මඟින් විදේශගත වී ඇති ඇය, මීට පෙර කුවේට් රාජ්‍යයේද ගෘහ සේවයේ නිරත වී ඇති බව සඳහන්. ඇයගේ මව වන තව්මනී සිත්තරාදේවි සඳහන් කළේ නිවෙස් හිමියාගෙන් එල්ල වන හිංසා හේතුවෙන් තම දියණිය සියදිවි හානිකරගන්නට ඇති බවට සැක පළ කරන බවයි.

මියයන විට මෙම කාන්තාව දරු දෙදෙනෙකුගේ මවක්. කෙසේ වෙතත්, තම දියණියගේ මෘතදේහය කඩිනමින් ගෙන්වා දෙන ලෙසයි ඇයගේ මව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණියගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අවසන් කිරීමෙන් අනතුරුව කඩිනමින් එම මෘතදේහය මෙරටට ගෙනඒමට කටයුතු කරන බවයි.

NO COMMENTS

LEAVE A REPLY