ඉන්ෆ්ලුවෙන්සා නිසා ලංකාවේ හතක් මරුට – ලෙඩෙන් බේරෙන්න මේ ලිපිය හොඳට කියවන්න...

ඉන්ෆ්ලුවෙන්සා නිසා ලංකාවේ හතක් මරුට – ලෙඩෙන් බේරෙන්න මේ ලිපිය හොඳට කියවන්න – Influenza In Sri Lanka

838
0
SHARE
Influenza In Sri Lanka
ඔබ දකුණ, වයඹ, බස්නාහිර පදිංචි ද..
උගුරේ වේදනාව, සොටු දියර ගැලීම, හිසරදය තිබෙනවා ද..

ඔබට නිදන්ගත රෝග තිබෙනවා ද..

ඉන්ෆ්ලුවෙන්සා A H1N1 රෝගය වැළඳීමෙන් පුද්ගලයන් 7 දෙනකු මේ වසරේ ගත වූ කාලය තුළ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා.

රට පුරා රෝහල්වලින් වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලැබෙන සාම්පල් පරීක්ෂා කිරීමෙන් පුද්ගලයන් 143 දෙනකුට මේ වන විට ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳී ඇති බවට තහවුරු කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

බලපිටිය, කළුබෝවිල, කෑගල්ල, ගම්පහ, බදුල්ල යනාදි රෝහල්වලින් මරණ වාර්තා වී ඇති අතර දකුණ, වයඹ, බස්නාහිර පළාත්වල මේ වෛරස් රෝග තත්ත්වය වැඩි වශයෙන් ව්‍යාප්තව තිබෙනවා.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සඳහා වන එන්.95 නමැති මුඛ වැසුම් රෝහල්වලට ලබාදී ඇති බවත් රෝගීන් රුධිර සාම්පල් පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය පැය 24 පුරා විවෘතව ඇති බවත් වෛද්‍ය මහීපාල මහතා පෙන්වා දෙනවා.

සාමාන්‍යයෙන් වසරේ මැයි, ජූනි, ජූලි සහ දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කාලවල රෝගය ව්‍යාප්ත වීම සිදුවනවා.

ඉන්ෆ්ලුවෙන්සා A H1N1 රෝගයට අඳාළ වෛරසය පැය දෙකත් හතත් අතර කාලයක් පුරා සජීවීව බාහිර පරිසරයේ ක්‍රියාත්මක වෙමින් පවතින අතර උණ, කැස්ස, උගුරේ වේදනාව, සොටු දියර ගැලීම, හිසරදය, පාචනය සහ වමනය පවතී නම් එය ඉන්ෆ්ලූවෙන්සා රෝග ලක්ෂණ විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

ගැබිනි මව්වරුන්, අවුරුදු දෙකට අඩු ළමයින්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්, දියවැඩියාව වැනි නිදන්ගත රෝග පවතින පුද්ගලයන්ට මේ රෝග ලක්ෂණ එක් දිනකට වඩා පවතින්නේ නම් වහාම රජයේ රෝහලකට ගොස් ප්‍රතිකාර ලබා ගත බව වෛද්‍ය මහීපාල මහතා සඳහන් කළා.

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ පවතින පුද්ගලයන් සෙනඟ රැස්වන ස්ථාන හා අවස්ථා මඟ හැරීම, කැස්සක් හෝ කිවිසුමක් ඇති වන විටකදී මුව හා නාසය ලේන්සුවකින්, ටිෂුවකින් හෝ තම වැලමිටෙන් ආවරණය කරගැනීම, නිතර දෑත් සබන් යොදා පිරිසිදු කිරිම, ලේන්සුව නිතර සේදීම, ටිෂු ආරක්ෂිත ලෙස ඉවතලීම යනාදිය සිදු කළ යුතුයි.

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

NO COMMENTS

LEAVE A REPLY