පෙම්වතා නළුවෙක් අපේ දැන හැඳුනුම්කමට අවුරුදු දාසයක් වෙනවා – Actor boyfriend slaves...

පෙම්වතා නළුවෙක් අපේ දැන හැඳුනුම්කමට අවුරුදු දාසයක් වෙනවා – Actor boyfriend slaves to our thought of years

1311
0
SHARE
interview-with-volga-kalpani-hot-video
interview-with-volga-kalpani-hot-video

කොහොමද ලන්ඩන් මොනිකාට තියෙන ප්‍රතිචාර ?

අඟ=‍රු සිත්තම්˜ නාට්‍යයේ —ලන්ඩන් මොනිකා˜ මෙච්චර කාලයක් මම රඟපෑ චරිත අතුරින් වෙනස්ම චරිතයක්. ඒ චරිතයට ගොඩක් ප්‍රතිචාර තියෙනවා ඒක

ඒ වගේ චරිතයක් රඟපෑම අභියෝගයන් වුණේ නැද්ද?

ඇත්තටම අභියෝගයක් තමයි. මොකද —ලන්ඩන් මොනිකා˜ වගේ චරිතයක් මම කවදාවත් කරල නැහැ. අනික ඒ නාට්‍යය පුරා තිබුණේ රණ්ඩු වෙන්න, ගහගන්න.

ඒ වගේ ජවනිකා රූගත කරන්න ගිහින් අමතක නොවන අත්දැකීම්වලට මුහුණ දෙන්නත් සිදුවන්න ඇති ?
එක ජවනිකාවක මම ඉයුරි (දිලිනි ලක්මාලි) ගේ ගෙදරට ගිහින් එයා එක්ක රණ්ඩු වෙනවා. ඒ වෙලාවේ දිලිනි මට ගහනවා. ජවනිකාව සාර්ථකව එන්න ඇත්තටම ගහන්න කියලා මම දිලිනිට කිව්වා. දිලිනි මට ගහනකොට මගෙ අම්මාගේ චරිතය රඟපාන හංසමාලා ජානකි අක්කා පැනලා අපි දෙන්නව දෙපැත්තට කරනවා. කොහොම හරි ඉතින් ඒ ජවනිකාව රූගත කළා. ඒක රූගත කරල ඉවරවෙද්දී මගේ ඇඟ පුරා නිය‍පොතු පාරවල්. දිලිනිගෙයි හංසමාලා අක්කගෙයි දෙන්නගෙම නිය‍පොතුවලට මාව සීරිලා.

අඟ=‍රු සිත්තම් නරඹන අය හිතන්නේ දිලිනියි වොල්ගයි වෛරක්කාරයෝ කියලා.

ඒත් කලා ලොවේ මගෙ සමීපතම මිතුරියන් දෙදෙනා තමයි තිසුරි යුවනිකා සහ දිලිනි ලක්මාලි.

වොල්ගාගේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කියන්නකෝ ….

මගෙ ගම රාගම. මම කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලින් සහ මොරටුව වේල්ස් කුමාරි විදුහලින් අධ්‍යාපනය ලැබුවා.

කොහොමද වොල්ගා නිළිකමට එකතු වුණේ?

මුලින්ම මම ක්‍ෂේත්‍රයට ආවේ නිවේදිකාවක් විදියට. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ. එහිදී තමයි බුද්ධික කුලසේකර මහතා මට රඟපෑමට ආරාධනා කළේ. ස්වර්ණවාහිනියේ විකාශය වූ zzවස්සාන සිහිනයZZ ටෙලි නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් කළා. මුතු පලස ටෙලි නාට්‍යයෙන් තමයි කතාබහට ලක්වෙන චරිතයක් රඟපෑවේ.

මේ වෙද්දී ටෙලි නාට්‍ය කීයක රඟපාලා තියෙනවද?

ටෙලි නාට්‍ය නවයක රඟපාලා තියෙනවා.

දැන් නිවේදන ක්‍ෂේත්‍රයෙන් දුරස්වෙලා පූර්ණකාලීන නිළියක් වෙලාද?

මම ස්වර්ණවාහිනියේ ස්ථීර නිවේදිකාවක් විදියට හිටියේ නැහැ. නිදහස් නිවේදිකාවක් විදියටයි කටයුතු කළේ. රඟපෑමට ආවම ඒ තුළ කාර්යබහුල වුණා. ඒ හින්දා නිවේදනයට යොමුවීමට තියෙන කාලය අඩුවෙලා ඉබේම වගේ ඉන් දුරස් වුණා. හැබැයි මම ආසයි ආයෙම නිවේදනයට එන්න.

නිවේදනය හා රංගනය යන අංශ දෙකින් වඩා කැමැත්තක් දක්වන්නේ කුමන ක්‍ෂේත්‍රයටද?

වැඩි කැමැත්තක් තියෙන්නේ නිළිකමට. ඒත් රඟපාන අතර විවේකය අනුව නිවේදනය තුළ රැඬෙන්නත් කැමතියි.

ආදරය හා විවාහය ගැනත් කතා කරමු ?

මම පෙම්වතියක්. ඉදිරියේදී විවාහය ගැන කියන්නම්.

ඔහු ගැන කියන්න කැමති නැද්ද?

ඔහු හා මා අතර දැන හැඳුනුම්කමට අවුරුදු දහසයක් විතර වෙනවා. මුලදී අපි ඇසුරු කළේ යාළුවෝ විදියට. හැබැයි දැන හැඳුනුම්කම පසුකාලයේ ඉබේම ආදරයකට පෙරලූ‍ණා. ඉදිරියේදී අපි විවාහ වෙනවා.

ඔහු නළුවෙක් නේද?

ඔව්, ඒත් අපි අඳුනන්නේ ක්‍ෂේත්‍රයට එන්නට කලින් ඉඳලයි.

ඔහු සහ ඔබ ටෙලි නාට්‍යවල පෙම්වතුන් විදිහට රඟපාලා තියෙනවද?

ඔව්.

වොල්ගා නළු පෙම්වතාගෙ නම කියන්න අකමැති නම් මතෛක් ටෙලි නාට්‍යවල පෙම්වතුන් විදිහට රඟපෑ නළුවන්ගේ නම් ලැයිස්තුව කියන්නකෝ.

මම මුලින්ම ටෙලි නාට්‍යයක පෙම්වතිය වුණේ විශ්ව ලංකාගේ. ඊට පස්සේ දිලූ‍ම් බුද්ධික. සමීර ශානක, හර්ෂන ඛෙත්මගේ. ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, සංකේත් වික්‍රමගේ. ශෂිරංග වික්‍රමසිංහ යන අයත් එක්කත් පෙම්වතුන් විදියට රඟපාලා තියෙනවා.

පෙම්වතාගේ නමට අකුරු කීයද ? තුනද? හතරද? වත් කියන්න බැරිද?

උත්තරේ ඔය ප්‍රශ්නේ ඇතුළෙම තියනවා. ඊට වැඩිය නම් යමක් කියන්න බැහැ.

ආරියවංශ කුලතිලක

NO COMMENTS

LEAVE A REPLY