එයා නීතිඥයෙක් වුණාට මට නීති දාන්නේ නෑ – ඉෂාරා සඳමිණි ishara sandamini...

එයා නීතිඥයෙක් වුණාට මට නීති දාන්නේ නෑ – ඉෂාරා සඳමිණි ishara sandamini boy

710
0
SHARE
ishara sandamini boy

ඉෂාරා සඳමිණි පුංචි තිරයට අමුත්තියක් නමෛයි. ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකම ප්‍රධාන චරිත නිරූපණය කරන ඇය නිරූපිකාවක් හැටියටත් නිවේදිකාවත් හැටියටත් දැකගන්න ලැබෙනවා. ඇය පසුගිය 21 වැනි දා පතිකුලයට එළැඹුණා. අලුතින් ආරම්භ කළ ජීවිතයේ තොරතුරු රිවිසරසි කතා බහට එක් කළේ ඇය මෙලෙසිනුයි.

* ඉෂාරා අලුත් වගකීම කොයිවිදිහටද දැනෙන්නේ?
විවාහ වෙන්න කලවයස හරි නිසාත් ජීවිතය සතුටින් බෙදාගන්න පුළුවන් සහකරුවෙක් මුණගැහුණු නිසාත් ඉක්මනට විවාහ වෙන්න තීරණය කළා. ඒ තේරීම හරි කියලා හිතෙනවා. විවාහය කියන්නේ පවුලක් පවත්වාගෙන යන වගකීමක් හා බිරිඳ සැමියා අතර තිබෙන බැඳීමක්. මම විශ්වාස කරනවා. ඒ බැඳීමට මට සාධාරණයක් කරන්න පුළුවන් කියලා. වගකීම හරියට ඉටුකරන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා.

* ගැහැනු ළමයෙක් හීන දකින්නේ ලස්සන මනමාලියක් වෙනවා දකින්න. ඒ ලස්සන දවස ඔබටත් උදා වුණා.
එදා දවස හැඩ වුණ හැටි ගැනත් කියමු?
අපේ විවාහ මංගල උත්සවය 21 දා පැවැත්වුණේ කොළඹ ගලධාරි හෝටලයේ 24දා දෙවැනි ගමනේ  උත්සවය නුවර පැවැත්වෙනවා. මාව හැඩගැන්වූවේ ධනංජය බණ්ඩාර. ඡායාරූප 3000ච් කරනවා. දෙවැනි දවසේ මාව ලස්සන කරන්නේ නාමල් බාලචන්ද්‍රන්. ඡායාරූප ඉන්දික මල්ලවආරච්චි කරනවා. මේ හැමෝගේම සහයෝගයෙන් අපේ මංගල උත්සවය ලස්සන වෙනවා. ඒ වගේම කියන්න ඕන අපි විවාහ මංගල උත්සවයට හෝටල් මේ වසර මුල වෙන් කරවා ගත්තාට මාස දෙකක පුංචි කාලයක් ඇතුළේ තමයි විවාහයට සූදානම් වුණේ. ඒත් හොඳින් හැම වැඩකටයුත්තක්ම වුණා.

* මාධ්‍යයට නිතරම කිව්වේ පෙම්වතෙක් නැහැ කියලා. විවාහය හා පෙම්වතා ගැන මාධ්‍යයට හැංගුවේ ඇයි ඉෂාරා…?
විවාහය කියන්නේ අතිශය පුද්ගලික දෙයක්. ඕනෑම කෙනෙක් විවාහ දිනය ළංවෙනතුරු ඒක ප්‍රසිද්ධ කරන්න ඕන නැහැ. කියන මතයේ මම ඉන්නවා. ඒ නිසා මමත් මනමාලියක් වෙනකල් මාධ්‍යයට කිව්වේ නැහැ.

* ඔබට ඔහුව මුණගැහෙන්නේ ඔබ නිළියක් නිසයි. නීතිඥවරයෙක් වුණ ඔහුව ඔබට මුණ ගැහෙන්නේ කොහොමද කියලා කිව්වොත්?
එයා නීතිඥවරයෙක් වගේම ව්‍යාපාරිකයෙක්. එයාගේ නම අනුර පතිරණ. ගම මහනුවර. එයාගේ හොඳම යාළුවා තමයි ස්වර්ණවාහිනියේ නිවේදක ධම්මික යටිකිඳ. අනුර මාව රූපවාහිනියෙන් දැකලා තිබුණත් වසරක පමණ කාලයක් මගේ දුරකතන අංකයක් හොයාගන්න බැරිවෙලා. ඒ නිසා දවසක් ධම්මික එක්ක මාව මුණගැහෙන්න ස්වර්ණවාහිනියට ආවා. එදා ධම්මික අයියා තමයි මගේ දුරකථන අංකය ඉල්ල ගත්තේ. අනුර ගැන කිසිදෙයක් කිව්වේ නැහැ. අනුර වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට ලන්ඩන් ගිහින් ඇවිත් දවසක් මට කතා කළා. ඒ මීට අවුරුදු දෙකකට විතර කළින්. එයා එයාගේ අදහස කිව්වා. ඊට පස්සේ අපි යාළුවෝ වගේ ආශ්‍රය කරලා දැනහඳුනාගත්තට පස්සේ ආදරය කරන්න පටන්ගත්තා. විවාහ වෙන්න තීරණය කළාට පස්සේ දෙපාර්ශ්වයේ දෙමාපියන්ගේ ආශීර්වාදය ලබාගත්තා.

* ඔබ දෙදෙනා වෘත්තීන් දෙකක් නියෝජනය කරන්නේ. කාර්යබහුලකම හා වෘත්තීය වැඩකටයුතු එක්ක ඔබව ඔහුට ගැළපෙනවා කියලා හිතෙනවද?
එයා නීතිඥවරයෙක් වුණාට කලාවට ආදරය කරන කෙනෙක්. හොඳින් තේරුම් ගත්තා ආශ්‍රය කළ කාලයේ. විවාහ වුණාට පස්සේ අපේ වෘත්තීන් ගැන අවබෝධයක් නැති වෙයි කියලා හිතන්න අමාරුයි. තේරුම් ගැනීම තිබුණ නිසයි විවාහ වුණේ. ඒ තේරුම් ගැනීම ඉදිරියටත් තියේවි කියලා විශ්වාස කරනවා. පවුල් ජීවිතයට මම හිතෙන්නේ නෑ වෘත්තිය හරස් වෙයි කියලා.

* දිගටම රඟපානවාද? නැත්නම් රඟපෑම අතරමගදී නතරවෙයිද?
විවාහ වුණා කියලා මට මේ වෙනතුරු කරගෙන ආව වැඩකටයුතු අතරමග නතර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කරපු වැඩ ඉදිරියටත් කරනවා. අනුරගෙන් මට තහනමකුත් නැහැ. ඒ නිසා ගැටලුවක් නැහැ.

හර්ෂණී වීරරත්න | ඡායාරූප – ඉන්දික මල්ලවආරච්චි

NO COMMENTS

LEAVE A REPLY