ලංකා ඉතිහාසයේ විශ්මිතම සැත්කමක් කරාපිටියේදී සාර්ථකව නිමවුණු හැටි – වීඩියෝ – Karapitiya...

ලංකා ඉතිහාසයේ විශ්මිතම සැත්කමක් කරාපිටියේදී සාර්ථකව නිමවුණු හැටි – වීඩියෝ – Karapitiya Hospital Operation

100
0
SHARE
karapitiya-hospital-operation-sri-lankan-begest

ගාල්ල – කරාපිටිය ශීක්ෂණ රෝහලේ සිදුකළ ප්‍රථම දෙබිඩි දරුවන් වෙන් කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව අවසන් කිරිමට එම රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසකට හැකිවුණා.එම සැත්කම සදහා විශේෂඥ වෛද්‍යවරු 15 දෙනෙකුගෙන් යුක්ත වෛද්‍ය කණ්ඩායමක් සහභාගි වී තිබෙනවා.

අක්මීමන – කුරුදුවත්ත – චීන මිත්‍රත්ව ගම්මානයේ පදිංචි වෘත්තීයෙන් ධීවරයෙකු වූ ප්‍රදීප් කුමාර සහ ආශා දමයන්ති යුවලට මෙම දෙබිඩි දරුවන් උපත ලබන්නේ ගාල්ල – මහමෝදර ශික්ෂණ රෝහලේදීයි. ඒ පසුගිය මාර්තු මස 11 වැනිදා.

තිලෝකී සහ තිවංකි ලෙස නම් ලබන මෙම බිළිදියන් දෙදෙනා උපතේ සිට වෙන්කිරීමේ සැත්කමට භාජනය කරන තුරුම ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ආරක්ෂාව යටතේ ජීවත් වුණා. ඒ අනුව වෛද්‍යවරු තීරණය කරන්නේ මෙම දැරියන් දෙදෙනාගෙන් දුර්වල දැරිය ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමටයි.

සාමාන්‍යයෙන් මෙවැනි දරුවන් වෙන් කිරීමේ සැත්කම් සිදු කරනු ලබන්නේ දරුවන්ගේ ඉපදීමෙන් අවුරුද්දක් හෝ දෙකක් ඉක්ම යාමෙන් අනතුරුවයි. නමුත්, මෙම බිළීදියන්ගෙන් දුර්වල දරුවාගේ හදවතට ශක්තිය ලබාදීම නිසා අනෙක් දරුවාගේ හදවත ක්‍රමයෙන් අකර්මන්‍ය වීමට ලක්වීම නිසා දෙමස් වියති මෙම බිළිදියන්ගේ ශල්‍යකර්මය ඉක්මනින් සිදු කිරීමට වෛද්‍යවරුන්ට සිදුවනවා.

ඒ අනුව 19 වනදා අලුයම මෙම බිළිදියන් වෙන් කිරීමේ ශල්‍යකර්මය ආරම්භ වන අතර, ඊට විශේෂඥ වෛද්‍යවරුන් 15 දෙනෙකු සහභාගී වුණා.

පැය 10 කට ආසන්න කාලයක් සිදුකළ මෙම සංකීර්ණ ශල්‍යකර්මයෙන් අනතුරුව තිලෝකිගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත් වුවත්, තිවංකි දැරියට එම වාසනාව හිමි වන්නේ නැහැ. සැත්කමින් පසුව තිලෝකි බිළිඳිය කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා.

NO COMMENTS

LEAVE A REPLY