යාළුවාට අපි දෙන්නා ඉන්න කාමරේට එන්න කියලා යාළුවාවයි මාවයි තනිකරලා එයා යනවා!!...

යාළුවාට අපි දෙන්නා ඉන්න කාමරේට එන්න කියලා යාළුවාවයි මාවයි තනිකරලා එයා යනවා!! Katunayake Garment girls story

1114
0
SHARE
garment-girls-story
garment-girls-story

යාළුවාට අපි දෙන්නා ඉන්න කාමරේට එන්න කියලා යාළුවාවයි මාවයි තනිකරලා එයා යනවා!!

නංගියේ වැව් ඉවුරේ රටා මවපු සුළං කුරුල්ලො ගාණට බේරේ වැව් ඉස්මත්තේ තටු ගහන කාක්කෝ ගැන නොහිතා ඉඳින්. උඹේම ගම්තුලානෙන් සෙයිලමට ඇවිත් සෙයිලමේ තාලෙට පාට ගාගත්තු වව්ල්ලූත් ඔය හිතට වින කටින්න අර අදීවි. අම්මා තාත්තා දුන්න අවවාද එහෙව් වෙලාවට මතක බණක් විතරක් වෙන්න ඇරල ජීවිතේ නොතේරෙන බණ පදයක් කරගන්න නුඹට හිතෙන්න පුළුවන්. මග වරදවා නොගන්න නම් නගේ මේ අහපන් විඳින්න හිතාපු ජීවිතේ විඳවන්න බැරි රැවටිල්ලක් නොවී යන්න හිතට ගනින්.

මේ කතාව අපට ඇහෙන්නේ රත්මලාන කර්මාන්තපුරයෙන්. ඇය මේනකා. සහෝදරයෝ තුන්දෙනයි, සහෝදරියයි ඉන්න පවුලේ මේනකා බඩපිස්සි. දින කිහිපයක වෙහෙස මහන්සියකින් පස්සෙ මේනකාව අපි සම්බන්ධ කරගන්නේ හිතවතියක මාර්ගයෙන්. ඔවුන් මාධ්‍යයට අදහස් දක්වන්න තමන්ගේ කතාව කියන්න දැක්වුවේ අධික බියක්. තමන් කොළඹ ඇවිත් ගෙවන ජීවිතේ ගැන නිර්නාමිකව හරි කියන්න එයාලා දැක්වුවෙ බයක්. අපි ලබා දෙන මුල් දුරකථන ඇමතුමේදී තමුන්ගේ කතාව අපට කියන්න කැමතියි කියන සමහරු දෙවැනි දුරකථන ඇමතුම මග ඇරියා. නමුත් අද මේ ඔබ හමුවට අප දිග හරින කතාවේ කතා නායිකාව ඇගේ කතාව ඔබට කියන්න අපව වැඩි අපහසුවකට පත් නොකරම කැමති වුණා.

ඇය මා ගමන්ගත් ති‍්‍රරෝදරියට ගොඩ වුණේ රත්මලාන මැලිබන් හන්දියේදි. කොහෙටද නංගි යන්නේ. මා ඇසු ප‍්‍රශ්නය හමුවේ ඇය සිහින් සිනහවකින් මුව සරසාගෙන, නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට යමු මිස් යයි පිළිතුරු දුන්හ.

කලූවර සිය අණසක පතුරවමින් දත්විලිස්සන්නට බලන් ඉන්න හැන්දෑවේ මම ඇයත් සමඟ මුහුදු වෙරළට ගියා. ඇය විසේකාරියක්. වෙරළ මායිමේ හැපී බිදෙන රළ අතරින් දෙපා දොවලා හිනාවෙන ඇය දැක්කම මට හිතුනේ එහෙමයි. වෙරළතීරයෙ පොල්පැළයක් හෙවණේ තිබුණු ගල්පඩියකට බරදුන්න මම ඇයට ඉඩදී බලා සිටියා. රැල්ලේ දෙපා දොවමින් සිටි ඇය මා ඉන්න දෙසට දුවගෙන ආවේ හිනා පොකුරකින් මුව පුරවගෙන.

පුංචිකාලේ මතක් වෙනවා මිස්. ඇය සිනාසී ගත්වනම පැවසුවා.

ඉතිං කියන්නකෝ කොහොමද කොළඹ ජීවිතේ ගෙදරට වඩා හොඳයිද.
ගෙදර තරම් හොඳ තැනක් වෙන කොහෙද මිස් තියෙන්නේ. මට නම් දැන් මේ කොළඹ ජීවිතේ එපාවෙලා ඒත් කරන්න දෙයක් නැතිකමට ඉන්නේ.

මේනකාගේ අම්මා තාත්තා මොනවද කරන්නේ.
මගේ අම්මා තාත්තා වීමෝලක් කළා ඉස්සර. දැන්නම් වීමෝල විකුණලා තාත්තා අසනීප වුණාට පස්සේ ඒවට වියදම් කළේ වීමෝල විකුණපු සල්ලි. අපේ තාත්තා අපිව කා ලඟටවත් අතපාන්න ඇරියෙ නැ. හුංගම පැත්තේ අපිව නොදන්න කෙනෙක් නෑ. කොයි කවුරුත් මගේ තාත්තාගේ නම කිව්වොත් අදුරනවා. තාත්තා අසනීප වෙනකොට අපි පොඩි ළමයි. අයියලා හතරදෙනයි අක්කයි නම් ඒ වෙනකොට තරුණයි. නමුත් මම පොඩියි.

තාත්තා එකතැන් වුණේ හිටිහැටියෙ. මුලින්ම දොස්තරලා කිව්වෙ කොදුඇට පෙළේ ආබාධයක් කියලා. පස්සෙ කිව්වා අංශබාගේ කියලා. කොහොමින් කොහොම හරි අන්තිමට ගෙදර තිබුණ සේසතම වියදම් වෙනකම්ම වියදම් කළා. ඒත් තාත්තාව බේරගන්න බැරිවුණා.

ලොකු අයියා, හමුදාවට බැදුණේ හිතුමනාපෙට. පහුගිය කාලේ එයත් යුද්ධෙන් මැරුණා. අනෙක් අයියලත් හිතුවක්කාරෙට කසාද බැන්දා. කසාද බඳින්න කලින්නම් කිව්වෙ අපි දෙන්නව ඒ කියන්නේ අක්කවයි මාවයි තනි කරන්නේ නෑ කියලා. ඒත් එයාලා කසාද බැඳලා මාසෙන් දෙකෙන් වෙනස් වුණා. මාසෙට සුළුවෙන් ගෙදරට උදව් උපකාර කළා. නමුත් ගෑනු ලමයි දෙන්නෙකුගේ උවමනාවන්වලට ඒ දෙන මුදල මදි. මම කොළඹ ආවේ අක්කටයි මටයි අම්මාටයි ජීවත් වෙන්න විදිහක් හොයන්න. අක්කානම් ගමේ හේනක් කරනවා. මට ඒ වැඩ කරගන්න බෑ. ඒ නිසා මම කොළඹ ආවා.

මුලින්ම මම රස්සාවට ආවෙ හෙල්පර් කෙනෙක් විදිහට. බෝඩිං කාමරයකුත් හොයා ගත්තා. ඒක, කුකුල් කූඩුවක් වගේ. වහින වෙලාවට එළියෙයි ඇතුළෙයි කියලා වෙනසක් නෑ .

බෝඩිමේ ඇන්ටි උදේට කිරිහොදියි පානුයි කන්න දෙනවා. දවාලට ඒ කිරිහොදි හදන්න ගත්තු පොල් කුඩුවලින් සම්බෝල හදලා කරවල බැදුමක් එක්ක බත් මුලක් දෙනවා.

කරවල බැදුමෙත් කරවල හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්. කටට රහට බත් කටක් කන්න පුළුවන් ගමේ ගියාම විතරයි.

හම්බ කරන සල්ලි ජීවත් වෙන්න මදි. ඒ නිසා මම පොඩි වැඩක් පටන් ගත්තා. පොඩි වැඩක් කිව්වට ඒක පොඩි හොරකමක්. මම ගාමන්ට් එකෙන් නූල් කෝන් ගෙදර ගෙනාවා. එහෙම ගෙනල්ල බෝඩිම කිට්ටුව තියෙන මැහුම් සාප්පුවකට විකිණුවා.

කොහොමද ගාමන්ට් එකෙන් නූල්කෝන් පන්නන්නේ. එයාලා චෙක් කරනවා නේද? බැග් එකක්වත් එළියට ගේන්න බැරි ගේට්ටුවෙන් කොහොමද නූල්කෝන් ගේන්නේ. ඇය පිළිතුරු නොදී ලැජ්ජාවෙන් වගේ හිනාවුණා.

ඔයාට සිකියුරිටි එකෙන් උදව්කරනවද නංගි.

මොහොතක් නිහඬව සිටි ඇය ආයෙත් කතා කළා.

සිකියුරිටිකාරයෝ ලොක්කන්ටම පේ වෙච්චි කට්ටිය. මිස් උන් අපට උදව් කරන්නේ නෑ.

එහෙව් එකේ නූල්කෝන් එකක් තියා ඉදිකටුවක්වත් ගේට්ටුවෙන් පන්නන්න බෑ.

මගේ හිතට ඇති වුණේ කුතුහලයක් කොහොමද ඇය ඒක කළේ. ඒ කතාවනම් දැනගන්නම වටිනවා කියලා මට හිතුණේ ඇය එය නොකියා හිනාවෙන හැටි දැක්කමයි.

මම නූල්කෝන් ගේන්නේ එයාලට පරීක්ෂා කරන්න බැරි තැනක හංගගෙන මිස්. සමහරදාට නූල්කෝන් එකක් නෙවේ, තුනක් විතර මම අරගෙන එනවා. හිතා ගන්න පුළුවන්ද. ඇය නූල්කෝන් ගේන්නේ රහස් ප‍්‍රදේශයේ සඟවාගෙන. මම හිතනවා මෙය කියවන ඔබ තේරුම් ගනීවි. ඇය නූල්කෝන් ගේන්නේ කොහොමද කියලා.

ඇවිදින්න අමාරු නැද්ද නංගි. ඔයාව කවරදාවත් අහුවෙලා නැද්ද.

ගෙදරට පඩි සල්ලි යවලා බෝඩිං ගාස්තු කෑම සල්ලි ගෙව්වම අතේ පිච්චිය නැතිවෙන එක තරම් නූල්කෝන් එළියට ගේන වැඬේ අමාරු නෑ මිස්.

මම කියන දේවල්වලදි මගේ නම ලියන්නේ නෑ නේද මිස්. ඇය සැකෙන් වගේ විමසුවා. නෑ නංගි. කොහෙත්ම නෑ. හොරකම් කරන එක වරදක් තමයි. ඒත් මට ඇය ගැන ඇතිවුණේ දුකක්.

හෙල්පර් කෙනෙක් විදිහට වැඩට ගිය මට අවුරුද්දක් විතර යනකොට ජුකී මැෂින් පුරුදු වුණා. ඉන් පස්සේ මම වැඩ කළේ මැෂින් ඔපරේටර් කෙනෙක් විදිහට.
මේනකාට ආදර සම්බන්ධකම් එහෙම තිබුණේ නැද්ද. ඉස්කෝලේ යන කාලේ පිරිමි ළමයෙක් එක්ක හිතවත්කමක් තිබුණා. ඒත් ගමෙන් ආවට පස්සේ ඒක මග ඇරුණා. මොකද එයා කැමති වුණේ නෑ මම කොළඹ එනවට. එහෙමයි කියලා එයා ළඟ මගේ ප‍්‍රශ්නවලට විසඳුම් තිබුණේ නෑ.

කොළඹ ආව මුල් දවස්වලදි ලියුමක් දෙකක් එව්වා. ඒත් ඒකත් පස්සෙන් පහු වෙනකොට නැවතුණා. මට සුමේද මුණගැහුණේ කොළඹ ආවට පස්සෙ. අපේ යාලූවෝ දෙන්නෙකුගේ තනියට ගිහින් මුන ගැහුණ කෙනෙක්.

නිවාඩු දවස්වලට අපි පානදුර බිච් එකට යන්න පුරුදු වෙලා හිටියා. නිර්මලාගේ තනියට මම ගියා අකිලගේ තනියට සුමේද ආවා.

අන්තිමේදි අපි දෙන්නා හිතවත් වුණා. සුමේද කළේ බිස්නස්. සුමේද මුනගැහුණට පස්සෙ එයා මගේ ඕනෑ එපාකම් හොයලා බැලූවා. සමහරදාට කෑමඑක පවා මට ගෙනත් දුන්නේ එයා. කාලයක් යනකොට හිතවත්කම ආදරයක් බවට පත්වුණා. එයා මට ආදරේ කළාද කියන්න මම දන්නේ නෑ. ඒත් මම එයාට ආදරේ කළා.

සුමේද මම වැඩට යනකොට වැඩ ඇරිලා එනකොට හෙවණැල්ල වගේ පස්සෙන් හිටියා. බිස්නස් කරනවා කිව්වට එයා කරන්නේ මොනවගේ බිස්නස් එකක්ද කියලා මම දැනගෙන හිටියෙ නෑ. දවසින් දවස එයා මට ලංවුණා. අන්තිමේදි සති අන්තේ නිවාඩුව මම එයත් එක්ක ගත කළා.

මම ගැහැනියක් වුණේ එයත් එක්ක. නුවර තානායමට ගිය ගමනෙදි. මට එයා ගැන සැක හිතුනේ නෑ. මම හිතුවා එයා මාව කසාද බඳීවි කියලා.

කසාද බඳින එක ගැන කතා කළ හැම වෙලාවෙම එයා මොකක් හරි නිදහසට කාරණයක් හොයා ගත්තා. දවසකට එයාගේ ගෙදර ප‍්‍රශ්න ගැන කිව්වා. තව දවසකට බිස්නස් එක දියුණු කරගෙන කසාද බඳිමු කිව්වා. තවත් දවසකට ගෙදරට කියන්න අමාරුයි කිව්වා.

හැමදාම එයාට මොකක් හරි හේතුවක් තිබුණා. මොනදේ වුණත් එයා මාව අතාරින බවක් තිබුණේ නෑ. එයා කිව්වෙම මාව අතාරින්නේ නෑ කියලා. ඒත් අපේ කසාදේ මග අරින්න එයා හේතු හොයන කොට මම කලබල වුණා. ඉන්පස්සේ මම එයාට කිව්වා කසාද නොබැන්දට කමක් නෑ අපි වෙනම කාමරයක් අරගෙන ජීවත් වෙමු කියලා. මට ඕන වුණේ සුමේදව කොහොම හරි කසාද බැඳලා හොඳින් ජීවත් වෙන්න.

ඇය දිග සුසුමක් පිට කරයි. ගල්බංකුව මතින් මඳක් මැත් වු ඇය නිහඬව පසුවෙයි. ඇය ලොකු රැවටිල්ලකට හසුව ඇති බව ඇය නොකියා කියයි.
ඉතින් වෙනම කාමරේකට යන්න සුමේද කැමති වුණාද?

ඔව්…. මුල් අවස්ථාවේ බෑ කිව්වා තමයි. නමුත් දවසක් දෙකක් මම ඒ ගැනම කතා කරනකොට එයා කැමති වුණා.

කාමර කැල්ලකුත් අපි හොයා ගත්තා. සම්පූර්ණ පහසුකම් නැතත් එයාට මම උයලා පිහලා කන්න දුන්නා. එයාගේ වෙනසක් මට දැනුනේ නෑ. එයාගේ වරදක් තිබුණත් ඒ වරද පිළිගන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද සුමේද මට ආදරේ නොකරන තරමට මම සුමේදට ආදරේ කළා. ඒ නිසාම එයා කරන හුඟක් දේවල් මම ඉවසන්න පුරුදු වුණා. ඉවසනවා කියලත් අමුතුවෙන් දෙයක්නම් තිබුණේ නෑ. එයා මාව කසාද බැඳිල්ලෙන් මග අරින එක විතරයි.

ඔයාගේ කොළඹ ජීවිතේ ඔයා ඉන්නේ කොහොමද කියලා අයියලා එහෙම හොයලා බැලූවෙ නැද්ද?

අයියලා මාව බලන්න ආවා. ඒත් එයාලා හිතුවේ නෑ මම සුමේද එක්ක එකට ජීවත් වෙනවා කියලා. එයාලා හිතාගෙන හිටියෙ මම කෙල්ලෝ ටිකක් එක්ක බෝඩිං කාමරේක ඉන්නවා කියලයි. මොකද එයාල මං බලන්න අහම්බෙන් හරි ආවොත් ඒ හැම වේලාවෙම මම හිටියෙ ගාමන්ට් එකේ.

ගමේ ගියාම අම්මා අක්කා එක්කවත් මේ ප‍්‍රශ්න කිව්වෙ නැද්ද.

නෑ සුමේද ගමේ යන දවසටමයි මමත් ගමේ ගියේ. හැමදේම සාමාන්‍ය විදිහට කරගෙන යන්නයි මට වුවමනා වුණේ. ඒත් දැන් මම හැමදේම ගැන පසුතැවෙනවා.

ඒ ඇයි. සුමේද කසාදේ මග අරින නිසාද?

ඇය නිහඬය කුමක් හෝ කියාගත නොහැකි සිතුවිල්ලක පැටලි ගත්වනම මෙන් අඬන්නට ආසන්න මුහුණින් ඇය සිනාවෙන්නට උත්සහ දරයි. සිනහව දෙතොල් අතරින් රින්හා ගොස් සිනහව ඇඬුමකට අර අඳී.

ඇයි මේනකා මොකද වුණේ. එයා මට එයාගේ යාළුවෙක්ව ළංකරන්න උත්සහා කරනවා. යාළුවට අපි දෙන්නා ඉන්න කාමරේට එන්න කියලා යාළුවවයි මාවයි තනිකරලා යනවා.

එයාගේ නම මනෝජ්. ඒ මනුස්සයත් දැන් මට කරදරයක් වෙන තරමට මං පස්සේ වැටිලා. එයා හිතපු තරම් ලෙහෙසියට මට කිසිම දෙයක් ගැන හිතන්න බෑ මිස්. මම කොළඹ ගාමන්ට් එකට රස්සාවට ආවේ නැතිබැරිකමට. මටත් නොදැනිම දැං මම කරදරේක වැටුණා. මේ දේවල් මට කියන්න කෙනෙක් නෑ. කරන්න දෙයක් නෑ. ඇත්තටම මට කියන්න ඕන උණා. මිස් කියන්න, මින් පස්සෙ කොළඹ එන ගෑනු ළමයින්ට කියන්න මං වගේ අමාරුවේ වැටෙන්න එපා කියලා. අපි හිතාගෙන ඉන්න අහිංසක ආදරය මේ ගෙන්දගම් පොළොවේ හොයා ගන්න අමාරුයි.

ඇයගේ දෑස බොඳව ගොසිනි. සුසුමක් නොව සුසුම් දහසක් මැද ඇය බොහෝ දේ සඟවාගෙන ඉකිබිඳින බව පැහැදිලිය.

නොකියූ වදන් අතරේ කියන්නට උත්සහ කළ කතාව නම් ඇය මේ වන විට සුමේදගේ යහළුවාගේද ලිංගික ශ‍්‍රමිකයා වී අවසාන බව යයි මට සිතේ.

හෙට දිනයේ ඇය අතින් අතට යන මල්වට්ටියක් වීමට ඉඩ ඇත. එවන් විටක සාදුකාර දී ඇයව පුජාසනයක් මත හිඳුවන්න කිසිවෙක් සිටීද, කිසිවෙක් හමුවේද සැක සහිතය.

ජීවිතය අනුවේදනීය සිහිනයක් වනවිට ඇයට විලාප දී අඬන්නට වේද? අඬ අඬා විලාප දෙන්නට සිදුවේද? පහදා කිව නොහැක. කෙසේ වුවද පශ්චාත්තාපයක් වු ජීවිතය අබියස ඇය පසුතැවීමෙන් බලාසිටිනවා පමණය.

මෙහි නම්ගම් මන:කල්පිත බව කරුණාවෙන් සලකන්න.

 

NO COMMENTS

LEAVE A REPLY