දිනකට පහළොස් වතාවක් ලිංගික සංසර්ගයේ යෙදුණු කිම්ට ප්‍රතිඵල ලැබිලා Kim Kardashian Pregnant...

දිනකට පහළොස් වතාවක් ලිංගික සංසර්ගයේ යෙදුණු කිම්ට ප්‍රතිඵල ලැබිලා Kim Kardashian Pregnant Again ( 2nd Baby)

1946
0
SHARE
Kim-Kardashian-Pregnant
34 හැවිරිදි කිම් කඩෑෂියන් තමන් දෙවෙනි වතාවටත් මව් පදවිය සඳහා සුදානම් බව පසුගියදා මාධ්‍යට වාර්ථා කළා.

ඇය දෙවෙනි වතාවටත් දරුවෙක් අපේක්ෂාවෙන් සිටින බවට පසුගිය කාලය පුරාම එක එක කතා පැතිරුනා. දරු ගැබක් ඇති කර ගැනීම සඳහා තමන් සැමියා සමග දිනකට පහළොස් වතාවක් ලිංගික සංසර්ගයේ යෙදෙන බවත් ඇය පවසා තිබුනා. එසේ ලිංගිකව එක් වීම සෞඛ්‍යට අහිතකරයි කියලා සමහරක් අය කිව්වා. එහෙම අහිතකර තත්ත්වයක් නෑ කියලා තවත් සමහරක් අය කිව්වා.

මේ කතා කොහොම වුනත් දැන් නම් කිම් ඇත්තටම ආපහු අම්ම කෙනෙක් වෙන්න සුදානමින්.ඇය ගැබ් ගෙන කොයි තරම් කාලයක් ද කියලා නම් තවම මාධ්‍යයට නොකිව්වට මේ දවස් ටිකේම දවස පුරාම ඇය හරිම අපහසුවෙන් ගත කරනවා කියලා තමයි කිව්වේ. උදේට ඇඳෙන් නැගිට ගන්නවත් බෑලු. කට්ටිය කියන්නේ දැන් නම් කිම් මාස 3ක පමණ ගැබිනියක් කියලා.

රටේ ලෝකේ ගෑනු මිනිස්සු කසාද බඳිනවා. ළමයි හදනවා. එහෙම ළමයි හදන්න විදිහක් තියෙනවා. දරුවෙක් ලැබෙන්න ඉන්දැද්දී ඕනෙම ගෑනු කෙනෙක් ගේ ජිවන රටාවේ ලොකු ලොකු වෙනස් වීම් වෙනවා.මේවා හැම දේම සාමාන්‍ය දේවල්. මේ සාමාන්‍ය කතා මහා ලොකු පුවත් කරගෙන සමාජයේ මහා ලොකු චරිත බවට පත් වෙන්න උත්සාහ කරන්නේ ඇයි කියලා තමයි හිතා ගන්න බැරි.

 

NO COMMENTS

LEAVE A REPLY