How To Look 10 Years Younger Sinhala Article

How To Look 10 Years Younger Sinhala Article

99
0
SHARE
How To Look 10 Years Younger Sinhala Article
How To Look 10 Years Younger Sinhala Article

කාන්තාවකගේ තරුණ පෙනුම අන් අයගේ ආකර්ෂණයට ලක්වන්නක් වියපත් වුවත් සුන්දර පෙනුමක් ලබා ගන්න කාන්තාවන් උත්සාහ කරන්නේ මේ නිසයි වසර 10කින් තරුණ වීමට කැමැති ඔබටත් මෙ ආකාරයට ජීවන රටාව සකසා ගත හැකියි
හිරු ආවරණ ආලේපනයක් ගල්වන්න
හිරු රශ්මිය වැඩි දිවා කාලයේදී හිරු කිරණින් සම ආරක්‍ෂා කර ගැනීමට නම් සුදුසු හිරු ආවරණ ආලේපනයක් ගැල්විය යුතුමයි නැත්නම් සමට හානිවෙමින් පිග්මන්ටේෂන් වැනි තත්ත්වය හා සම රැලි වැටී වියපත් වීමද ඉක්මන් කරවයි
හොඳ තත්ත්වයේ මේකප් භාවිතය
මුහුණේ සම ඉතා සංවේදීයි මේ නිසා ඒවාට සුදුසු නිෂ්පාදන වර්ග තෝරා ගැනීමේදී දෙවරක් සිතිය යුතුයි සමේ ආරක්‍ෂාව ගැන සිතමින් නිතරම මිල තරමක් අධික වුවත් ප්‍රමිතිගත නිෂ්පාදන තෝරා ගැනීමට වග බලා ගන්නග නැත්නම් ඔබේ මෘදු සමට හානි කර තත්ත්ව ඇතිවිය හැකියි
දින චර්යාව වෙනස් කර ගන්න
ඔබ යොවුන් වියේ පසු වුවත් සම වියපත් වීම ගැන සැලකිලිමත් වන්න ඔබ මැදිවියේ පසු වුවත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු වන්නේ නම් සමේ තරුණ බව එලෙසම පවත්වා ගන්න හැකිය ඇස් යට ගල්වන ජෙල් හා දිවා කාලයේ භාවිත කරන ආලේපනවල සිරුර වියළීම වැළැක්වීමේ ද්‍රව්‍ය අඩංගු වීම වැදගත් කරුණකි එවැනි ස්ථාන ඉක්මනින් රැලි වැටෙන නිසා සුදුසු සත්කාර තෝරා ගන්න ඒත් සමබර පෝෂ්‍යදායී ආහාරවලටද මුල්තැනක් ලබා දෙන්න
සුව නින්දක් ලබන්න
රාත්‍රියේදී ලබන සුව නින්දෙදි දවස පුරා වෙහෙස වූ ඔබට විවේකයක් ලබා ගත හැකිවන අතරම ශරීරය ප්‍රබෝධයද ලබාදෙයි යහළුවන් සමග විනෝදවීමට හෝ වෙනත් කාර්යයන් නිසා සුව නින්දක් ලැබීමට නොහැකි වීමටද පුළුවන පැය 8ක සුව නින්දක් ලැබීමේදී සිරුරේ අනෙක් අවයවවලට මෙන්ම සමටද ප්‍රබෝධයක් නිරෝගී බවක් ලබාගත හැකියි
සම හොඳින් පිරිසුදු කරන්න
සමේ ලප කැළැල් හා සිදුරු ඇත්නම් සුදුසු ක්ලෙන්සර් එකක් යොදා ගෙන සම හොඳින් පිරිසුදු කර ගන්න නමුත් තදින් ඇතිල්ලීම හෝ රළු තුවායකින් මුහුණ පිසදැමීම නම් සුදුසු නැත මේ නිසා සම ඉක්මනින් රැලි වැටී වියපත් බවක් ඇතිවිය හැකියි වැඩියෙන් සේදීම සමේ ඇතිවන ස්වාභාවික තෙල් ගතිය ඉවත් කිරීමටද හේතුවිය හැකියි
නින්දට පෙර මේකප් ඉවත් කරන්න
උදේ මේකප් ගැල් වූ පසු හවස් වන විටවත් මේවා හොඳින් සෝදා ඉවත් කර නින්දට යන්න මේකප් ඉවත් කරන ප්‍රමිතිගත නිෂ්පාදන තෝරාගෙන මෙය සිදුකිරීම වැදගත්ය නැතිනම් රාත්‍රි නින්දෙදි සම නැවතත් ප්‍රාණවත් වන විට එහි ගැල්වූ මේකප්වලින් මුහුණට විවිධ ආසාදන ඇතිවිය හැකි අතරම කල් ගතවන විට සම ඉක්මනින්ම වියපත් විය හැකියි
සීනිවලින් ඈත් වන්න
දිනකට සීනි සුළු ප්‍රමාණයක් අප ශරීරයට අවශ්‍ය වන බව සැබෑවක් නමුත් සීනි වැඩිපුර ගැනීම නිසා ඔබේ වියපත් බව මතුවී පෙනෙයි
හෘද ව්‍යායාම කරන්න
හෘදයට හිතකර ව්‍යායාම කිරීමෙන් ඔබේ මුළු සිරුරටම ප්‍රබෝධයක් ලබාගත හැකියි දිනකට මිනිත්තු 45ක්වත් මෙම ව්‍යායාම්වල නිරත වීමෙන් හදවත මෙන්ම සමද නිරෝගීව තබා ගැනීමට හැකි බව නම් කිව යුතුමයි

ශාලිකා රංගනී සමරදිවාකර
මව්බිම

NO COMMENTS

LEAVE A REPLY