අනියම් පෙම නිසා මරලා පිච්චුවා – පැන ගිය සෙබළාගේ ඝාතකයා හෙළි කරයි...

අනියම් පෙම නිසා මරලා පිච්චුවා – පැන ගිය සෙබළාගේ ඝාතකයා හෙළි කරයි (වීඩියෝ) Murder Of Youth In Athurugiriya

142
0
SHARE
Murder Of Youth In Athurugiriya

මියගිය සෙබළාට ස්ත්‍රී දුෂණ චෝදනා..

මරා ගිනි තැබූ හැටි සහෝදරියක් බලා ඉඳලා..

හමුදාවෙන් පැන ගිය සෙබළකු ඝාතනය කර සිරුර පුළුස්සා වෑන් රියකින් රැගෙන යමින් සිටි සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සිවුදෙනකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔවුන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා.

සිය බිරිය සමඟ අනියම් සබදතාවක් පැවැත්වීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බව ප්‍රධාන සැකකරු විසින් පැවසූ බව අතුරුගිරිය පොලිසිය සඳහන් කළා.

එම සැකකරුවන් අතරින් දෙදෙනකු පිළියන්දල ප්‍රදේශයේ දී සහ අනෙක් දෙදෙනා අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල, පෝද්දල පදිංචි වයස අවු 33 ක පුද්ගලයෙක්.

අතුරුගිරිය , පෝරෙ, බොරළුගොඩ නිවසක දී මෙම තරුණයා ඝාතනය කර, ගේ පිටුපස රබර් යායේ දී සිරුර පුළුස්සා ඇති බව අනාවරණය වී තිබෙනවා.

පෙරේදා(23)රාත්‍රීයේ සිද්ධියට අදාළ වෑන් රථය සැකකටයුතු ලෙස ගමන් ගනිමින් සිටින බව හඳුනාගත්, රාත්‍රී මුර සංචාරයේ යෙදුණු අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් වෑන් රිය පරීක්ෂාවට ලක් කළ අතර එම අවස්ථාවේ වෑන් රථය තුළින් මත්පැන් ගඳ වහනය වී තිබෙනවා.

වැඩිදුර පරීක්ෂාවට ලක් කිරීමේ දී අදාළ තරුණයාගේ මළ සිරුර හමු වුණා.

මිය ගිය තරුණයා ස්ත්‍රී දුෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු පවරා ඇති අයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

NO COMMENTS

LEAVE A REPLY