Natural Remedies To Get Rid Of Body Acne

Natural Remedies To Get Rid Of Body Acne

114
0
SHARE
Natural Remedies To Get Rid Of Body Acne
Natural Remedies To Get Rid Of Body Acne

මේකෙන් කුරුලෑ අඩුවෙනවා විතරක් නෙවෙයි කළු ලප කැළැල් නැති කරලා සමේ මැරුණු ෙසෙල ඉවත් කරලා මුහුණ පැහැපත් කිරීමත් සිදු කරනවා. ඒ වගේම මේ ඛෙහෙත් වට්ටෝරුව ඔබට නිවසේදීම පහසුවෙන් පිළියෙළ කර ගන්නත් පුළුවන්.

මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ

කලාදුරු අල
මී පැණි
දෙහි යුෂ
සුද්ද කරගත්තු පොල් කටුවක්

ඔයාලා දන්නවා ඇති කලාදුරු කියලා තණකොළ ජාතියක් තියෙනවා. දාන්නේ නැත්තම් ගෙදර වැඩිහිටි කෙනෙකුගෙන් අහන්නකෝ. නාගරිකව නම් අඩුයි. හැබැයි ග්‍රාමීය පරිසරයන් වල ඕනේ තරම් දකින්නට ලැඛෙනවා. පිට්ටනි වලත් තියෙනවා. ඔයාලගේ ගෙවල් වල මිදුල් වලත් ඇති සමහරවිට. අන්න ඒ තණකොළ වල අල තමයි මේ ඛෙහෙත හදන්න යොදා ගන්න ප්‍රධාන අමුද්‍රව්‍ය.

මෙන්න මෙහෙමයි ඛෙහෙත හදා ගන්නේ

ගලවා ගත්තු කලාදුරු අල ටිකේ පොතු හොදින් සුද්ද කරගෙන හොදට හෝදලා අර පොල් කට්ටට දාගන්න

ඊට පස්සේ එකට මීපැණි ටිකකුත් දාලා මොකක් හරි ලී මිටක් අරන් සියුම් වෙනකන් හොදට පොඩි කරගන්න

හොදට පොඩි කර ගත්තට පස්සේ දෙහි යුෂ ටිකක් දාලා කලවම් කර ගන්න.

භාවිතා කරන අන්දම

දැන් ඉතින් තියෙන්නේ අපි හදා ගත්තු ආලේපනය හොදට මුනේ ගලා පැය භාගයක් විතර ඉදලා හෝදලා දාන එක තමයි.

සිහි තබා ගත යුතු කරුණු

දෙහි යුෂ දවස් 3ක් හරි මුල් සතිය තුල පමණක් යොදන්න. ඊට පස්සේ මී පැණි එක්ක විතරක් ගාන්න
කලාදුරු අල කොටලා මුදවපු කිරි සමග ගාන්නත් පුළුවන්
තව තන කිරි එක්ක ගාන්නත් පුළුවන්

මේ ඛෙහෙත් වට්ටෝරුව මගින් අනිවාර්යයෙන්ම ඔයාගේ කුරුලෑ සනීප වෙනවා. ඒ වගේම ඔබේ මුහුණට කවදාවත් නැති එළියක් වැටේවි. ඒ මේ ඛෙහෙතේ බලෙන් ඔයාගේ මුහුණ පැහැපත් කරන හින්දා. හරි ඔන්න එහෙනම් දැන් ඔයාලට තියෙන්නේ ලස්සන වෙන්න මේ ඛෙහෙත් බඩු ටික ඉක්මනට හොයා ගන්න එක විතරයි.හරියට පිළිවෙලකට වැඩේ කරොත් ඉක්මනටම ගොඩ යන්න පුළුවන්. ඔබට ජය

NO COMMENTS

LEAVE A REPLY