මහ රෑ තරුණියන්ට අමුතු විදියට ජපන් උගන්වන මීගමුවෙ අයියා | Negombo Japan...

මහ රෑ තරුණියන්ට අමුතු විදියට ජපන් උගන්වන මීගමුවෙ අයියා | Negombo Japan Teacher

89
0
SHARE
Negombo Japan Teacher
Negombo Japan Teacher

අද වන විට ශ්‍රී ලංකාව අතහැර ඉගෙනීමේ කටයුතු සහ රැකි රක්ෂා කටයුතු සදහා විදෙස් ගතවීමට ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනා පෙළබි සිටි. මේ සදහා ප්‍රධානතම හේතුවන්නේ ලංකාවේ අධ්‍යාපනය අවසන් කරන විට වැඩි කාලයක් ගතවීම සහ රැකි රක්ෂා සෙවීමේදී ඇතිවන යම් යම් ගැටළුය. මේ හේතු ප්‍රධාන කොටගෙන විදේශ සේවා සපයන ආයතන රැසක් ලංකාව තුල ආරම්භ වී තිබේ. මේවයින් සමහරක් නිත්‍යානුකුල වන අතර සමහරක් ලොවට හොරා පවත්වාගෙන යන ව්‍යාජ ආයතන වේ.

දැනට ශ්‍රී ලංකාවේ මිගමුව, කොළඹ, කුරුණෑගල වැඩි වශයෙන් මෙවැනි ආයතන දක්නට ලැබේ. මේ තවත් එවැනිම ආයතනයක සිදුවන වංචනික කටයුත්තක් මුවාවෙන් පිළිබද අනාවරණයකි.

මෙම ආයතනය පිහිටා තිඛෙන්නේ මීගමුවට ආසන්න ප්‍රදේශයේයි. ආයතනයේ ප්‍රධාන අරමුණ වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ අධ්‍යාපනය සදහා ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ජපානය සදහා යාමට අවශ්‍ය පහසුකම් සැපයීමයි. ඔවුන් ඒ සදහා අධික මුදලක් අය කරන අතර ඔවුන් විසින් පවත්වන ජපන් භාෂා පන්ති සදහාද සහභාගී වීම අනිවාර්ය වේ.

මෙහි මුලික පියවර වශයෙන් විදෙස් ගතවීම සදහා අවශ්‍ය ලියකිවිලි සකස් කරගන්න අකාරය පැහැදිලි කරන අතර එහි මුලික කටයුතු සදහා ඔවුන් විසින්ම උපදෙස් ලබා දීමට කටයුතු කරයි. මේ දක්වා සියලූ‍ම කාරණා කිසිම සැකයක් ඇති නොවන ආකාරයට ඔවුන් විසින් මෙහෙයවයි.

මේ ආයතනය භාරව සිටින්නේ අවුරුදු 22ක් පමණ වයසැති තරුණයෙකි. ජපන් යැවීම සදහා අවශ්‍ය ලියකිවිලි සකස් කරන්නේ ඔහු විසින්. එසේ අවශ්‍ය ලියකිවිලි සකස් කරන අතර එහි පැමිණෙන ගැහැණු ළමුන්ගේ ලියකිවිලි සකස් කිරීමේදී ඔහු ප්‍රමුඛතාවයක් ලබා දෙන බව එහි යන ඕනෑම කෙනෙකුට දැකිය හැකි කරුණකි. මේ ආකාරයට ලියකිවිලි සකස් සකස් කිරීමෙන් පසු ඔවුන්ගේ පන්ති සදහා සහබාගි විය යුතුයි.

එතින් සිට මොහු ගැහැණු ළමුන්ගේ දුරකතන අංක ගෙන ජපන් භාෂාව දුරකතනයෙන් ඉගැන්වීමට පටන් ගනියි. නිතර දෙවෙලේ පන්තිය මුවාවෙන් ඔහු විසින් ගැහැණු ළමුන්ට නිතරම කතා කරයි. මොහු පෙනී සිටින්නේ සිංහල නමකින් වන අතර මොහු මුස්ලිම් ජාතිකයකි, ජපන් යවනවා කියා කොපමණ පැවසුවත් මේ කාල සීමාව තුලදී ජපන් ගිය කිසිවෙකු නොවීමද විශේෂත්වයකි.

විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් මේ පිලිබදව කල සොයා බැලීමකදී වාර්තා වුයේ ජපන් යැවීම සදහා ඔවුන්ට කිසිම අබැර්තුවක් නොමැති බවයි.

තවද මොහුගේ මවද ඒ සදහා අනුබල ලබාදේ. ජපානයේ සිට මාමා යැයි කියාගන්නා පුද්ගලයෙක් මේ ක්‍රියාව සදහා සහභාගී වී සිටියි. නමුත් සොයා බැලීමකදී අනාවරණය වුයේ මොහුගේ පියෙකු බවයි. මේ ආකාරයට ගැහැණු ළමුන් බිලි ගන්නා ආයතන රැසක් මේ අවට ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බව බොහෝ දෙනා දන්නා කරුණකි.

Negombo Japan Teacher

NO COMMENTS

LEAVE A REPLY