New Body In 28 Days By Doing This Sinhala Article

New Body In 28 Days By Doing This Sinhala Article

108
0
SHARE
New Body In 28 Days By Doing This Sinhala Article
New Body In 28 Days By Doing This Sinhala Article

          දින විසි අටකින් පරිපුන් ශරීරයක් ලබාගෙනීමට සරල ව්‍යායාමයක්

ලොව පුරා සිටින මිනිසුන් මිලියන ගණනක් සමග පවතින මනා හැඩයකින් ශරීරය සෑදාගැනීමේ අභියෝගය ඔබත් බාරගන්න. මෙම ලිපියෙන් ඔබට කියන්න යන්නේ ඔබට නිවසේදීම සිදු කිරීමට හැකි සරල ව්‍යායාමයක් ගැනයි.

ඔබගේ අත් වලින් ඔබේ ශරීරය ඉහලට එසවීම මගින් ඔබගේ ශරීරයේ මැද පෙදෙසට ශක්තියක් ගෙනදෙයි. නමුත් මෙය පළමුව සිදුකරන්නන් මෙය සරල ව්‍යායාමයක් කියා මෙය අවතක්සේරුකර අත්හැර දමයි. නමුත් මෙමගින් ශරීරයේ තරබාරු කම නැතිකර දමා උදරය පෙදෙස, පසුපස මාංශ පේශී, අත් සහ පාද ශක්තිමත් කර දෙනවා. ඔබට මනා පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට අවශ්‍යනම් මෙම ව්‍යායාමය උදැසන සිදුකරන්න.

 

New Body In 28 Days By Doing This Sinhala Article gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
New Body In 28 Days By Doing This Sinhala Article

මෙම ව්‍යායාමය සදහා උපදෙස්

මෙම ව්‍යායාම මගින් සිදුකරන්නේ ඉහලට එසවුනු ශරීරයේ බර මාංශ පේශී විසින් දරාගැනීමයි. මෙම ව්‍යායාමය සති හතරක් කර බලන්න. ඔබ පළමුව මෙය තප්පර විස්සකින් ආරම්භකර ඊලග අවස්ථාවේ කාලය ටිකෙන් ටික වැඩි කරන්න, අවසාන අවස්ථාවේ ඔබ නොකඩවා විනාඩි හතරක් මෙය සිදුකල යුතුය. අවසානයේදී ඔබගේ මාංශ පේශී ඉතාමත් හොදින් වර්ධණය වී තිබේවි.

ඔබ මෙම ව්‍යායාමය සිදු කිරීමේදී නිවැරදි ඉරියවුව ඉතාම වැදගත් වේ. ඔබ මෙම ව්‍යායාමය කිරිමෙදී ඔබගේ පාද වල ඇගිලි ආදාරයෙන් පොලව මත රැදී සිට ඔබගේ ශරීරය ඔබේ අත් වලින් ඉහලට ඔසවා ශරීරය සමතල වන ආකාරයට තබාගන්න ඉන් පසුව ශරීරය පහත් කරන්න.

ඔබත් මෙම ව්‍යායාමය සිදුකර වෙනස අත්විදින්න

NO COMMENTS

LEAVE A REPLY