කට් කියද්දී වෙව්ලනවා ඇක්ෂන් කියද්දී නවතිනවා. Nirosha perera These Days

කට් කියද්දී වෙව්ලනවා ඇක්ෂන් කියද්දී නවතිනවා. Nirosha perera These Days

302
0
SHARE
Nirosha perera these days

නිරෝෂා පෙරේරා මේ දවස්වල නිවේදනයට, ටෙලිනාට්‍යවලට වගේම චිත්‍රපට සඳහා නැතිවම බැරි නිළියක්.

පසුගිය දවස්වල නිරෝෂා අලූ‍ත්ම චිත්‍රපටයකට දායක වුණා. ඒ සුමිත්‍රා රාහුබද්ධගේ ‘කන්දක් සේ මා’ නව කතාව ඇසුරින් නිර්මාණය වෙන ‘කන්දක් සේ මා’ චිත්‍රපටයටයි. මෙහි රූගත කිරීම් අතරතුර දී ඇය නොහිතපු අන්දමේ අද්දැකීම් වලටත් මුහුණ දුන්බව අපිට දැනගන්න ලැබුණා.

‘මම රංගනයෙන් දායක වු ‘කන්දක් සේ මා’ චිත්‍රපටයේ වැඩි කොටස් ගණනක් රූගත කළේ ජපානයේ. එනිසා අපේ ‍ෆිල්ම් ටීම් එකට වැඩි කාලයක් ජපානයේ රැදී සිටින්න සිදුවුණා. මමත් පළමුවරට තමයි ජපානයට ගියේ. හරිම ලස්සන රටක්. මේ චිත්‍රපටයට ජපානයේ තිඛෙන සෘතු සියල්ලම ඇතුළත් වෙනවා. මට මතකයි මෙහි එක අවස්ථාවක මම හිමේ ඇවිද යන, දුවන , හිම අල්ලන විවිධ දර්ශන රූගත කරන්න තිබුණා. ඒ දර්ශන රූගත කරන විට උඩින් හිම වැහි ඇද වැටෙනවා. මොහොතකින් අව්ව පායනවා. ඒත් සීතලේ නම් කිසිම අඩුවක් නැහැ. හරි අපූරු විදිහට විවිධ ලෙස ස්වභාව ධර්මය වෙනස් වෙනවා. දර්ශන තලයට එනකොට අපි හැමදෙනාම සීතලේ දත්මිටි කමින් වෙවුලනවා. පුදුමය කියන්නේ ඇක්ෂන් කියත්දී ඒ වේව්ලිලි ,දත්මිටි කැවීම් ඉබේම නවතිනවා. ආයෙත් චරිතයට අනුගත වෙලා රඟපානවා. ආයෙත් කට් කියද්දී නැවත වෙව්ලන්න ගන්නවා. සීතල පරිසරයේ මේ වගේ අපූරු සුන්දර කාල සීමාවක් අපි ජපානයේ ගත කළා.’

NO COMMENTS

LEAVE A REPLY