නයිලෝන් යට ඇඳුම් නිසා දිලීර ආසාදන ඇතිවිය හැකියි – Nylon underwear may...

නයිලෝන් යට ඇඳුම් නිසා දිලීර ආසාදන ඇතිවිය හැකියි – Nylon underwear may occur due to fungal infection

585
0
SHARE
Nylon underwear may occur due to fungal infection

නයිලෝන් යට ඇඳුම් නිසා දිලීර ආසාදන ඇතිවිය හැකියි

දුරාතීතයේදී මිනිසා ඇඳුම් භාවිතා කිරීමට තිබුණේ, සීමිත හේතු කීපයකි. විලිවසා ගැනීම හෝ සීතලෙන් මිදීම වැනි කාරණා එහිදී මූලික වුණි. නමුත් අද, මිනිසා ඇඳුම් භාවිතා කිරීමට ඊට වඩා ප්‍රබල කරුණු රැසක් හේතුවෙයි. ඇඳුම්වලින් කෙනෙකුගේ පෞරුෂය ගොඩනැඟිය හැකියි.

සමහරවිට කෙනෙකුගේ ආදරය දිනාගත හැකියි. මෙලෙස කෙනෙකුට ඇඳුම් තුළින් ජීවිතයේ බොහෝ ජයග්‍රහහණ ලද හැකියි. මේ සත්‍යය අනාවරණය කරගත් දා සිට ඇඳුම්වලට ලැබුණේ අසීමිත ඉල්ලුමකි.

මේ අසීමිත ඉල්ලුම නිසා සළුපිළි කර්මාන්තයේ තරගයක් ඇති වී නිෂ්පාදන ක්‍රියාවලිය ද විවිධ අංශ කරා පැතිරී ගිය අතර, එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස කෘත්‍රිමව සැකසූ නූලකින් වියන ලද නයිලෝන් ඇගලුම් භාවිතයට එකතු විය.

මෙහි ඇති ආකර්ශ,ය පෙනුම නිසා මිනිසා ඉක්මනින්ම ඊට ඇළුම් කළත් නයිලෝන් ඇඳුම් භාවිතය සිරුරට නම් එතරම් හිත මිතුරු නැති බව තහවුරු විය.

නයිලෝන් ඇඳුම් මගින් දහදිය වාෂ්ප වීම අවහිර කරයි

වැඩිපුර උණුසුමක් දැනෙන දිනවලදී දහදිය දැමීම ද වැඩි වන නිසා සිරුරේ උණුසුම පාලනය කිරීමට එම වැඩිපුර දහදිය වාෂ්ප වීම අවශ්‍ය වේ. නමුත් නයිලෝන් ඇඳුම් මඟින් දහදිය වාෂ්ප වීම යම් දුරකට වළක්වයි. එවැනි විටක නයිලෝන් ඇඳුම් ඇඳීමෙන් සිරුරට අපහසුවක් මෙන්ම සමේ විවිධ සංකූලතා ද මතුවිය හැකියි.

නයිලෝන් යට ඇඳුම්

නයිලෝන්වලින් තැනූ යට ඇඳුම් නූතනයේ ඉතා ජනපි‍්‍රයය. නමුත් නයිලෝන් ඇඳුම් මගින් දහදිය උරා ගැනීම සීමා කරන නිසා සමේ තෙත ගතිය ඉවත් නොවීමට මේ ඇඳුම් හේතු වෙයි. මෙලෙස නිසිලෙස දහඩිය වාෂ්ප වීම වැළකීම හේතුවෙන් පහසුවෙන් දිලීර ආසාදන ඇති වීමට එය හේතු වේ. විශේෂයෙන් පාසල් ළමයින් හා මුළු දවස පුරා එකම ඇඳුමක් ඇගලා රැකියාව කරන පුද්ගලයින් මේ ගැන සැලකිලිමත් වීම වැදගත්ය.

නයිලෝන් ඇඳුම් අසාත්මික වීමට ද හැකියි

නයිලෝන් යනු කෘත්‍රිමව නිර්මාණය කරන ලද නූලෙන් තැනූ රෙදි වර්ගයක් වේ. මෙම නිෂ්පාදන ක්‍රියාවලියේදී ඊට විවිධ වූ රසායනික ද්‍රව්‍ය, ඩයි වර්ග ආදිය යොදනු ලබයි. නමුත් මේවා යම් කෙනෙකුට ස්පර්ශ වීම මගින් හෝ නිතර ඇඳීම හේතුවෙන් අසාත්මික වීමේ හැකියාවක් ද තිබිය හැකි වේ.

වියළි සමක් ඇති අයට වැඩි අවදානමක්

වියළි සමක් ඇති අයගේ සම මතුපිට උෂ්ණත්වය ඉක්මනින් ඉහළ යෑමේ ස්වභාවයක් සහිතය. මෙවැනි පරිසරයක් සහිත විටදී සමේ රෝගයක් වන, ,එක්සීමා, වැනි තත්ත්වයක් ඔවුන්ට පහසුවෙන් හටගත හැකිය. එබැවින් මෙවැනි තත්ත්වයක් සහිත පුද්ගලයින්ට හැමවිටම සුදුසු වවන්නේ කපු ඇඳුම් භාවිතා කිරීමයි.

පාසලට වැඩට යද්දී….

නයිලෝන් වෙනුවට කපුවෙන් නිමකළ යට ඇඳුම් වඩාත් සුදුසු වේ. කපු ඇඳුම් මගින් ඉතාමත් හොඳින් දහදිය උරා ගැනීමක් සිදුවන බැවින් ඉහත ආකාරයේ අපහසුතා හෝ සංකූලතා ඉන් ඇති නොවේ.

නයිලෝන් ඇඳුම් අසාත්මික වුණොත්

සමහරවිට පුද්ගලයකුට නයිලෝන් ඇඳුමක් අසාත්මික බවක් ඇති කළ හැකිය. මෙවැනි අවස්ථාවකදී ශරීරයෙන් ඊට යම් ප්‍රතික්‍රියාවක් දැක්විය හැකි වේ. පළමු වතාවේ මෙය එතරම් වර්ධනීය තත්ත්වයක් පෙන්නුම් නොකළත්,

නැවත නැවත මෙවැනි තත්ත්වයන් ඇති වීමේදී එම ප්‍රතික්‍රියාව වඩා බරපතල විය හැකිය. මෙමගින් ඇතිවන ආසාදන, අසාත්මිකතා, ජීවිත නැති කිරීමට තරම් බරපතල තත්ත්වයෙන් ඇති නොකරන නමුත් එවැනි තත්ත්ව වළක්වා ගැනීම සුව දිවියට හේතු වෙයි.

අසාත්මිකතා මෙසේ හඳුනාගන්න

කැසීමක්, බිබිලි දැමීමක්, රතු වීමක් මෙහිදී දිස්විය හැකියි.

හඳුනාගත් තත්ත්වය අනුව සමේ ඇති වූ ආසාදිත තත්ත්වයට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යය. නිවැරදිව නිසිලෙස නොකඩවා ප්‍රතිකාර කිරීමෙන් මෙවැනි ආසාදනයන් සම්පූර්ණයෙන් සුවකළ හැකියි.

නමුත් ඉන් පසුව ඒ අසාත්මික වූ ඇඟලුම් නැවත නැවත ඇඳීම සිදු නොකළ යුතුය. එසේ වූ විටදී පෙරදී සඳහන් කළ ආකාරයෙන් ඇතිවන ප්‍රතික්‍රියාව බරපතල විය හැකි වේ. ඒ අනුව ශ්‍රී ලංකාව වැනි රටක වෙසෙන අපට විශේෂයෙන්ම අපගේ යට ඇඳුම් කපු රෙදි වලින් සැකසූ ඒවා වීම වඩාත් සුදුසු ය.

සමුද්‍රිකා වර්ණකුල

NO COMMENTS

LEAVE A REPLY