How to Get Your Ex Back Permanently – 5 Step Plan

How to Get Your Ex Back Permanently – 5 Step Plan

214
0
SHARE
How to Get Your Ex Back Permanently
How to Get Your Ex Back Permanently

ඔබව දාලා ගිහිපු පෙම්වතා / පෙම්වතියගේ ආදරය නැවත ඔබේ ජීවිතේට ඉතාම පහසුවෙන් ලබා ගන්න හැටි

අද විශ්ම ලෝකයෙන් කතා කරන්න යන්නේ ආදරය සමබන්ධ අපේ තරුණ තරුනියෝන්ට ගොඩක් වැදගත් වෙන ටිකක් වෙනස්ම මාතෘකාවක්. කොහොමද ඔබේ හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය නැවත ඔබේ ජිවිතයට ගෙන්න ගන්නේ. ආදර සම්බන්දතාවයක් බිද වැටුනම අගතියට පත් වෙච්ච පාර්ශ්වය නැතිනම් අපි සිංහලෙන්ම කිව්වොත් බුට් එක කාපු කෙනා ගොඩක් දුකට පත් වෙනවා. තමාව දාලා ගිහිපු පෙම්වතාව හෝ පෙම්වතියව කොහොමහරි නැවතත් ලබා ගන්න ඔවුන් මේ වේලාවට නොකරන දෙයක් නෑ. බය වෙන්න එපා අද විශ්ම ලෝකයෙන් ඔබට කියල දෙන්නම් කොහොමද එක ලේසියෙන්ම කරන්නේ කියලා. මෙහිදී ඔබ හොදින් මතක තියා ගත යුතු දෙයක් තියෙනවා. ඔයාව දාලා ගිහිපු පෙම්වතා හෝ පෙම්වතියව නැවත ඔබේ කර ගන්න ලේසියි. අමාරුම වැඩේ තමයි නැවත වතාවක් ඔවුන් ඔබව දාලා යන්නේ නැති වෙන්න හොදින් රැක බලා ගන්න එක.

 
ඔහු හෝ ඇය ඔබව දාලා ගියපු වෙලේ ඉදන් එක දිගටම නැවතත් ඔබේ ජිවිතයට එන ලෙස ඇවිටිලි කරන්න එපා
 
         මෙය තමයි ඔබ මතක තබා ගත යුතු වැදගත්ම කරුණ හා ගොඩක් දෙනා කරන දරුණුතම වැරැද්ද. ලව් එක නවත්තපු වෙලේ ඉදන් කෙටි පණිවිඩ , දුරකථන ඇමතුම් , අසීමිතව ලබා දීම , පසුපස ගොස් ඇවිටිලි කිරීම වගේ දේවල් ටික දවසක් යනකම් කරන්නම එපා. මෙහෙම කරන්න ගියාම බුට් එක දුන්නු කෙනා හිතන්න ගන්නවා ඔයාට එයාව නැතිව ජිවත් වෙන්න බෑ කියලා. එකෙන් වෙන්නේ ඔහු හෝ ඇය තවත් ගණන් උස්සන එක. මේ වගේ දේවල් නිසා වෙන්නේ ඔහු හෝ ඇය තවත් ඔබේ ජීවිතෙන් ඈත් වෙන්න ගන්න එක. ඒ වගේම ඔබ බොන්න යන වෙලාවට ගොඩක් පරිස්සම් වෙන්න. මොකද ගොඩක් කට්ටිය බීලා හොදටම බඩු උනාම තමුන්ව දාලා ගිහිපු කෙල්ලට කෝල් අරගෙන බොහොම මෝඩ විදියට කතා කරන්න ගන්නවා. එක නිසා හිතේ අමාරුවට බොන්න යනවා නම් හොද යාලුවෙක් එක්ක යන්න ඔබේ එවැනි මෝඩ ක්‍රියා නතර කරන්න පුළුවන්
 
තමුන් ගැන දුක හිතෙන කතා කියලා නැවත ආදරය ඇයදින්න එපා 
 

තමුන් ගැන අනුකම්පාව ඇති කරන දුක හිතෙන දේවල් මාර්ගයෙන් නැවත ආදරය හිගා කන්න ඔබ සුදානම් වෙනවා නම් වහාම ඒ අදහස හිතින් අයින් කර ගන්න. දුක විකුනලා ඔයාව දාලා ගිය පෙම්වතිය හෝ පෙම්වතාව ආයෙමත් යාලු කර ගන්න පුළුවන් දැනට මේ ලෝකේ කැඩුණු ලව් සේරම ආයේ හරි ගිහිල්ලා තියෙන්න ඕනේ. ඔබ ආදරය කරන කෙනා ඔබව දාලා යනවා කියන තීරණය ගන්න කොටම ඔබගේ ඔය වගේ හැසිරීම් වලටත් සුදානම් වෙලයි ඉන්නේ. ඒ නිසා ආදරය නැවත නැවත පස්සෙන් ගොස් හිගා කෑමෙන් වෙන්නේ ඔහු හෝ ඇය ඉදිරියේ ඔබ විසින්ම ඔබව දුර්වල අනාරක්ෂිත පුද්ගලයෙකු බවට පත්කරගැනීම පමනයි.

තමුන් තරම් ඔහුට හෝ ඇයට ආදරය කරන කෙනෙක් මේ ලෝකේ නැති බව පෙන්වීමට උත්සාහ කරන්න එපා

සමහරු හිතනවා තමුන්ව දාලා ගිහිපු කොල්ලට හෝ කෙල්ලට තමුන් තරම් ආදරේ කරන කෙනෙක් මේ ලෝකේ නැති බව ඇගවීමට විවිධ වැඩ කරාම නැවත ඔවුන් ජීවිතේට ඒවි කියලා. නෑ ඔයා එහෙම හිත ගෙන ඉන්නවා නම් එක වැරදියි. ඔවුන් දන්නවා ඔබ එහෙම කරනවා කියලා. නමුත් එහෙම දැන ගෙන ඉදලත් ඔවුන් ඔබව දාලා ගියේ ඔයාගේ වෙන ලොකු වැරද්දක් නිසා. ඒ නිසා ඔයා ඒ වැරැද්ද හදා ගන්නේ නැතුව අඩුම ගානේ මොකක්ද මගේ අතින් උනු වැරැද්ද කියලා අදහසක් වත් නැතිව ලොකුවට ආදරෙයි කියලා පෙන්නන්න ගියොත් වෙන්නේ දාලා ගිහිපු කෙනාට තමුන්ව ජිවිතේ ලොකු උගුලකට අහු වෙන්න යනවා වගේ දැනෙන එක. ඒ වගේම අපේ ගොඩක් දෙනා කරන ලොකු වැරද්දක් තමයි දාලා ගිහිපු කෙනාව නැවත ජීවිතේට ගෙන්න ගන්න කියලා ඔහු හෝ ඇය කියන හැමදේටම එකග වෙන්න එපා. මොකද ඒ වෙලාවේ හිතේ වැඩ කරන්නේ කොහොමහරි බුට් එක තියපු කොල්ලව හරි කෙල්ලව ආයේ යාලු කර ගන්න එකනේ. එත් කියන කියන එකට හා හා කියන ඔයා අන්තිමට නිකන් බිමට දාන පාපිස්සක් තත්වයට පත් වෙනවා. ඒ වගේම කියන කියන දේට ඔලුව වනන කෙනෙකුට ඔහුගේ සහකරු හෝ සහකාරිය ඒ තරම් ලොකු ගරුත්වයක් දක්වන්නේ නෑ.

ඔයාව දාලා ගිහිපු කෙනා වෙන කෙල්ලෙක් හෝ කොල්ලෙක් එක්ක වැඩිපුර එකට ඉන්නව දැක්කොත් පොඩ්ඩක් වත් කලබල වෙන්න එපා

විශ්ම ලෝකයෙන් මෙහෙම කිව්වට මේක තමයි ඉතින් කරන්න අමාරුම වැඩේ නේද? නමුත් ඔබ මෙහි සැගවී ඇති සැබෑ අර්ථය තේරුම් ගත්තොත් මෙහෙම දෙයක් උනා කියල පොඩ්ඩක් වත් කලබල වෙන එකක් නෑ. ඇත්තටම මොන යම් හේතුවක් නිසා හෝ ආදරයක් නිමා කරලා ඒ සමගම පටන් ගන්න මේ වගේ සම්බන්දතා ගොඩක් තාවකාලිකයි. ඒ නිසා නිකන් බොරුවට කලබල වෙලා තමුන්ව දාලා ගියපු කෙනා දැන් මේ කතා කරන අලුත් කොල්ලට කෙල්ලට කෝල් එහෙම දීලා කොහෙවත් ඉන්න කබ්බෝ ෆෝම් කරන්න යන්න එපා. ඒ වෙනුවට ඔබ සතුටු වෙන්න. මොකද ඔබට බුට් එක දීපු කෙනා වෙන කෙනෙක් එක්ක එකපාරටම මේ සම්බන්දතාවයක් පවත්වන්නේ ඔබ ලබාදුන් පිවිතුරු ආදරයේ අඩුව වසා ගන්නට විය හැකියි. ඔබ ලබා දුන් දයාව සෙනෙහස රැකවරණය නොමැතිව ජිවිතේ දැවැන්ත පාලු ගතියක් දැනෙන නිසා විය හැකියි. ඒ දේ මේ ඇසුරු කරන අලුත් කොල්ලගෙන් හෝ කෙල්ලගේ කවදාවත් ලබා ගන්න බෑ කියල තේරෙන කොට නැවත ඔබට සතුටු දායක දුරකථන ඇමතුමක් ඉක්මනින්ම ලැබේවි. මේ තත්වය පැහැදිලි කරන්න මන් ඔබට අපුරු උදාහරණයක් කියන්නම්කො. මේක නිකන් හරියට ලොකු ප්‍රශ්නයක් ආවම හිතට එන පිඩනයට සිකරට් එකක් පත්තු කරල බොනවා වගේ වැඩක්. සිකරට් බොන එක සෞඛ්‍යට හානි කරන ප්‍රශ්නේට කවදාවත් ස්ථිර විසදුමක් නොලැඛෙන දෙයක් බව දැන දැනත් සිකරට් එක බොන්නේ පොඩි තාවකාලික සහනයක් ලබා ගන්න පමණයි.

දවස් 30ක් යනකම් ඇයගේ ජීවිතෙන් ඔබ සැගවෙන්න

ගොඩක් දෙනා හිතන්නේ ඔවුන්ව දාලා ගිහිපු පෙම්වතාට හෝ පෙම්වතිය නොපෙනෙන්න හිටියම ඔවුන්ට ඔබව ඉක්මනින් අමතක වේවි කියලා. මේ නිසාම තමයි ගොඩක් දෙනා බයවෙලා අපි ඔය ඉහතින් කතා කරපු සියලුම වැරදි ටික හරි හරියට කරන්නේ. නමුත් එක සම්පුර්ණයෙන්ම වැරදි මතයක්. ලව් එක කැඩිලා දවස් 30 ක් යනකම් ඒ කෙනාට පේන්නවත් ඔබ ඉන්න එපා. මේක තමයි නියම ඛෙහෙත. ඔබව පෙන්න නැති උනාම ඔබ ගැන ආරංචියක් නැති උනාම තමයි ඔයාව දාලා ගියපු කෙනාට ඔබ ගැන වැඩි වැඩියෙන් මතක් වෙන්නේ. ඒ වගේම මේ කාලය අවසන් වන විට ඔබ සතුටින් ජිවත් වෙන කෙනෙක් ලෙස සමාජයේ ඇයට පෙන්න ගැවසිය යුතුයි. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ භද ක‍දබඒජඑ ඡැරසදා කියලා. මේ කාලේ ඇතුලත් ඇයව හෝ ඔහුව අහිමි වෙන කිසිම දෙයක් ඔබට වෙන්නේ නෑ. කිසි දෙකට බය වෙන්න එපා. ඔබව නොදකින හැම තත්පරයක්ම ඇගේ හිතේ ලොකු ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරාවි.

NO COMMENTS

LEAVE A REPLY