පියුමි දේශපලන පෙම්වතා ගැන් හෙලි කරයි. ලගදිම එකම වහලක් යටට. Piumi Botheju...

පියුමි දේශපලන පෙම්වතා ගැන් හෙලි කරයි. ලගදිම එකම වහලක් යටට. Piumi Botheju Boyfriend

577
0
SHARE
piumi botheju new boyfriend or husband

පියුමි පෙම්වතියක් කියන්නේ ඇත්තද…?

ඔව්නේ…

ඒ පෙම්වතා දේශපාලනඥයෙක් කියන්නේ ඇත්තද…?

ඒ කතාවත් ඇත්ත.

ඇමැතිවරයෙක්ද මන්ත‍්‍රිවරයෙක්ද?

නාගරික මන්ත‍්‍රිවරයෙක්.

ප‍්‍රහේලිකා පුරවන්නේ නැතිව නම ගම විස්තර කියනවද…?

දැන්ම බැහැ නේද…? නම ගම විතරක් රහසක් විදියට තව ටික දවසක් තියාගමු.

නිළියකට දේශපාලන හයියත් හරි වැදගත්ලූ‍. ඒකද පියුමිට නාගරික මන්ත‍්‍රි කෙනෙක්ට හිත ගියේ…?

කොහොමත්ම නෑ. ඇත්තටම මට වැදගත් වුණේ එයාව. දේශපාලන හයිය අවශ්‍යයි නම් නාගරික මන්ත‍්‍රි කෙනෙක් තෝරා ගන්නේ නෑනේ. රස්සාවවත් වත්පොහොසත්කමවත් නෙවෙයි මට ගැළපෙන හොඳම කෙනා ඔහු කියලා හිතුණා. අනිත් එක එයාව පුංචි කාලේ ඉදලම මම දන්නවා

දෙන්නා එක වහලක් යටට යන්නේ කවදද…?

ළඟදීම. තවත් පරක්කු කරන්න හේතුවක් නැහැනේ. මේ දවස්වල මංගල්‍යයේ වැඩ කටයුතුවලට මහන්සි වෙනවා.

අනාගතයේ දේශපාලනයට එන්න හිතාගෙන සමහරු නිළියන්ව බිරියන් කර ගන්නවා. පියුමිට සිද්ධ වුණෙත් ඒකද?

එයා දේශපාලනයට සම්බන්ධ වුණේ අපි අතර සම්බන්ධයක් ඇති වෙන්නත් කලින්. අනිත් එක මගේ නිළිකම එයාට වාසියක් නම් වැඩිපුර වැඩ කරන්න මාව උනන්දු කරවන්න ඕනෑනේ. ඒත් දැන් මම ඉස්සර තරම්වත් වැඩ කරන්නෙ නෑනේ.

ඒ කියන්නේ ඔබ රඟපානවට ඔහු කැමැති නැද්ද?

එයාගෙ අකැමැත්තක් නෑ. ඒත් මං හිතුවා ඕනෑවට වඩා කාර්යබහුල වෙනවට වඩා අඩුවෙන් රඟපාන්න. ඒකෙන් අදහස් වෙන්නේ නෑ මම රංගනයෙන් සමුගත්තා කියලා. මම රඟපානවා. ඒත් වෙනදාට වඩා අඩුවෙන්.

අනාගත සැමියගේ බලාපොරොත්තුව පාර්ලිමේන්තුවේ පුටුවක අසුන් ගන්නද?

එයාගෙ තාත්තත් දේශපාලනයට සම්බන්ධ කෙනෙක්. දැන් ජීවතුන් අතර නෑ. තාත්තට වගේ පුතාටත් දේශපාලන ගමනේ අරමුණු ඇති. එහෙම නැති වෙන්න බෑනේ. ඔහු සමාජ සේවා කටයුතුවලට හුඟක් ළැදියි. එයාගෙ අරමුණු වෙනුවෙන් මමත් බිරියක් විදියට මට පුළුවන් සහයෝගය ලබාදෙනවා.

පියුමිට දේශපාලන දැනුම තියෙනවාද?

රටේ දේශපාලන වාතාවරණය ගැන අවබෝධයක් තිබුණට මම දේශපාලනය හදාරලා නෑ. අනාගතයේ මගේ සැමියට සහාය දෙන්න මට දේශපාලන දැනුම ඕනෙ නෑනේ. එයා ගැන එයාගෙ රැුකියාව ගැන අවබෝධයක් තිබීම ප‍්‍රමාණවත්නේ. මොකද සැමියා නිසාවත් දේශපාලනයට එන්න මගේ අදහසක් නෑ.

විවාහයට දෙපාර්ශ්වයෙන්ම ආශීර්වාදය ලැබිලද තියෙන්නේ? ඔව්. අපේ කැමැත්තට මවුපියන්ගේ ආශීර්වාදය ලැබුණා.

රංගනය පැත්තෙන් මේ දවස්වල මොකද වෙන්නේ…?

විවාහ මංගල්‍යයේ කටයුතු නිසා මේ දවස්වල ටිකක් වැඩ අඩු කළා. ‘ස්නේහා‘ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍යයක් වෙනුවෙන් මේ දිනවල කෙට්ටු වෙන්න වෙහෙසෙනවා. මොකද ඒ නාට්‍යයේ තිර රචිකාවට මාව මහත වැඩිලූ‍.

එහෙනම් නොකා නොබී ව්‍යායාම් කරනවා ඇති…?

අම්මෝ… නොකා නොබී නම් ඉන්නෙ නෑ… මම ගැන දන්න ඕන කෙනෙක් දන්නවා පියුමි කියන්නේ හොඳට කන කෙනෙක් කියලා. හැබැයි පැණි රස කෑම නම් අඩු කළා. මම ජිම් නම් යන්නේ නෑ. ඒක මට කරන්න බැරි වැඩක්. හැබැයි ඇවිදිනවා. මමත් ඒ පිටපතට කැමැති නිසා ටිකක් කෙට්ටු වෙන්න හිතුවා.

මොකක්ද ඒ ටෙලි නාට්‍යය?

සඳකිඳුරු. බුද්ධිනි ජයවර්ධන තමයි තිර පිටපත ලියන්නේ

රංජා චිත‍්‍රපටයේ ස්වර්ණා අක්කා නිසා ඔබට අසීමිත ප‍්‍රතිචාර ලැබුණා. ඒ වගේ චරිතවලට ආයෙ ආරාධනා ලැබුණේ නැද්ද…?

තාම නෑ… පබා නාට්‍යයේ හිමාලිත්, ස්වර්ණා අක්කා වගේම මට ලොකු ජනප‍්‍රියත්වයක් ලැබුණු ලොකු චරිතයක්. ඊට පස්සේ ඒ වගේ චරිත නොකළා කියලා ඒ ජනප‍්‍රියත්වය අඩු වුණේ නෑනේ. එකම විදිහේ චරිත නොකළාට ස්වර්ණා අක්කත් ඒ වගේම පේ‍්‍රක්ෂකයන්ට මතකහිටින චරිතයක් වෙයි කියලා හිතනවා.

චිත‍්‍රපටයකට ළඟකදී දායක වුණේ නැද්ද?

අපේ යාළු මාළු චිත‍්‍රපටයත් ප‍්‍රදර්ශනය වුණානේ. තව චිත‍්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. තාම සාකච්ඡුා මට්ටමින් තියෙන්නේ.

හිමේෂා සවන්තී රාජපක්ෂ

NO COMMENTS

LEAVE A REPLY