තාත්තා අන්තිම කැමති පත්‍රයෙන් සින්දුවල අයිතිය මට දීලා තියෙන්නේ – ‍ප්‍රෙඩීගේ බාල...

තාත්තා අන්තිම කැමති පත්‍රයෙන් සින්දුවල අයිතිය මට දීලා තියෙන්නේ – ‍ප්‍රෙඩීගේ බාල පුතා හෙළිකරයි – Raja Malige Song Owner Issue Over

64
0
SHARE
raja-malige-song-owner-issue-over

‘‘රාජමාලිගේ ගීතය රෙඩ් කීවාට කිසි ප්‍රශ්නයක් නෑ‘‘

මේ වන විට බොහෝ පිරිසක් අතර ජනප්‍රියත්වයට පත්ව ඇති ‘‘රාජ මාලිගේ‘‘ ගීතය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවුනේ එම ගීතයේ අයිතිය පිළිබඳව ප්‍රශ්නයක් හටගැනීම නිසාවෙනුයි.

ගීතයේ අයිතිය හිමිවන්නේ සිය පියාට බව කියමින් නැසීගිය ප්‍රවීන ගායන ශිල්පී ප්‍රඩී සිල්වාගේ දියණිය අධිකරණයට යන බවට පවසා සිටියා. කෙසේ නමුත් රාජ මාලිගේ ගීතය ගායනා කල රෙඩ් පවසා සිටියේ එම ගීතය ඔහුගේ සීයා විසින් ගායනා කළ එකක් බවයි.

කෙසේ නමුත් මේ වන විට ගීතය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර තිබූ පටලැවිල්ල අවසන් වී තිබෙනවා. ඒ ගීතයේ අයිතිය තමාට පියා විසින් පවරා දී ඇති බවට ප්‍රඩී සිල්වා මහතාගේ බාල පුතා වන ප්‍රගීත් සිල්වා විසින් පැවසීමත් සමඟයි.

ඔහු පවසා සිටියේ රෙඩ් විසින් නවමුආරකින් ගීතය ගායනා කිරීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවයි. පියාගේ අන්තිම කැමති පත්‍රයේ ඔහු ගායනා කළ ගීතයන්හි අයිතිය නීත්‍යානුකූලව තමන්ට පවරා ඇති බවත් අප කළ විමසීමේදී ඔහු පවසා සිටියා. ප්‍රගීත් විසින්ද මෙම ගීතය සිය පියාගේ බව දැනගත්තේ රෙඩ් විසින් ගායනා කළ පසුව බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

ප්‍රශ්නය – රෙඩ් ‘‘රාජමාලිගේ ගීතය ගායනා කළාට ප්‍රශ්නයක් නැද්ද ?
පිළිතුර – රෙඩ් හොඳ ලස්සනට ගීතය ගායනා කරනවා, ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ, ඒ සම්බන්ධයෙන් මගේ කිසි විරුද්ධත්වයක් නෑ.

ප්‍රශ්නය – ඔබ මේ ගීතය ගැන දැනගෙන හිටියද ?
පිළිතුර – ඇත්තෙන්ම මම ඔය ගීතය ගැන දැනගත්තේ රෙඩ් සින්දුව කීවට පස්සේ

ප්‍රශ්නය – ඔබ හිතනවද රෙඩ් ගීතයට සාධාරණයක් කරලා තියෙනවා කියලා ?
පිළිතුර – ඔව්, ඇත්තටම හොඳ ලස්සනට සින්දුව කරලා තියෙනවා, මේ කාලෙට අවශ්‍ය විදියට ලස්සන කරලා තියෙනවා.

ප්‍රගීත් සමඟින් අප කළ සම්පූර්ණ සංවාදය පහතින් අහන්න….

රෙඩ් ගැයූ රාජමාලිගේ ගීතය පහතින්…

ප්‍රෙඩී ගැයූ රාජමාලිගේ ගීතය පහතින්…

සංවාදය හර්ෂ මෙන්ඩිස්

NO COMMENTS

LEAVE A REPLY