පෙම්වතා සිටියදීත් තහනම් සුව සොයා ගිය ස්ත්‍රී සමලිංගික ආදරයක් ඝාතනයකින් අවසන් වූ...

පෙම්වතා සිටියදීත් තහනම් සුව සොයා ගිය ස්ත්‍රී සමලිංගික ආදරයක් ඝාතනයකින් අවසන් වූ හැටි – වීඩියෝ

224
0
SHARE
Samanata Shrestha and boyfriend Scott Masselli
Samanata Shrestha and boyfriend Scott Masselli

ස්ත්‍රී සමලිංගික ආදරයක් මරණයෙන් කෙළවර වුණු අවාසනාවන්ත සිදුවීමක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා. 24 හැවිරිදි ජෙසිකා සහ 21 හැවිරිදි සමන්තා වර්ජිනියාහි වෛද්‍ය සිසුවියන්.

දිගු කලක් ගෙවී ගිය මිතුදම අතර තුර ජෙසිකාගේ සිතේ සමන්තා පිළිබඳ ආදරයක් ඇතිවෙන්නේ නොදැනුවත්වම. දිනක් ජෙසිකා තම මිතුරිය සිපගත් නමුත් සමන්තා එය සමලිංගික ආදරයක ආරම්භය යැයි සිතුවේ නෑ.

මේ අතර ජෙසිකාගේ සිතේ සමන්තා ගැන ඇතිවූ ආදරය දිනෙන් දින වැඩි දියුණු වූ අතර පෙම්වතෙකු සිටි සමන්තාට සමලිංගික ආදරයක අත්‍යවශ්‍යතාවයක් තිබී නෑ. සමලිංගිකත්වය පිළිබඳ සමන්තාට තිබුනේ කුතුහලයක් පමණයි. කුතුහලය නිසාම දිනෙක අත්හදා බැලීමේ උවමනාව ඇයට තිබුනා.

දිනක් සමන්තා ඇගේ යෙහෙළියට රාත්‍රී කෑම වේලකට ආරාධනා කරන අතර ජෙසිකා සිතන්නේ එය පෙම්වතියන් දෙදෙනෙකුගේ පළමු හමුවීම ලෙසින්. නමුත් මෙම හමුවීම දෙදෙනාගේම ජිවිත විනාශ කිරීමට සමත් වන්නේ අවාසනාවන්ත ආකාරයෙන්.

තමා වඩාත් ආදරය කරන සමන්තාට මෙම සම්බන්දය නිකන්ම නිකන් අත්හදා බැලීමක් පමණක් බව තේරුම් ගත් ජෙසිකා වියරු වැටුණු අතර ඇගේ දෑත් සමන්තාගේ ගෙල සිරකලේ ඇගේ අවසන් හුස්ම පොද වාතලයට මසු කරමින්.

පසුව ජෙසිකා තම මිතුරෙකු වන කෙයිෆර් බ්‍රව්න් ගේ උපකාර ඇතුව සමන්තාගේ සිරුර ඇගේ රථයත් සමගම සඟවන ලද නමුත් නීතියෙන් ගැලවීමට ඇයට හැකිවන්නේ නෑ. වර්ජිනියා අධිකරණය ඇයට වසර 80ක සිර දඬුවමක් සහ ඇගේ මිතුරාට වසරක සිර දඬුවමක් ලබා දුන් බව මාධ්‍ය සඳහන් කරනවා.

සමන්තා සිය පෙම්වතා සමඟින්..

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

 

Samanata Shrestha and boyfriend Scott Masselli

NO COMMENTS

LEAVE A REPLY