Get Rid Of Kidney Stones Naturally By Using This Drink

Get Rid Of Kidney Stones Naturally By Using This Drink

434
0
SHARE
Get Rid Of Kidney Stones Naturally By Using This Drink
Get Rid Of Kidney Stones Naturally By Using This Drink

මෙය පානය කල විට වකුගඩු ගල් කිසිදු වේදනාවකින් තොරව ඉවතට ගත හැකියි

වකුගඩු කියන්නේ අපේ ශරීරයේ තියෙන ඉතාම වැදගත් කාර්ය භාරයක් ඉටුකරන ඉන්ද්‍රියක්. එහි ප්‍රධානම කාර්යය වන්නේ ශරීරයේ අපද්‍රව්‍ය හා අමතර තරල සියල්ල මුත්‍රා බවට පරිවර්තනය කරලා ශරීරයෙන්ඉවත් කිරීමයි. අප ශරීරයේ වකුගඩු යුගලය මගින් පැය 24ක් තුල රුධිරය ලීටර් 120 ත් 150 ත් අතර ප්‍රමාණයක් පෙරීම සිදු කරන අතර එමගින් පෙරා ඉවත් කරන අපද්‍රව්‍ය කොටස මුත්‍රා ලීටර් 1-2ක් අතර අගයක් ගන්නවා.

වකුගඩු මගින් මිනිස් සිරුර තුල අඩංගු ඉලෙක්ට්රොලයිට විධමත් හා ස්ථායි කරනවා. සෝඩියම් පොස්පේට් හා පොටෑසියම් වගේ ඉලෙක්ට්රොලයිට මගින් රුධිර පීඩනය විධිමත්ව පවත්වා ගැනීමට උදව් වෙනවා. ඒ වගේම අස්ථි ශක්තිමත් කරන හොමොර්න නිපදවීමට හා සෑම මොහොතකම ජිවය අවසන් වී යන රතු රුධිරාණු ෙසෙල යලි උත්පාදනය කිරිමට අවශ්‍ය සහයෝගය මෙම ඉලෙක්ට්රොලයිට මගින් ලබා දෙනවා. ඉතින් මේ දේවල් සියල්ල හොදින් කෙරෙන්න නම් ඔබට නිරෝගී වකුගඩු දෙකක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා∙

වකුගඩු ඇතුලේ කැල්සියම් එකතු වීම නිසා පාෂණ වගේ ඝන ස්කන්ධයන් හට ගන්න පටන් ගන්නවා. ඒවා ගල් වැනි දැඩි ස්වභාවයකට පත්වීම නිසා වකුගඩු යන නමින් තමයි හදුන්වන්නේ. මෙම තත්වයට පත් වුන කෙනෙක් වකුගඩු ගල් නිසා විදින්නේ අපමණ වේදනාවක්. අද විශ්ම ලෝකයෙන් ඔබව දැනුවත් කරන්නේ පිඩා කාරී වකුගඩු ගල් කිසිදු වේදනාවක් නැතුව ඉවත් කර ගන්න පුළුවන් බලසම්පන්න ස්වාභාවික ඖෂධයක් ගැන

මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ,

පාස්ලි හෝ කොත්තමල්ලි කොළ මිටක්
පිරිසිඳු පානීය ජලය

සකස් කර ගන්නා ආකාරය

මුලින්ම පාස්ලි හෝ කොත්තමල්ලි කොළ මිටක් හොඳින් සෝදා පිරිසිඳු කර ගන්න ඕනේ

ඉන්පසුව එම කොළ මිට කුඩා කැබලි වලට කපා ගෙන මුට්ටියකට දමා ගන්න

දැන් එම මුට්ටියට පිරිසිඳු වතුර ඇති තරම් එකතුකොට මිනිත්තු 10ක් පමණ හොඳින් තම්බා ගන්න.

ගින්දර නිවා දමා සිසිල් වෙන්නට හරින්න.

සිසිල් වු පසු මෙම මිශ්‍රනය පෙරනයක් ආධාරයෙන් පෙරාගෙන වීදුරු බෝතලයක දමා ශීතකරණයේ තැන්පත් කරන්න.

භාවිතා කරන අකාරය

දිනපතා මින් එක් වීදුරුවක් පානය කිරීම විතරයි ඔබ කල යුත්තේ. කිසිදු වේදනාවක් නොමැතිව වකුගඩු ගල් ඉවත් වී යන ආකාරය ඔබට අත් විදින්නට හැකි වේවි

මතක තබා ගත යුතු වැදගත් කරුණු

ඔබට වකුගඩු වල ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගෙන යාමට අවශ්‍ය නම් මෙය පානය කරන අතරතුර වැඩිපුර ජලය පානය කිරීමටද මතක තබාගන්න. එවිට ඔබේ ශරීරයේ ඇති අමතර විෂ ද්‍රව්‍ය සහ ලවන මුත්‍රා හරහා පිටව යාවි. ඔබට ජය

 

NO COMMENTS

LEAVE A REPLY